
බදුල්ල නගරයේ පාසල් දෙකක් වන ඌව මහ විදුහල සහ ධර්මදුත මහ විදුහල අතර පැවති ක්‍රිකට් තරගය ආරම්භයට පෙර පැවති වාහන පෙලපාලියකදී කැබ් රථයක් පෙරලීමෙන් එහි ගමන් කළ සිසුන් දෙදෙනකු මියගොස් තවත් හත් දෙනෙකු බරපතල තුවාල ලබා සිටියදි 01 දින දවල් බදුල්ල මහ රෝහලට ඇතුලත් කර තිබේ.
අනතුරින් මිය ගයේ බදුල්ල ධර්මදුත විද්‍යාලයේ 12 වසර ඉගෙනුම ලබන හාලිඇල පදිංචි සික්කු බදුගේ හරින්ද්‍ර රුක්මාල්ද සිල්වා (18) සහ බදුල්ල හෑගොඩ පදිංචි රවිදු දුලක්ෂණ (18)යන දෙදෙනා මියගොස් තිබේ.
ක්‍රිකට් තරගය පවතින අතරතුර ක්‍රීඩාංගනය අසළ තිබෙන මල්වත්ත ක්‍රීඩාංගනය වටා රථ පෙළපාලිය ගමන් කරන අතරතුර මෙම අනතුර සිදුව තිබේ,
අනතුරින් පසු තුවාලකරුවන් බදුල්ල මහ රෝහලට ඇතුලත් කරන විටත් සිසුන් දෙදෙනෙකු මියගොස් තවත් සිසුන් හය දෙනෙකු තුවලා ලබා සිටි බව පොලිසිය කියයි,
බදුල්ල ජේෂ්ඨ පොලිස් අධිකාරි සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් මත බදුල්ල පොලිසියේ රථ වාහන අංශය පරීක්ෂණ පවත්වති,
අනතුරට ලක්වු වාහනයේ සිසුන් නෙ අයුරු