වර්ෂ 1984දී ලංකාවේ රූ රැජන ලෙස අභිෂේක ලබන ඇන්ජලා, අනතුරුව විවාහක රූ රැජන ලෙසද කිරුළු පලඳිනවා.

ඉන්පසු කලා ක්ෂේත්‍රයට පිවිසෙන ඇන්ජලා සම්මානනීය රංගන ශිල්පිනියක් ලෙස අසීමිත සහෘද රසික පර්ෂදයක ආදරය දිනාගන්නට සමත් වෙනවා.

ද්වී භාෂා පරිචයක් සහිත ඇය ඉංග්‍රීසි නාට්‍ය වේදිකාවේත් ඉංග්‍රීසි පුවත්පත් මාධ්‍යවේදිනියක ලෙසත් කැපී පෙනෙන භූමිකාවක් සලකුණු කළ අතීතයක් තිබුණා.

මේ ඇය මෑතක සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පළ කළ අදහස්…

ඔබ මරණය අභියසට ගිහින් ආපු කෙනෙක් ?

මම ලෑස්ති වෙලා හිටියේ මැරෙන්න. අදටත් අහනවා කොහොමද මූණ දුන්නෙ කියලා. අසනීපම නෙවේ ආර්ථික පවුල් ප්‍රශ්න පවා. ඉස්සරට වඩා දැන් මිනිස්සු මානසිකව වටෙනවා වැඩි..බටහිර රටවල තෙරපි කවුන්සිලින් තියනවා. අපිට ලංකාවේ එහෙම පහසුකම් නෑ. දෙම්ව්පියෝ දරුවන්ව හංඟනව. අපි සහය දිය යුතුයි, ඩිප්‍රෙශන් කියන්නෙ වළක්. අත නොදුන්නොත් එයා එතැනමයි. මට සපෝට් එකක් තිබුණේ නෑ. ඒ වලෙන් තනියම ආවේ. අවුරුදු හතළිහක් මා එක්ක හිටපු යාලුවෝ අදටත් ඉන්නව. ඊයේ පෙරේද මගේ දුව ඇහුවා අම්මි මොකද මෙච්චර ස්කූල් එකට ආදරේ ? මම කිව්වා පොඩි කාලේ මට ආදරේ ලැබුණේ ලැබුණේ මගේ පාසලෙන්.. මට කන්න දුන්නේ ප්‍රින්සිපල්. ළමයි.. දැන් මම ස්කූල් එකට කරන්න පුලුවන් හැමදේම කරනවා…..

ඇයි ඔබ කලින් තිබ්බ කොණ්ඩෙ කැපුවේ..?

කොණ්ඩෙ මම කැපුවා නෙවෙයි. දැන් කටකතා යනවනේ දේශපාලඥයෙක් කැපුවා කියලා. ඒක සම්පූර්ණ බොරු. මම, නම් වශයෙන් කියන්නම් මිසිස් හේමා ප්‍රේමදාස. ඒක සම්පූර්ණයෙන් බොරු. ඇයගේ පුතාව සම්බන්ධ කරලා කට කතා හදලා තිබ්බා අවුරුදු 30ක්.. ඊයේ පෙරේදා තමයි ඇත්තටම කතා කරන්න ලැබුණේ.. ජලනි ප්‍රේමදාස එක්ක එහෙම.. ඒ කාලේ කොණ්ඩේ කැපුවෙ වෙන කෙනෙක් ක්ෂණික කෝපයට. පස්සෙ දනිය ගාවට වැවුණා. මෙ ළඟදි ලෙඩ වුණාට පස්සෙ ආයේ ‌කොණ්ඩෙ කපන්න වුණා..

මෙන්න බලන්න තවත් පුවත්