
පෙරපාසල් කාලයේ ලබාදුන් රසකළ කිරි වර්ගයක් පානය කිරීමෙන් අනතුරුව ඇතිවූ රෝගීතත්වයක් හේතුවෙන් කිලිනොච්චිය , භාරතීපුරම් හි පෙරපාසලක දරු දැරියන් 12 දෙනකු අද (04) දහවල් රෝහල් ගතකොට ඇතැයි කිලිනොච්චිය රෝහල් ප්‍රකාශකයෙක් පැවැසීය.
භාරතීපුරම් ප්‍රෙද්ශයේ පෙරපාසලේ දරු දැරියන් වෙත වැඩසටහනක් අතරතුර ලබාදුන් රස කළ දියර කිරි වර්ගයක් පානය කිරීමත් සමඟ දරුවන් එලෙස රෝගී වී ඇති බවත් දරුවන්ට ක්ලාන්තය , වමනය සහ බඩ රිදුම් ඇතැළු විවිධ ආසාත්මික රෝගී තත්වයක් හටගෙන ඇති බවද රෝහල් ප්‍රකාශකයා කීය.
පෙරපාසල් දරුවන්ගේ මවුපියන් පැවසූයේ දියර කිරි ලබාදීමෙන් අනතුරුව තම දරුවන්ට ප්‍රථමයෙන් බඩ රිදීම වැනි රෝගී තත්වයන් පිළිබඳ පැවසූ අතර පසුව දරුවන්ට විවිධ ආසාත්මික තා ඇති වූ බවද පැවසීය.
කිලිනොච්චිය රෝහල් ආරංචිමාර්ග වැඩිදුරටත් පැවසූයේ රෝගීවූ දරුවන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත් ඔවුන් තවදුරටත් කිලිනොච්චිය රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්ය.
දරුවන් පානය කළ රසකළ දියර කිරි පැකට් පරීක්ෂා කිරීම සඳහා අවධානය යොමු කළ බවත් කිලිනොච්චිය මහ රෝහලේ ප්‍රකාශකයා පැවැසීය.
පැරණි පුවත් – ඉන්ධන කෝටාව ඉහල දමයි
අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන්, පවතින ඉන්ධන කෝටාව අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් පරිදි රජය පියවර ගෙන තිබේ.
පෙර සැලසුම් කල පරිදි උත්සව සමය වෙනුවෙන් වැඩි වන ඉන්ධන අවශ්‍යතාවය වෙනුවෙන් අවශ්‍ය තොග ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ඇනවුම් කර ලබා ගෙන ඇත.
ඒ අනුව සතියකට විශේෂ ත්‍රීරෝද රථ සඳහා ලබා දෙන ලද ලීටර් 10ක ඉන්ධන කෝටාව ලීටර් 15ක් දක්වාද,සාමාන්‍ය ත්‍රීරෝද රථ සඳහා ලබා දෙන ලද ලීටර් 05ක ඉන්ධන කෝටාව ලීටර් 08ක් දක්වාද,යතුරු පැදි සඳහා ලබා දෙන ලද ලීටර් 04ක ඉන්ධන කෝටාව ලීටර් 07ක් දක්වාද,
බස් රථ සදහා ලබා දෙන ලද ලීටර් 40ක ඉන්ධන කෝටාව ලීටර් 60ක් දක්වාද,කාර් රථ සඳහා ලබා දෙන ලද ලීටර් 20ක ඉන්ධන කෝටාව ලීටර් 30ක් දක්වාද,ඉඩම් වාහන (Land Vehicle) සඳහා ලබා දෙන ලද ලීටර් 15ක ඉන්ධන කෝටාව ලීටර් 25ක් දක්වාද වැඩි කර ඇත.
ලොරි රථ සඳහා ලබා දෙන ලද ලීටර් 50ක ඉන්ධන කෝටාව ලීටර් 75ක් දක්වාද, Quadric Cycle සදහා ලබා දෙන ලද ලීටර් 04ක ඉන්ධන කෝටාව ලීටර් 06ක් දක්වාද, විශේෂ කාර්ය වාහන සඳහා (Special Purpose Vehicle) ලබාදෙන ලද ලීටර් 20ක ඉන්ධන කෝටාව ලීටර් 30ක් දක්වාද,වෑන් රථ සඳහා ලබාදෙන ලද ලීටර් 20ක ඉන්ධන කෝටාව ලීටර් 30ක් දක්වාද ඉහළ දැමීමට පියවර ගෙන තිබෙි.