
චරිතාංග රංගන ශිල්පිනියක් විදියට ප්‍රේක්ෂක ආදරය ඉහලින්ම දිනා ගත්ත ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි වොල්ගා කල්පනී කියන්නේ. ඇය රංගනයෙන් දායක වෙන ‘පාර දිගේ’ ටෙලිනාට්‍යයේ ටුටූ සහ ‘මාණික්කාවත ටෙලිනාට්‍යයේ ඇගේ චරිතය ගුණාදරී චරිතයට ඇයට වැඩි රසික ආකර්ෂණයක් ලැබෙනවා. ඉතින් වොල්ගා කියන්නේ රංගන ජීවිතය හරි අමාරුවෙන් ලබා ගත්ත කෙනෙක්.
ඒ වගේම ඇය රංගන ක්ශේෂ්ත්‍රයට බොහොම ආදරය කරන කෙනෙක්. ඉතින් වොල්ගා කල්පනී දක්ෂ රංගන ශිල්පිනිය පසු ගිය දා සම්මානයකට පාත්‍ර වුණේ ගුණාදරී කියන අන්ධ චරිතය හරහායි. ඉතින් කවුරුත් ආදරය කරන වොල්ගා කල්පනී රංගන ශිල්පිනියගේ පෞද්ගලික ජීවිතය ගැනත් බොහෝ දෙනා දන්නවා. ඇය මේ වන විට විවාහයෙන් වෙන් වෙලා තනිකඩ ජීවිතයක් ගත කරනවා.
ඉතින් වොල්ගා විවාහ වෙලා හිටියේ ක්ශේෂ්ත්‍රයේ ඉන්න දක්ෂ කඩවසම් රංගන ශිල්පියෙක් වන හර්ෂණ බෙත්මගේ සමගයි. ඉතින් වොල්ගා ඇගේ අදහස් මේ විදියටයි එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ. ” මම විවාහ වෙලා හිටියේ මගේ හොදම යාලුවා එක්ක.
හොදම යාලුවන්ට පවුල් කන්න අමාරුයි. මම ඔහු එක්ක කිසිම අමනාපයක් නෑ. නමුත් මම නැවත විවාහ වෙන්න බලාපොරොත්තුවක් නෑ. මම කොන්දේසි විරහිතව ආදරේ කරන කෙනෙක්. ජීවිතේ සමහර අවස්ථාවලදී හිතෙනවා හයියට කවුරුහරි හිටියනම් හොදයි කියලා. ” මේ විදියටයි වොල්ගා කල්පනී රංගන ශිල්පිනිය ඇගේ අදහස් දක්වලා තිබුණේ.
පැරණි පුවත් – අපේ බබාගේ උදේ වරුවෙ වැට ටික කරන්නෙ මම.හවස් වරුවෙ වැඩ ටික කරන්නෙ ඉසුරු – සචිනි නිපුන්සලා
සචිනි නිපුන්සලා කියන්නේ නිවේදිකාවක්, නර්තන ශිල්පිනියක් විදියට කොයි කවුරුත් ආදරය කරන කෙනෙක්. ඉතින් ඇයව ගොඩක් දෙනෙක් හදුන්වන්නේ දෙරනෙ සචිනි කියලයි. ඇය නර්තන ශිල්පිනියක් විදියට ඉතා දක්ෂ නර්තනයන් වල නියැලෙනවා අපි නිරන්තරයෙන් ඇගේ සමාජ මාධ්‍ය හරහා දකිනවා. දෙරණ නාලිකාවේ චැම්පියන් ස්ටාර්ස් වැඩ සටහන පේෂල මාධව සමගින් සචිනි විසින් ඉදිරිපත් කරනවා.
ඒ කොහොම වුණත් සචිනි පසුගිය කාලයේදී උතුම් මව් පදවිය ලැබුවා. ඉතින් ඇයට ලැබෙන්න ඉන්නේ දුවෙක්ද පුතෙක්ද කියලා හැමෝම බලන් හිටියා. ඉතින් සචිනිට ලැබුණේ පුංචි පුතු පැටියෙක්. ඒ අත්දැකීම ගැන මේ විදියටයි සචිනි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.
” මට ගෙදර වැඩ වලට සහ බබාගෙ වැඩ වලට ලොකු සහයෝගයක් ලැබෙනවා ඉසුරුගෙන්. ඉසුරු තමයි පුතාගේ ස්ටයිලිෂ්. මම හැම අමාරුවක්ම කොන්ද රිදෙනවා, බඩ රිදෙනවා කියනවා. ඉසුරු ලොකු සහයෝගයක් ලබා දෙනවා. වෙන හස්බන්ඩ්ස්ලා එහෙම බබාගේ වැඩ වලින් කොටසයිනෙ බාර ගන්නේ. නමුත් ඉසුරු එහෙම නෑ. එයා බබාගේ හැම වැඩකටම සහයෝගය දෙනවා. අපිදෙන්නා වැඩ කරන්නේ බෙදාගෙන.
මම කරන්නේ උදේ වරුව. ඉසුරු හවස් වරුව.’’ මේ විදියටයි සචිනි නිපුන්සලා ඇගේ අදහස් දක්වලා තිබුණේ. ඉතින් ජීවිතයේ වෙනස්ම අත්දැකීමක් ලබන සචිනි මොන තරම් කාර්යබහුල වුණත් දරුවගේ හැම වැඩක්ම ඇගේ අතින්ම කරන්න තමයි ඇය බලාපොරොත්තු වෙන්නේ.