
සචිනි නිපුන්සලා කියන්නේ නිවේදිකාවක්, නර්තන ශිල්පිනියක් විදියට කොයි කවුරුත් ආදරය කරන කෙනෙක්. ඉතින් ඇයව ගොඩක් දෙනෙක් හදුන්වන්නේ දෙරනෙ සචිනි කියලයි. ඇය නර්තන ශිල්පිනියක් විදියට ඉතා දක්ෂ නර්තනයන් වල නියැලෙනවා අපි නිරන්තරයෙන් ඇගේ සමාජ මාධ්‍ය හරහා දකිනවා. දෙරණ නාලිකාවේ චැම්පියන් ස්ටාර්ස් වැඩ සටහන පේෂල මාධව සමගින් සචිනි විසින් ඉදිරිපත් කරනවා.
ඒ කොහොම වුණත් සචිනි පසුගිය කාලයේදී උතුම් මව් පදවිය ලැබුවා. ඉතින් ඇයට ලැබෙන්න ඉන්නේ දුවෙක්ද පුතෙක්ද කියලා හැමෝම බලන් හිටියා. ඉතින් සචිනිට ලැබුණේ පුංචි පුතු පැටියෙක්. ඒ අත්දැකීම ගැන මේ විදියටයි සචිනි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.
” මට ගෙදර වැඩ වලට සහ බබාගෙ වැඩ වලට ලොකු සහයෝගයක් ලැබෙනවා ඉසුරුගෙන්. ඉසුරු තමයි පුතාගේ ස්ටයිලිෂ්. මම හැම අමාරුවක්ම කොන්ද රිදෙනවා, බඩ රිදෙනවා කියනවා. ඉසුරු ලොකු සහයෝගයක් ලබා දෙනවා. වෙන හස්බන්ඩ්ස්ලා එහෙම බබාගේ වැඩ වලින් කොටසයිනෙ බාර ගන්නේ. නමුත් ඉසුරු එහෙම නෑ. එයා බබාගේ හැම වැඩකටම සහයෝගය දෙනවා. අපිදෙන්නා වැඩ කරන්නේ බෙදාගෙන.
මම කරන්නේ උදේ වරුව. ඉසුරු හවස් වරුව.’’ මේ විදියටයි සචිනි නිපුන්සලා ඇගේ අදහස් දක්වලා තිබුණේ. ඉතින් ජීවිතයේ වෙනස්ම අත්දැකීමක් ලබන සචිනි මොන තරම් කාර්යබහුල වුණත් දරුවගේ හැම වැඩක්ම ඇගේ අතින්ම කරන්න තමයි ඇය බලාපොරොත්තු වෙන්නේ.
පැරණි පුවත් – අවුරුද්දට ඇඳුම් ගන්න ගිහින් අක්කට වෙට්ටු දමා 13 දැරිය 17 පෙම්වතා සමග පැන ගිහින්
ඥාති අක්කා කෙනෙකු සමඟ සිංහල අලුත් අවුරුද්දට ඇඳුම් මිලදී ගැනීමට නොච්චියාගම නගරයට ගිය වයස අවුරුදු 13 ක බාලවයස්කාර දැරියක රවටාගෙන ගොස් කරදරයට ලක්කළ 17 හැවිරිදි තරුණයකු පෙරේදා (11 දා) අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 17 හැවිරිදි තරුණයෙකි.
සිද්ධියට මුහුණ පෑ දැරිය වෙනත් පොලිස් වසමක සිට නොච්චියාගම ප්‍රදේශයට පැමිණ ඥාති අක්කා කෙනෙකු සමග අලුත් ඇඳුම් මිලදී ගැනීමට ගිය අවස්ථාවේදී මෙම සිද්ධියට මුහුණ පා ඇත. එක්වරම ඥාති අක්කා මඟහැර තමා ෆාමසියකට ඇතුළු වී සැඟවී පසුව යතුරුපැදියකින් පැමිණි පෙම්වතා සමග අනුරාධපුරයට ගිය බව දැරියගේ ප්‍රකාශවල සටහන්ව ඇතැයි පොලිසිය කියයි.
සැකකාර පෙම්වතා නාට්‍ය සංදර්ශනයකදී මීට මාස හතරකට පෙර දැන හඳුනාගත් බවත්, පසුව ඔහු සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වමින් සිටියදී තමන් මෙම සිද්ධියට මුහුණ පෑ බව දැරිය සිදුකළ ප්‍රකාශවල වැඩි දුරටත් සටහන්ව ඇතැයි පොලිසිය කියයි. අත්අඩංගුවට පත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර දැරිය අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
නොච්චියාගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. එස්. කුමාරසේන මහතාගේ උපදෙස් මත නිලධාරීහු පිරිසක් වැඩිදුර විමර්ශන මෙහෙයවා සැකකරු අත්අඩංගුවට ගත්හ.