
“මා නුඹට පෙම් කළේ” කියන එකම එක ගීතයෙන් ප්‍රේක්ෂකයින් වසඟයට ගත්ත දිනේෂ් තරංග කියන්නෙ දැන් නිතර දෙවෙලේ ප්‍රසංග වේදිකාවේ දකින්න පේන්න ඉන්න චරිතයක්.
ඔහු මෑතකදී ගැයූ ගීතයත් ප්‍රේක්ෂකයින් අතරේ බොහෝ සෙයින් කතාබහට ලක්වුණා.කොහොම වුණත් දිනේෂ්ටත් දිනේෂ්ගේ බිරිඳටත් සමාජ මාධ්‍යයේ බොහෝ දෙනාගේ විවේචන එල්ල වනවා.එසේ එල්ල වූ විවේචනයකට පසුගිය දිනෙක දිනේෂ්ගේ බිරිඳ මේ විදිහට පිළිතුරු දීලා තිබුණා.
අම්මා තාත්තා ජීවතුන් අතර නැති… මේ දැන් ගෙවෙන මොහොතේ කතා කරලා හිතේ තියෙන දෙයක් කියන්න කෙනෙක් නැති (හැමෝම සැනසීමෙන් විවේකීව ඉන්න හෝ ඉතාමත් කාර්යබහුව ඉන්න හෝ දවස් කිහිපයක් ඇතුලේ කතා කරල මෙහෙම දෙයක් කියන්න තවත් කෙනෙක්ව තෝරගන්න බැහැ)
හැමදාම කිරලා මැනලා කතා කරන්න අවශ්‍ය නැහැ, මොකද බහුතරයක් කියන විදිහට මේ රට කාන්තාවන්ට ඔවුන්ට අදාළ සහ ගෞරවාන්විත තැනක් දෙන පින් බිමක්නෙ.
ඒ වගේම කෙනෙක් එක්ක තමුන්ගේ දුක සතුට බෙදාගන්න එක ඕනම කෙනෙක්ගෙ මානසික සෞඛ්‍යයට හිතකරයි නේ. ඉතින් ඒ අයිතිය මටත් ඇති කියලා මම හිතාගෙන මේ අකුරු කරනවා…මොකද දරා ගන්න අමාරු තැනකට ඇවිත් ලෙඩෙක් වෙන්න මට බැහැ.
“Sanjaya Lakmal”-සංජය ලක්මාල්, එක ගැහැණු දරුවෙක් ඉන්න තරුණ පියෙක්. හැබැයි ඒ උත්තමයා කතා කළේ මගේ “යට කට” ගැන.පවුලෙ කෙනෙක් කරන්නේ කලාව නිසාත්, සිරි ලංකාවේ කලාව ඇතුළේ කාටවත් පෞද්ගලිකත්වයක් රැකගන්න මේ සිස්ටම් එක ඉඩ නොදෙන නිසාත්, කැමැත්තෙන් හෝ අකමැත්තෙන් තම තමන්ගේ දියුණුව පිණිස ඒ සිස්ටම් එක තුළ රැඳී ඉන්න සිදුවී ඇති නිසාත්, ඒත් තවමත් ගැහැණු ගතියට ඉක්මනින් කඩා වැටෙන නිසාත්, ඒ එක්කම ගැහැනියක වශයෙන් කැපකිරීම් තමුන්ගේ අය වෙනුවෙන් අවසාන මොහොත දක්වා කිරීම ඉතාමත් වැදගත් යැයි සිතන නිසාත් මොනතරම් විදිහට හිත තද කරගෙන ඉන්න හැදුවත්….. මේ වෙලේ ගැහැනියක් විදිහට මම ඉන්නේ නොනවත්වා සුළුතරයක් වන උත්තමයන්ගෙන් අතවරයට දක්වෙන ගැහැණියකගේ මානසිකත්වයකින් වීම අද දවසේ “මගේ ඇත්තයි.”
“Sanjaya Lakmal” -සංජය ලක්මාල්ගේ, බුකියට අනුව ඔහු තම බිරිඳ අමතන්නේ “my LOVE”කියායි.ඔහුට ඇගේ කුඩා දියණිය “Daddy’s #World ලෙස වේ.නමුත් ඔහු කරදර වූයේ….කල්පනා කළේ… අවුරුදු 19ක දී පියා ජීවතුන් අතරින් නික්ම ගිය මේ වන විට අවුරුදු 42 ක් වන මාගේ “යට කට” ගැනයි.ඕකයි_බුකියෙ_තත්ත්වය කියන්න ඕන මෙච්චරයි.1000කින් 900ක් ආදරේ කරලා 100ක් රිද්දනකොට ඇයි ඒ 100 ගැන හිතන්නෙ කියල අහන්න එපා.පොඩි තුවාලයක් වුණත් ලොකුවට රිදෙන අවස්ථා නැතුවම නෙමෙයි…නේද.අතලොස්සක් දෙනා කරන මානසික තුවාල හොද කරගන්න බැරි ඇයි කියලා අහලා දාර්ශනික මට මත මට ඉදිරිපත් කරන්නත් එපා…. මොකද මේ ජීවිතේ ලේසි එකක් නම් නෙමෙයි.
