
ඥාති අක්කා කෙනෙකු සමඟ සිංහල අලුත් අවුරුද්දට ඇඳුම් මිලදී ගැනීමට නොච්චියාගම නගරයට ගිය වයස අවුරුදු 13 ක බාලවයස්කාර දැරියක රවටාගෙන ගොස් කරදරයට ලක්කළ 17 හැවිරිදි තරුණයකු පෙරේදා (11 දා) අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 17 හැවිරිදි තරුණයෙකි.
සිද්ධියට මුහුණ පෑ දැරිය වෙනත් පොලිස් වසමක සිට නොච්චියාගම ප්‍රදේශයට පැමිණ ඥාති අක්කා කෙනෙකු සමග අලුත් ඇඳුම් මිලදී ගැනීමට ගිය අවස්ථාවේදී මෙම සිද්ධියට මුහුණ පා ඇත. එක්වරම ඥාති අක්කා මඟහැර තමා ෆාමසියකට ඇතුළු වී සැඟවී පසුව යතුරුපැදියකින් පැමිණි පෙම්වතා සමග අනුරාධපුරයට ගිය බව දැරියගේ ප්‍රකාශවල සටහන්ව ඇතැයි පොලිසිය කියයි.
සැකකාර පෙම්වතා නාට්‍ය සංදර්ශනයකදී මීට මාස හතරකට පෙර දැන හඳුනාගත් බවත්, පසුව ඔහු සමඟ ප්‍රේම සබඳතාවක් පවත්වමින් සිටියදී තමන් මෙම සිද්ධියට මුහුණ පෑ බව දැරිය සිදුකළ ප්‍රකාශවල වැඩි දුරටත් සටහන්ව ඇතැයි පොලිසිය කියයි. අත්අඩංගුවට පත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ අතර දැරිය අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
නොච්චියාගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. එස්. කුමාරසේන මහතාගේ උපදෙස් මත නිලධාරීහු පිරිසක් වැඩිදුර විමර්ශන මෙහෙයවා සැකකරු අත්අඩංගුවට ගත්හ.
මිහින්තලේ – රංග චතූ
පැරණි පුවත් – ඔස්ට්‍රේලියාවේදී අවසන් ගමන් ගිය ශ්‍රී ලාංකික පියා සහ පුතු
ඔස්ට්‍රේලියාවේදී දියේ ගිලීමෙන් ශ්‍රී ලාංකික පියෙකු සහ ඔහුගේ පුත්‍රයා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 59 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකු සහ 21 හැවිරිදි වියේ පසුවූ පුද්ගලයෙකි.
ඔවුන් තවත් පිරිසක් සමඟ ඔස්ට්‍රේලියාවේ උතුරු ක්වීන්ස්ලන්ඩ් හි දිය ඇල්ලක් නැරඹීමට ගොස් සිටියදී මෙම අනතුර සිදුව ඇත.
එහිදී දිය නෑමට ගොස් සිටි පියා ප්‍රථමයෙන් ජලයේ ගසාගෙන ගොස් ඇති අතර ඔහුව බේරාගැනීමට දියණිය සහ පුත්‍රයා උත්සාහ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
කෙසේ වෙතත් පසුව යළි ඔවුන් තිදෙනාම දියේ ගිලී ඇති ඇති බවත් එම අවස්ථාවේ දියණියගේ දිවි බේරී ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත.