
මුලතිව් පුදුකුඩිඉරප්පු තෙරවිල් ගම්මානයේ තාවකාලික නිවසක රැඳී සිටි දැරියක කුප්පි ලාම්පුවක් පෙරළී සිදුවූ අනතුරකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව පුදුකුඩිඉරිප්පු පොලීසිය සඳහන් කරයි.
අදාළ නිවස තුළ අවම පහසුකම් හෝ දක්නට නොමැති අතර මෙම අනතුරින් මියගොස් ඇත්තේ වයස මාස 06 ක පමණ කුඩ දැරියකි.
කුප්පි ලාම්පුව පෙරළී ඇතිවූ ගින්නෙන් දැරිය පිලිස්සුම් තුවාල ලබා ප්‍රතිකාර සඳහා ධර්මපුරම් ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කොට තිබේ. එහිදී ඇය කිලිනොච්චිය රෝහලටත් පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලටත් ඇතුළත් කොට ඇතත් එහිදී දැරිය ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුර සම්බන්ධයෙන් මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලීසිය වැඩිදුර විමර්ෂණ සිදුකරනු ලබය
පැරණි පුවත් – කෝටි 1000ක දුම්රිය එන්ජින් කැලේට යවලා
දුම්රිය දෙපාර්තමේන්තුවට පසුගිය කාලයේ ගෙන්වන ලද එම් 11 දුම්රිය එන්ජින් එකොළහෙන් දැන් වැඩකරන්නෙ දෙකක් පමණක් බවත් එම එන්ජින් ගෙන්වීමට කෝටි දාහක් වැය කර ඇති බවත් ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
අනෙක් එන්ජින් දුම්රිය අංගනවල නිකරුණේ තිබෙන බවද ඔහු සඳහන් කළේය.
අජිත් මානප්පෙරුම මහතා මෙසේද සඳහන් කළේය.
ඒ වගේම රුපියල් කෝටි 1156ක් වැය කරලා දුම්රිය මැදිරි එකසිය හැටක් ගෙනල්ලා තියෙනවා. ඒවායින් වැඩි කොටසක් අංගනවල ඔහේ තියෙනවා. ප්‍රයෝජනයට අරගෙන නැහැ. මේ ව්‍යාපෘතිය සැකසීම සඳහා විතරක් රුපියල් කෝටි එකසිය හතළිස් හතරක් වියදම් කරල තියෙනවා. ශක්‍යතා වාර්තා හදන්න.
ජනතාවට යන්න දැන් කෝච්චි නැහැ.
ගම්පහින් කෝච්චියට නැගලා කොළඹට එන්න මම ඔබතුමාට ආරාධනා කරනවා.මිනිස්සුන්ට යන්න කෝච්චි නැහැ.
ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා;
මේවා මගේ බල සීමාව තුළ සිද්ධ වෙච්ච ඒවා නොවේ. අතීතයේ සිදුවුණු දූෂණ වංචා වලට අපි වගඋත්තර කාරයෝ නොවෙයි. ගොඩ ගහගෙන හිටපු දුම්රිය එන්ජින් මම ඇමති ධූරයේ වගකීම බාර ගත්තට පස්සේ නැවත අලුත්වැඩියා කරලා ප්‍රයෝජනයට ගත්තා. මම මේ ගැන සම්පූර්ණ වාර්තාවක් උපදේශක කාරක සභාවට ඉදිරිපත් කරනවා.