
හදිසි අනතුරු හේතුවෙන් මිලියනයකට අධික ප්‍රමාණයක් වසරකට රෝහල් ගත වනබව විශේෂඥ වෛද්‍ය සමිත සිරිතුංග මහතා පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ, උත්සව සමය හේතුවෙන් ඉදිරි සතිය තුළ අනතුරුවලින් රෝහල් ගතවන ප්‍රමාණය ඉහළ යාහැකි බවය.
“මේ කාලය ගත්විට ඇත්තටම සුවිශේෂී කාලයක්. අපේ තියෙන දත්ත අනුව දල වශයෙන් අපි අනතුරු ගැන කථා කළහොත් ලංකාවේ රෝහල්වලට නේවාසික ප්‍රතිකාර සඳහා වැඩිපුරම ඇතුළත් වෙන්නේ අනතුරු නිසා තමයි. එය දල වශයෙන් අවුරුද්දකට මිලියන 1.3ක් විතර වාර්තා වෙනවා. 2020, 2021 වසරේ යම් ප්‍රමාණයක් අනතුරුවල අඩුවීමක් තිබුණා.
ඒ කොවිඩ් ගෝලීය අධි වසංගතය නිසා ඇති වුණු විවිධාකාර හේතු නිසා. ඒ වුණාට අපි දකිනවා නැවත වාරයක් එය වැඩිවෙමින් පවතිනවා. කෙසේ වුණත් මේ අවුරුද්ද පුරා තියෙන සමස්ත අනතුරුවලින් අපි දැක්ක දෙයක් තමයි එළඹෙන සතිය.
ඉතාමත් තීරණාත්මක සතියක් වෙනවා. මොකද අපේ දත්තවලට අනුව දැක්ක දේ තමයි මේ සතියේදී මේ කාලසීමාවේ තමයි රජයේ රෝහල්වලට වැඩිපුරම වින්දිතයින් ප්‍රමාණයක් අනතුරුවලින් නේවාසිකව ප්‍රතිකාර ලබන්න රෝහල්වලට පැමිණෙන්නේ.”
පැරණි පුවත් – හෝටලේකට ගිහින් කාලා එන්න අපිට අයිතිය තියෙනවා- කොළඹ තරු පන්තියේ සුපිරි හෝටලයක වසන්ත මුදලිගේ චූන් එකේ හිටියද? බුකිය කැළඹූ ඡායාරූපය ගැන, මුදලිගේ පළමුවරට උත්තර දෙයි..
තමන් සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන ඡායාරූපය පිළිබදව අන්තරේ කැදවුම්කරු වන වසන්ත මුදලිගේ අද දින පළමුවරට මාධ්‍ය හමුවේ අදහස් පළ කළා.
ඔහු සඳහන් කළේ, තමන් නොගිය තැනක් ගැන කියමින් ආණ්ඩුවේ පිරිස් මඩ ප්‍රහාර දියත් කරන බවයි.
ඔහු කියූ සම්පූර්ණ කතාව පහතින්..
“ඒකට දෙන්න ඕනි උත්තරේ තමයි සද්දෙට හිනාවෙන එක.. එකක් තමයි, බොරු ප්‍රචාර ගොඩක් කරලා ආණ්ඩුවට ඕනි ආණ්ඩුවට විරුද්ධව කතා කරන පාර්ශවවලට අවලාද නඟන එක තමයි ආණ්ඩුවේ රාජකාරිය. රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න අමතක කරලා. අපි ගියේවත් නැති තැනකට, වෙන ෆොටෝ එකක් අල්ලලා මතයක් හැදුවට අපි පිළිගන් නෑ. අපිට ඒක අදාළත් නෑ. අනිත් එක තමයි, ගියත් ඒක අමුතු දෙයක් නෙවෙයි. අපිට අවශ්‍ය නම් අපි යනවා, අපි ඔය ෆොටෝ එකේ කියන විදිහට ගිහින් නෑ. අපිට ඔය මඩ අදාළ නෑ. අපි ජනතාවගේ පැත්තෙ ඉන්නෙ. ආණ්ඩුවට පුළුවන් නම් ෆොටෝ එකක් අල්ලලා මොකක් හරි ගොබ්බ කතාවක් හදලා ආණ්ඩුව නිහඬ කරවන්න? හිනාවෙන එක ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ..”