ඇහෙද්දිත් මේ කතාව කෙනෙක්ට විහිලුවක් වගේ දැනුනත්, සත්‍ය වශයෙන් ම සිදුවී ඇති මේ පුවත අනාවරණය වෙන්නේ අක්මීමන, කපුහෙම්පල ප්‍රදේශයෙන්.

නියඟලා අල කෑවොත් මැරෙන්න වෙනවා කියන එක අපේ සමාජයේ හුඟක් දෙනෙක් දන්න කාරණයන්. නමුත් අවාසනාවකට දැන දැනම ඒවා ආහාරයට අරගෙන කපුහෙම්පල ප්‍රදේශයේ පදිංචි 67 හැවිරිදි පුද්ගලයෙක් මෙලෙස මියගොස් තිබෙන බව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ පැවති හදිසි මරණ පරීක්ෂණයකින් තහවුරු වී තිබෙනවා.

කෙසේ නමුත් මේ පුද්ගලයා මධුවිත පානය කරන ගමන් කටගැස්ම සඳහා නියඟලා අල ආහාරයට ගෙන ඇති බවයි තහවරු කරගෙන තිබෙන්නේ.
මියගිය තැනැත්තා තිදරු පියකු බවද වාර්තා වෙන අතර නියඟලා අල කෑමෙන් ඇතිවූ සංකූලතා හේතුවෙන් මරණය සිදුවී ඇතිබව මරණ පරීක්ෂණයෙන් තහවුරු කරගෙන ඇත.

නයනා උදයංගනී

පැරණි පුවත් – චීනයෙන් පොරොන්දුවක්

ණය අර්බුදය විසඳා ගැනීමටත් ආර්ථික වර්ධනය ළඟා කර ගැනීමටත් ශ්‍රී ලංකාව දරන උත්සාහයට චීනයේ අඛණ්ඩ සහාය හිමි වන බව චීන නියෝජ්‍ය මුදල් අමාත්‍ය වැන්ග් දොන්ග් වෙයි මහතා ප්‍රකාශ කර ඇත.

වොෂින්ටනයේ පැවැත්වෙන ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසන්ත රැස්වීම්වලට සමගාමීව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සමඟ පැවති හමුවකදී චීන නියෝජ්‍ය මුදල් අමාත්‍ය වැන්ග් දොන්ග් වෙයි මහතා මේ බව පවසා තිබේ.

චීන නියෝජ්‍ය මුදල් අමාත්‍ය වැන්ග් දොන්ග් වෙයි මහතා සමග ඵලදායී සාකච්ඡාවක් පැවැත්වූ බවත් එහිදී දෙපාර්ශ්වයට ම වැදගත් වන කරුණු රැසක් සාකච්ඡා කළ බවත් හමුව පිළිබඳ අදහස් දක්වමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කර ඇත.

මෙන්න බලන්න තවත් පුවත්