මේ ලඟකදි පටන් මේ පන්න පන්න ගහන සියදෙනා හැමතිස්සෙම අහන්නේ “උඹට බනින්නෙ උඹේ මිනිහා නේ” “උඹේ මිනිහා උඹවනෙ ඔය විකුනන්නෙ.අනේ සරලව ඒ මනුස්සයා කතා කරන්නෙ ඒ මනුස්සයා ජීවිතේ ගැන. මම කථා කරන්නේ මගේ ජීවිතේ ගැන.එයා මාස හතර පහකට සැරයක් දාන සින්දු අහනකොට “අපෝ දැන් මාස හතරකට පහකට කලිනුත් උඹ සින්දු කිව්වනේ” කියලා කියන්නේ නැහැනේ.
එකම කෙනා සහ එකම හඩනෙ… ඒත් views මිලියන ගනන් යනවනෙ. visual එකේ Female model මාරු වෙනවා වගේ කසාදේ කථාව මාම පහකට හයකට පාරක් වෙනස් කරන්න බෑ නෙ. අපි දෙන්නගෙන් එකෙක් මැරෙනකල් හරි, දෙන්නගෙන් එකෙක් මේ කසාදේ ඉවර කරනකල් හරි…. කතා කරන්න වෙන්නෙ අපිට අපි ගැනම තමයි. ඒකට සීමාවක් නෑ… සමා වෙන්න.
අනික මීට හත් අවුරුද්දකට කලින් දීපු ඉන්ටර්විව් එකක වාක්‍ය දෙකක් අල්ලගෙන අලුත් පොස්ට් හදන, මීම්ස් හදන…බංකොලොත් ෆේස්බුක් පේජ් කාරයෝ සහ කෙනෙකුට දෙන්නෙකුට දුන්න YouTube ඉන්ටර්විව් එකක වැකි කිහිපයක් අල්ලගෙන වීඩියෝ හදල දාන වැදගැම්මකට නැති යූටියුබ් කාරයොයි මේ රටෙන් කොහොමත් තුරන් වෙන්නේ නැහැනේ…. එහෙව් වාතාවරණයක මීට හත් අවුරුද්දකට කලින් කියපු දේවලුත් උණු උණු කැවුම් වගේ උන් විකුනන්නෙ සමහරවිට උන්ගේ කාලකන්නි අවශ්‍යතා උන්ට සපුරාගන්න උවමනාවට වීම සහ කීයක් හරි හොයාගන්න ඇති උවමනාව මත කියලා ඕනෑම මධ්‍යස්ථ මතධාරියකු ට තේරෙන දෙයක් නේ.
ඉතින් එහෙම වාතාවරණයක තමුන්නාන්සේලා කතා කරන්නේ අදාලම නැති අයගේ පෞද්ගලික ජීවිත ගැන.බලන්න අමාරු නම් බ්ලොක් කරපල්ලා
අප්පිරියයි නම් අහක බලා ගනිල්ලා.ඕනාවට වැඩියි නම් බැලන්ස් එකේ යන්න කෙනෙක්ගෙ ප්‍රොෆයිල් බලාපල්ලා.සදාචාරසම්පන්න නැතිනම් ආචාරශීලීව ඉන්න තැනක රැඳීයල්ලා.නිතර පොප් වෙනවනම් skip කරපල්ලා.දැකීම කරදර නං see less කියන option එකට යමල්ලා.තමුන්ට අයිති නැති/අදාල නැති දේවල් විකුණලා රටවල් පිටින් අනාථ කරපු උන් ගැන කරදර වෙනවලා.අවුරුදු 10-12 තමුන්ගේ ගෙදර ඉන්න තරුණ දරුවෝ ගැන කරදර වෙනවලා.එකතු වෙනවට වඩා ලෙහෙන සම්බන්ධකම් තියෙන සමාජය ගැන කවි ලියා පල්ලා.හැම ජරා වැඩක්ම කරලා තමුන්ගේ හොඳ පැත්ත විතරක් බුකියේ දාලා අමුතු ඇජෙන්ඩා මවලා වැලලෙන හදන කාලකණ්ණි ජීවිත ගැන හොයා බලපල්ලා.වචන වලින් ගැහැණුන්ව මිනිස්සුන්ව *රන එක නවත්තපල්ලා
මෙන්න වැන්දා මට වෙනස් කරන්න බැරි දේවල් වලින් මට ගහන එක නවත්තපල්ලා.මගේ පවුල නඩත්තු වෙන රැකියාව තියෙන්නේ මේ රටේ කලාව ඇතුළේ.ඒ අයිතිය අපිට දීපල්ලා මම රැන්ඩෙලා පසුව ලියමි.මා ලියන්නේ මගේ අදහසයි. මේ ලියපු ටික තමුන්ලා ශෙයා කරනවා නම් හෝ වෙනත් කිසියම් හෝ තැනක පල කරනවා නම් එය තමුන් ලාගේ කැමැත්තෙන් කරන දෙයක් මිස මා ඔබලා කිසිවකුගෙන් එය ඉල්ලා නැති බවත් කරුණාවෙන් සලකන්න.