
මුහුදු බඩ දුම්රිය මාර්ගයේ හික්කඩුව දොඩන්දූව දුම්රිය හරස් මාර්ගයේදී අද(13) දහවල් මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් මෝටර් රථයේ ගමන් ගත් විහාරාධිපති හිමිනම සහ රියදුරු බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුලත් කළ බව හික්කඩුව පොලීසිය කියයි.
විහාරධිපති හිමියන් දහවල් දානයකට වඩිමින් සිටියදී මාතර සිට වව්නියාව බලා ධාවනයවූ දුම්රියේ උන්වහන්සේ ගමන් ගත් මෝටර් රථය ගැටී ඇති බවද පොලීසිය කියයි.
මේ දුම්රිය හරස් මාර්ගයේ විදුලි ආලෝක සංඥා පද්ධතියක් ඇතත් එය නිසි ආකාරයෙන් කියා නොකරන බව ප්‍රදේශවාසිහූ කියති.
පැරණි පුවත් – කසිප්පු වැටලීමට ගිය පොලිසියට වෙච්චි දෙයක්
යාපනයේ වඩමාරච්චි ප්‍රදේශයේ නිවසක පවත්වා ගෙන ගිය කසිප්පු ජාවාරමක් වැටලීමට ගිය අවස්ථාවේදී නිවසේ සිටි කාන්තාවකට පොලිසිය අතින් වෙඩි වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්ව ලෙස ගම්වාසීන් යාපනය පොලිසියෙන් 10 දා ඉල්ලීමක් කොට තිබේ. නමුත් මරදන්කේණී පොලිසිය සඳහන් කරණු ලබන්නේ පොලිසිය කිසිදු අයෙකුට වෙඩි තැබීමක් සිදු නොකළ බවයි. කෙසේ වෙතත් කාන්තාවක් තුවාල ලැබීමෙන් පසුව ජනතාව විසින් මරදන්කේණී පේදුරුතුඩුව මාර්ගය වසා දමා පොලිසියට ගල් මුල් වලින් පහර දෙමින් විරෝධය පළ කිරීම නිසා තුවාලකාරිය රෝහල් ගත කිරීමට ද ප්‍රමාද වී තිබේ.
තුවාල ලැබූ කාන්තාව යාපනය පේදුරුතුඩුව රෝහලට ඇතුළත් කොට තිබේ. මෙම ගැටුම් මැද පොලිසිය විසින් එම නිවසේ කසිප්පු අලෙවි කරන ලද කාන්තාවක් අත් අඩංගුවට ගෙන ඇති අතර ඇයව පේදුරුතුඩුව අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කොට තිබේ. මරදන්කේණී පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.