
සුරූපී රංගන ශිල්පිනියක් ලෙස බොහෝ දෙනා අතර ජනප්‍රිය වූ නිරූපන ශිල්පිනියක් අභිරහස් ලෙස මියගොස් ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ Jung Chae-yul.Jung Chae-yul දකුණු කොරියානු ජනප්‍රිය රංගන ශිල්පිනියකි.
ඇය මියයනවිට 26 හැවිරිදි වියේ පසුවිය.Jung Chae-yulගේ මරණයට හේතුව මෙතෙක් නිශ්චිතව වාර්තා කර නොමැත.
ඇයගේ නිවසේ තිබී Jung Chae-yulගේ මළ සිරුර සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.
ඇයගේ කළමනාකරණ ඒජන්සිය ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. එහි මෙසේ සදහන් වෙනවා.
අද අපි ශෝකජනක සහ හද කම්පා කරවන පුවතක් ප්‍රචාරය කරන්නෙමු. නිළි Jung Chae-Yul 2023 අප්‍රේල් 11 වෙනිදා අප හැර ගියා. ඇයගේ වියෝවෙන් වෙන කාටත් වඩා දුක් වෙන්නේ ඇයගේ පවුලේ අයයි. ඇයගේ අවසන් කටයුතු නිහඩව පවුලේ අයගේ පමණක් සහබාගිත්වයෙන් සිදු කිරීමට ඔවුන් සැලසුම් කර තිබෙනවා.Jung Chae-yul හොද තැනක සමාදානයේ සැතපේවා යි අපි විශ්වාස කරනවා. අනුමාන ලිපි ලිවීමෙන් හෝ කටකතා පතුරුවා හැරීමෙන් වළකින ලෙස අපි ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිමු.
ඇය මිය යාමට පෙර වෙබ් නවකතාවක් පාදක කර ගනිමින් නිර්මාණය වෙමින් තිබු චිත්‍ර පටයකට රංගනයෙන් දායකත්වය සපයමින් ඉද තිබෙනවා.
පැරණි පුවත් – අවුරුදු 11 දියණියන් දෙදෙනාගේ අමුතු හැසිරීමට මවගෙන් අමුතු දඩුවමක්
එකොළොස් හැවිරිදි තම බාලවයස්කාර දියණීය ඇගේ ඥාති සහෝදරිය සමග අමුතු ක්‍රියාවක හැසිරුණැයි දියණීයන් දෙදෙනාගේම රහස් ප්‍රදේශය ඇලුමීනියම් හැන්දක් රත්කර පු`ථස්සා කෲරත්වයට පත් කළැයි ග්‍රෑන්ඩ්පාස් පොලීසිය අත්අඩංගුවට ගත් මවක ලබන 10 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණාවල මහතා අද (04) නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ සේදවත්ත, වැල්ලම්පිටිය පදිංචි ඩෙවින්තා ඉෂානි පෙල්මිමන් නැමැති කාන්තාවය.
අවුරුදු 11ක් වයසැති ගැහැණු දරුවන් දෙදෙනකුගේ රහස් ප්‍රදේශ පුලුස්සා කෲරත්වයට පත්කර ඇතැයි සදහන් කරමින් කොළඹ ජාතික රෝහලේ රෝහල් පොලීසිය කරන ලද පැමිණීල්ලකට අනුව මෙම සැකකාර කාන්තාව අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හැරිසන් මහතා අධිකරණයට කරුණු වාර්තා කර තිබිණී.
සැකකාරිය, වයස අවුරුදු 11ක් වන ඇගේ දියණීය සහ සැකකාරියගේ සහෝදරියගේ දියණීය මෙලෙස පුලුස්සා ඇති බවත් මේ වන විටත් එම දැරියන් දෙදෙනා රෝහල්ගතව ප්‍රතිකාර ලබන බවත් ග්‍රෑන්ඩ්පාස් පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.