අවුරුද්දට සුභපත්න බැරි වූවා යැයි කියමින් මිනුවන්ගොඩ පෞද්ගලික පාසලක ගුරුවරියක බලහත්කාරයෙන් සිප වැළඳගත්තේ යැයි කියන එම පාසලේ විදුහල්පතිවරයාව අද පස්වරුවේ අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

කඩවත ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි දෙදරු පියකු වු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

එම පුද්ගලික පාසලේ ඉංග්‍රීසි ඉගැන්වීම් භාරව කටයුතු කරන 23 හැවිරිදි ගුරුවරියක කළ පැමිණිල්ලක් මත සැකකාර විදුහල්පතිවරයාව මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පැමිණිලිකාර ගුරුවරියට විදුහල්පතිවරයා පවරා තිබූ වැඩ කොටස අවසන් කර පිටව යාමට සූදානම් වන අවස්ථාවේ අවුරුද්දට විස් කරන්න බැරි වුණා යැයි කියා සැකකාර විදුහල්පති පැමිණිලිකාර ගුරුවරිය බලාත්කාරයෙන් සිප වැළඳගෙන ඇති බවට පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වෙමින් පවතින බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

පැරණි පුවත් – 26 හැවිරිදි සුරූපී නිළිය අබිරහස් ලෙස මිය යයි

සුරූපී රංගන ශිල්පිනියක් ලෙස බොහෝ දෙනා අතර ජනප්‍රිය වූ නිරූපන ශිල්පිනියක් අභිරහස් ලෙස මියගොස් ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ Jung Chae-yul.Jung Chae-yul දකුණු කොරියානු ජනප්‍රිය රංගන ශිල්පිනියකි.

ඇය මියයනවිට 26 හැවිරිදි වියේ පසුවිය.Jung Chae-yulගේ මරණයට හේතුව මෙතෙක් නිශ්චිතව වාර්තා කර නොමැත.

ඇයගේ නිවසේ තිබී Jung Chae-yulගේ මළ සිරුර සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

ඇයගේ කළමනාකරණ ඒජන්සිය ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. එහි මෙසේ සදහන් වෙනවා.

අද අපි ශෝකජනක සහ හද කම්පා කරවන පුවතක් ප්‍රචාරය කරන්නෙමු. නිළි Jung Chae-Yul 2023 අප්‍රේල් 11 වෙනිදා අප හැර ගියා. ඇයගේ වියෝවෙන් වෙන කාටත් වඩා දුක් වෙන්නේ ඇයගේ පවුලේ අයයි. ඇයගේ අවසන් කටයුතු නිහඩව පවුලේ අයගේ පමණක් සහබාගිත්වයෙන් සිදු කිරීමට ඔවුන් සැලසුම් කර තිබෙනවා.Jung Chae-yul හොද තැනක සමාදානයේ සැතපේවා යි අපි විශ්වාස කරනවා. අනුමාන ලිපි ලිවීමෙන් හෝ කටකතා පතුරුවා හැරීමෙන් වළකින ලෙස අපි ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.

ඇය මිය යාමට පෙර වෙබ් නවකතාවක් පාදක කර ගනිමින් නිර්මාණය වෙමින් තිබු චිත්‍ර පටයකට රංගනයෙන් දායකත්වය සපයමින් ඉද තිබෙනවා.

මෙන්න බලන්න තවත් පුවත්