
පේරාදෙණිය ප්‍රදේශයේදී අනතුරක් සිදු කර පලාවිත් කටුගස්තොට දී එම ත්‍රිරෝද රථය මහවැලි ගඟට පෙරළා දමා පලාගිය ගිය බව කියන ත්‍රිරෝද රථ රියැදුරා සොයා පේරාදෙණිය සහ කටුගස්තොට පොලීසි ඒකාබද්ධව විමර්ශනයක් ආරම්භ කර ඇත.
සැකකරු රිය පැදවීමේ බලපත්‍රයක් ද නොමැතිව තම පියාගේ ත්‍රීරෝද රථය පේරාදෙණිය නගරයේ දී පදිකයකු අනතුරට ලක් කොට පලාගොස් කටුගස්තොට නවයාලතැන්න මහවැලි නදිය හරහා ඇති දුම්රිය පාලම අසලදී එම ත්‍රීරෝද රථය මහවැලි ගඟට පෙරලා දමා ඇති අතර එසේ පෙරළා දැමූ ත්‍රීරෝද රථය කටුගස්තොට පොලීසිය සොයා ගැනීමෙන් අනතුරුව ඊට අදාළ විමර්ශන ආරම්භ කොට තිබේ.
සකකරු අනතුරින් පසු ත්‍රිරෝද රථය මහවැලි ගඟට පෙරළා දමන අයුරු ඒ අසල තිබූ ආවේක්ෂණ කැමරාවල සටහන්ව තිබෙන බව පවසන පොලිසිය තීරෝද රථයේ ලියාපදිංචි අංකය අනුව එහි හිමිකරු පේරාදෙණිය ප්‍රදේශයේදී සොයාගෙන ඇති අතර අදාල ත්‍රීරෝද රථය ඔහුගේ පුතා පැද වූ බව ද පොලිස් ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වී තිබේ.
පැරණි පුවත් – ජා-ඇළ පොලිස් ස්ථානයේ ගරාජය තුළ නතර කර තිබූ පොලිස් ජිප් ජීප් රථයක අසභ්‍ය වචන ලියන ලදැයි කියන එම පොලිස් ස්ථානයේ රාජකාරි කරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
අත්අඩංගුවට ගැනීමට සොයන මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මේ වන විට රාජකාරියට වාර්තා නොකර සැඟව සිටින බවද පොලිස් ආරංචි ආරංචි මාර්ග සඳහන් කළේය.
පොලිස් ජිප් රථයේ අසභ්‍ය වචනලිවීමෙන් පසු ජා ඇල පොලීසියේ නිලධාරීන් ගණනාවකගේ ඇඟිලි සලකුණු සහ ජිප් රථයේ තිබූ ඇඟිලි සළකුණු ද මතුකරගෙන ඒවා ඡායාරූප ගත කර ගෙන තිබිණි.
පොලිස් ජිප් රථයේ සටහන්ව තිබියදී මතුකරගත් ඇඟිලි සලකුණු හා පොලිස් නිලධාරීන්ගෙන් ලබා ගත් ඇඟිලි සලකුණු එකිනෙක සසඳා බලා ඇතැයි පොලිසිය කියයි.
ඇඟිලි සලකුණු සසදා බැලීමේදී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකුගේ ඇඟිලි සලකුණු හා ජිප් රථයෙන් මතුකරගත් ඇඟිලි සලකුණු එකිනෙකට සමාන වී ඇති බවද එම උසස් පොලිස් නිලධාරියා කීය.
මෙම ඇඟිලි සලකුණු වාර්තාව මීට දින කිහිපයකට හේතු දී උසස් පොලිස් නිලධාරීන් වෙත එවා ඇත.
ඇඟිලි සලකුණු වාර්තාව ලැබීමෙන් පසු සිද්ධියට සම්බන්ධ යැයි පැවසෙන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇත.
කිසියම් උල් ආයුධයක් උපයෝගී කරගෙන පොලිස් ජිප් රථයේ අසභ්‍ය වචන ලියා ඇති බව පරීක්ෂණවලින් පෙනී ගියේ යැයි ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.