
ගොයම් කපන යන්ත්‍රයක ආධාරයෙන් තම කුඹුරේ ගොයම් කපමින් සිටි පුද්ගලයෙකුගේ හිසේ බැඳ තිබූ සරම, එම යන්ත්‍රයට පැටලී යාමෙන් එම පුද්ගලයාගේ හිස එම යන්ත්‍රය තුළට ඇදී ගොස් අද (4) සිදුවූ අනතුරකින් අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ගල්නෑව පොලිසිය පවසයි.
මෙලෙස අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගල්නෑව මිදෙල්ලෑව, ප්‍රදේශයේ පදිංචිව සිටි විජේකෝන් මුදියන්සේලාගේ සිසිර කුමාර විජේකෝන් නැමැති 43 හැවිරිදි පුද්ගලයෙකි.
මරණකරු ගල්නෑව පොලිස් වසමේ මිදෙල්ලෑව, අමුණුගම, හතරේ ඇල පාරේ පිහිටි තම කුඹුරු ඉඩමේ ගොයම් කපමින් සිටියදී වෙනත් අයකු ලබා දෙන ගොයම්, කොල මඩින යන්ත්‍රය තුලට ඇතුල් කර, එය අවසානයේ යන්ත්‍රය ක්‍රියා විරහිත කිරීමට යාමේදී, අව් රශ්මියට හිසේ බැඳ තිබූ සරම එම යන්ත්‍රයේ පැටලී යාම හේතුවෙන්, මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කළේය .
අනතුරින් මරණකරුගේ හිස එම යන්ත්‍රය තුලට ඇදී ගොස් වම් පස රොදය අසල ශරීරයෙන් වෙන්වී මෙම යන්ත්‍රයේ වම් පස රෝදය අසල වැටී තිබියදී හමුවූ බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
මරණය සම්බන්ධයෙන් ගල්නෑව හදිසි මරණ පරීක්ෂක එම්. දිසානායක මහතා විසින් හදිසි මරණ පරීක්ෂණය සිදු කර ඇති අතර, පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කිරීම සඳහා දේහය ගල්නෑව රෝහලට ඇතුළත් කර තිබුණි.
ගල්නෑව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක පරීක්ෂක එම්. එම්. ආර්. සී. මුණසිංහ මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශ්ශංක, විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක උප පොලිස් පරීක්ෂක අනුරසිරි, ආධුනික පොලිස් කොස්තාපල් දිසානායක (105266),ඇතුළු නිලධාරීහු පිරිසක් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරති.
පැරණි පුවත් – අවුරුද්දට ඉන්ධන පොම්පේ වැඩිපුර අරී
අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන්, පවතින ඉන්ධන කෝටාව අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි රජය පියවර ගෙන තිබේ.
පෙර සැලසුම් කල පරිදි උත්සව සමය වෙනුවෙන් වැඩි වන ඉන්ධන අවශ්‍යතාවය වෙනුවෙන් අවශ්‍ය තොග ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඇනවුම් කර ලබා ගෙන ඇත.
ඒ අනුව සතියකට විශේෂ ත්‍රීරෝද රථ සඳහා ලබා දෙන ලද ලීටර් 10ක ඉන්ධන කෝටාව ලීටර් 15ක් දක්වාද,සාමාන්‍ය ත්‍රීරෝද රථ සඳහා ලබා දෙන ලද ලීටර් 05ක ඉන්ධන කෝටාව ලීටර් 08ක් දක්වාද,යතුරු පැදි සඳහා ලබා දෙන ලද ලීටර් 04ක ඉන්ධන කෝටාව ලීටර් 07ක් දක්වාද,
බස් රථ සදහා ලබා දෙන ලද ලීටර් 40ක ඉන්ධන කෝටාව ලීටර් 60ක් දක්වාද,කාර් රථ සඳහා ලබා දෙන ලද ලීටර් 20ක ඉන්ධන කෝටාව ලීටර් 30ක් දක්වාද,ඉඩම් වාහන (Land Vehicle) සඳහා ලබා දෙන ලද ලීටර් 15ක ඉන්ධන කෝටාව ලීටර් 25ක් දක්වාද වැඩි කර ඇත.
ලොරි රථ සඳහා ලබා දෙන ලද ලීටර් 50ක ඉන්ධන කෝටාව ලීටර් 75ක් දක්වාද, Quadric Cycle සදහා ලබා දෙන ලද ලීටර් 04ක ඉන්ධන කෝටාව ලීටර් 06ක් දක්වාද, විශේෂ කාර්ය වාහන සඳහා (Special Purpose Vehicle) ලබාදෙන ලද ලීටර් 20ක ඉන්ධන කෝටාව ලීටර් 30ක් දක්වාද,වෑන් රථ සඳහා ලබාදෙන ලද ලීටර් 20ක ඉන්ධන කෝටාව ලීටර් 30ක් දක්වාද ඉහළ දැමීමට පියවර ගෙන තිබෙි