පිටිගල කරුවලතොට , පොරවගම ප්‍රදේශයේ කිතුල් මල් කැපීම සඳහා කිතුල් ගසට නැග සිටියදී පුද්ගලයෙකු අද (3) කිතුල් ගහේ සිටියදී මිය ගොස් ඇතැයි පිටිගල පොලීසිය කියයි.

මෙසේ මිය ගොස් ඇත්තේ පිටිගල පොරගම පදිංචි රණසිංහ වීරක්කොඩි සිරිසුමන නමැති හැටතුන් හැවිරිදි අයෙක් බවද පොලීසිය කියයි.

ප්‍රදේශවාසින් විසින් පිටිගල පොලිස් ස්ථානයට දැනුම්දිමෙන් අනතුරුව මෘත ශරීරය කිතුල් ගසෙන් බිමට බා ගත් බවද පොලීසිය කියයි‍.

කිතුල් ගහට නැග්ග අයට ගහ මුදුනේදී හදිසි අසනීප තත්ත්වයක් ඇතිවී මිය යන්නට ඇති බවට සැකකරන බවද පොලීසිය කියයි.

මිය ගිය තැනැත්තාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සදහා ඇල්පිටිය රෝහලට රැගෙන ගිය බවද පොලීසිය කියයි. පිටිගල පොලීසිය මේ පිළිබදව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

අද පුවත්පත

පැරණි පුවත්- හොටෙල් එකකට එක්කගෙන ගිය සිසුවිය අඩන්නට ගත් නිසා නැවත ගෙනත් දාලා

දහවන වසරේ ඉගෙනුම ලබන අවුරුදු 14 මාස 09 වයසැති දැරියක් පෞද්ගලික නිවාඩු නිකේතනයකට රැගෙනගොස් අතවරකිරීම සම්බන්ධයෙන් ඇයගේ පෙම්වතා අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භකර ඇත.

දුරකථනයකින් හඳුනාගත් දැරියගේ පෙම්වතා ඇයට මොනරාගල නගරයට පැමිණෙන ලෙස දැනුම්දී ඇත. ඒ අනුව උපකාරක පන්තියකට යන බව පවසමින් 2023 පෙබරවාරි මස 26 වෙනි දින නිවසෙන් පිටවගොස් තරුණයා හමුවී ඇත.

ඔහු විසින් දැරියව ත්‍රිවීල් රථයකින් මොනරාගල මහානාම පාරේ පිහිටි පෞද්ගලික නිවාඩු නිකේතනයකට කැඳවාගෙන ගොස් ඇති අතර දැරිය උස්හඬින් හැඬීමට පටන්ගත් නිසා නැවත ඇයව මොනරාගල නගරයට ගෙනැවිත් බස්සවා ඇත.

සිද්ධිය පිළිබඳව දැරිය ඇයගේ මවට පැවසීමෙන් පසුව මොනරාගල පොලිසියට පැමිණිලිකර ඇත. සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භකර ඇත. දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත්කර තිබේ. මොනරාගල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

මෙන්න බලන්න තවත් පුවත්