කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතා පිළිබඳව පසුගිය දිනවල නොයෙකුත් කට කතා පැතිර යමින් තිබුණා.

මේ සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා දක්වා තිබුණේ මෙවැනි අදහසක්. ජැක්සන් ඇන්තනී මහතාගේ ජීවිතය මේ මට්ටමින් හෝ පවතින්නේ යන්ත්‍ර ආධාරයෙන් බවත් රෝගියකු සම්බන්ධයෙන් ඇතැම් කරුණු වෛද්‍ය ආචාර ධර්ම මත මාධ්‍ය ඔස්සේ පැහැදිලි කළ නොහැකි බවත් ඔහු පවසා සිටියා.

ජාතික රෝහලේ දී කරන ලද දෙවැනි සැත්කමේදී වෛද්‍යවරුන් අතින් යම් අතපසුවීමක් සිදු වූවා නම් එය බරපතළ අපරාධයක් බවත් නමුත් එලෙස කිසිදු දෙයක් තමන්ට වාර්තා වී නැති බවත් ඒ සම්බන්ධයෙන් ඕනෑම කෙනෙකුට පැමිණිල්ලක් ගොනු කළ හැකි බවත් එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

මෙවැනි බරපතළ රෝගී තත්ත්වය පසුවන රෝගියෙකු කළමනාකරණය කරන්නේ විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් විසින් බවත් එම වෛද්‍යවරුන් සහ පවුලේ අය සමග සාකච්ඡා කොට රෝගියා පිළිබඳව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවත් කරුණු පැහැදිලි කරමින් ඔහු පවසා සිටියා.

පැරණි පුවත් – 60 විදුහල්පති 23 ටීචට බලෙන් හාදුවක් දීලා

අවුරුද්දට සුභපත්න බැරි වූවා යැයි කියමින් මිනුවන්ගොඩ පෞද්ගලික පාසලක ගුරුවරියක බලහත්කාරයෙන් සිප වැළඳගත්තේ යැයි කියන එම පාසලේ විදුහල්පතිවරයාව අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

කඩවත ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි දෙදරු පියකු වු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලික පාසලේ ඉංග්‍රීසි ඉගැන්වීම් භාරව කටයුතු කරන 23 හැවිරිදි ගුරුවරියක කළ පැමිණිල්ලක් මත සැකකාර විදුහල්පතිවරයාව මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පැමිණිලිකාර ගුරුවරියට විදුහල්පතිවරයා පවරා තිබූ වැඩ කොටස අවසන් කර පිටව යාමට සූදානම් වන අවස්ථාවේ අවුරුද්දට විස් කරන්න බැරි වුණා යැයි කියා සැකකාර විදුහල්පති පැමිණිලිකාර ගුරුවරිය බලාත්කාරයෙන් සිප වැළඳගෙන ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වෙමින් පවතින බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

මෙන්න බලන්න තවත් පුවත්