
ජා-ඇළ පොලිස් ස්ථානයේ ගරාජය තුළ නතර කර තිබූ පොලිස් ජිප් ජීප් රථයක අසභ්‍ය වචන ලියන ලදැයි කියන එම පොලිස් ස්ථානයේ රාජකාරි කරන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය.
අත්අඩංගුවට ගැනීමට සොයන මෙම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා මේ වන විට රාජකාරියට වාර්තා නොකර සැඟව සිටින බවද පොලිස් ආරංචි ආරංචි මාර්ග සඳහන් කළේය.
පොලිස් ජිප් රථයේ අසභ්‍ය වචනලිවීමෙන් පසු ජා ඇල පොලීසියේ නිලධාරීන් ගණනාවකගේ ඇඟිලි සලකුණු සහ ජිප් රථයේ තිබූ ඇඟිලි සළකුණු ද මතුකරගෙන ඒවා ඡායාරූප ගත කර ගෙන තිබිණි.
පොලිස් ජිප් රථයේ සටහන්ව තිබියදී මතුකරගත් ඇඟිලි සලකුණු හා පොලිස් නිලධාරීන්ගෙන් ලබා ගත් ඇඟිලි සලකුණු එකිනෙක සසඳා බලා ඇතැයි පොලිසිය කියයි.
ඇඟිලි සලකුණු සසදා බැලීමේදී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකුගේ ඇඟිලි සලකුණු හා ජිප් රථයෙන් මතුකරගත් ඇඟිලි සලකුණු එකිනෙකට සමාන වී ඇති බවද එම උසස් පොලිස් නිලධාරියා කීය.
මෙම ඇඟිලි සලකුණු වාර්තාව මීට දින කිහිපයකට හේතු දී උසස් පොලිස් නිලධාරීන් වෙත එවා ඇත.
ඇඟිලි සලකුණු වාර්තාව ලැබීමෙන් පසු සිද්ධියට සම්බන්ධ යැයි පැවසෙන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ ආරම්භ කර ඇත.
කිසියම් උල් ආයුධයක් උපයෝගී කරගෙන පොලිස් ජිප් රථයේ අසභ්‍ය වචන ලියා ඇති බව පරීක්ෂණවලින් පෙනී ගියේ යැයි ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
පැරණි පුවත් – ලිට්‍රෝ කොටස් විකිණීම ගැන ලොකු දැනුමක් නෑ
ලිට්‍රෝ සමාගමේ රජය සතු කොටස් විකිණීම සම්බන්ධයෙන් රජයේ තීන්දු තීරණ ඉදිරියට ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව විශාල දැනුමක් නොමැති බවත් රජය ඒ සම්බන්ධයෙන් අවශ්‍ය අවස්ථාවේදී නිසි පියවර ගනු ඇතැයි විශ්වාස කරන බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (4) පැවසීය.
ලිට්‍රෝ සමාගමේ ප්‍රධාන අයිතිකාර සමාගම ලෙස ශ්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව පෙනී සිටින අතරම රක්‍ෂණ සංස්ථාවේ ප්‍රධාන අයිතිකරු ලෙස මහා භාණ්ඩාගාරය පෙනී සිටින බව කී පීරිස් මහතා රක්‍ෂණ සංස්ථාව මෙන්ම ලිට්‍රෝ සමාගමටත් සෘජුව මහා භාණ්ඩාගාරය සහ මුදල් අමාත්‍යංශයට වගකීම ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් කීය.
(ජයාරුප: ජයමාල් චන්ද්‍රසිරි)