විවාහ මංගල තෑග්ග ලෙස ලැබුණු හෝම් තියටර් පද්ධතිය පුපුරා යෑමෙන් මනාලයා සහ ඔහුගේ සහෝදරයෙකු ජීවිතක්ෂයට පත් වූ පුවතක් මධ්‍යම ඉන්දියාවේ චත්තිස්ගාර් ප්‍රාන්තයෙන් වාර්තා වනවා.

අලුත විවාහ පත් වූ අදාළ යුවලට මංගල තෑග්ගක් වශයෙන් ලැබුණු මෙම හෝම් තියටර් පද්ධතිය විදුලියට සම්බන්ධ කිරීමට යාමේදී සිදු වූ පිපිරීමකිනුයි අදාල මරණ වාර්තා වී ඇත්තේ.

තෑග්ග ලෙස ලැබුණු හෝම් තියටර් පද්ධතිය තුළට කිසියම් පුපුරන ද්‍රව්‍ය‍යක් ඇතුළත් කොට තිබූ බවට සැකයක් මතුව පවතිනවා.

ඔවුන්ට අදාල තෑග්ග ලබා දුන් බවට සඳහන් වන මනමාලියගේ හිටපු පෙම්වතා මේ වන විට පොලිසීය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පොලීසිය පවසන්නේ තම පෙම්වතිය වෙනත් තරුණයකු හා විවාහ වීමෙන් ඇති වූ කෝපය අදාල සිද්ධියට හේතුවක් වූ බවයි.

මෙම අනතුරෙන් මාස 18 ක් වයසැති බිළිඳෙකු හා තවත් තිදෙනෙක් මියගොස් ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

එම මාධ්‍ය වාර්තාවන්ට අනුව පොලීසිය සඳහන් කොට ඇත්තේ, සැකකරු විසින් විවාහ පත් වූ අදාළ කාන්තාවට තම අනියම් බිරිඳ බවට පත් වන ලෙස ද බලපෑම් කොට ඇති බවයි.

මෙන්න බලන්න තවත් පුවත්