ටැටූ කියන්නේ කලාවක්.හැබැයි සමහර වෙලාවට අපි ඉක්මන් වෙලා ගහන ටැටූ එකක් නිසා පස්සේ කාලයකදී හිත් වේදනාවට පත් වෙන්න පුලුවන්.ඉසුරු කියන්නේ ඒ දේට මුහුණ දුන්න රංගන ශිල්පියෙක්.

පසුගිය දවසක වැඩසටහනකට සහභාගී වෙමින් තමන්ගේ පෞද්ගලික අත්දැකීමක් ඔහු හැමෝමත් එක්කම බෙදා ගෙන තිබුනේ මෙහෙමයි. “මගෙත් ටැටූස් දෙකක් තියනවා. එකක් කකුලේ අනිත් එක පිටේ .

මේ මෝඩ කමට කරපු මෝඩකම් වහපුවා… කවදාවත් ඔයාගේ හස්බන්ඩ්ගෙ , යාළු වෙලා ඉන්න අයගේ නම් ටැටූ කරන්න එපා. මගේ අත්දැකීමෙන් කියන්නෙ පෙම්වතියන්ගේ නම් ගහන්න එපා… ලංකාවේ මෝඩම නළුවෝ දෙන්නයි ඉන්නේ. එක්කෙනෙක් කාවින්ග පෙරේරා. අනිත් කෙනා ඉසුරු ලොකුහෙට්ටිආරච්චි. දෙන්නම නම් දෙක ගැහුවා කාවින්ද කලා පපුවේ, මම කලා පිටේ. දෙන්නටම මකන්න වුණා. කරනවා නම තමන්ගේ නම කරගන්න,තමන්ට තමන් ෂුවර්. ”

පැරණි පුවත් – පාළු තැනකදී විවාහක තරුණියකට කැත වැඩක් කරන්න ගිය 63ක් වයස සීයාව තල්ලු කරලා බිම වැටිලා වුණු හිතාගනවත් බැරි දේ මෙන්න

බේරුවල පොලිස් වසමට අයත් හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පාළු පෙදෙසකදී කතකට අතවර කිරීමට සැරසුණු අයෙකු එම කාන්තාව විසින් තල්ලු කර දැමීමෙන් පසුව එම ස්ථානයේදීම මියගොස් ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධව බේරුවල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

දැනගන්නට ඇති පරිදි සිද්ධිය මෙසේය. 35 වියැති මෙම කාන්තාව වාද්දුව ප්‍රදේශයේ ඇති සංචාරක හෝටලයක සේවය කරන්නියකි. ඇය පසුගිය 26 වැනිදා රැකියාවේ වැඩ කටයුතු නිම කොට බේරුවලට පැමිණ ඇත්තේ පස්වරු 6.30 ට පමණය. එහිදී මීට පෙරද නිතර මුදල් ගනුදෙනු කරන දන්නා හඳුනන මේ පුද්ගලයාගෙන් රුපියල් 1000 ක් ඉල්ලා ගෙන ඇති අතර, පසුව ඔහුගේ ත්‍රිරෝද රථයටම නැගී නිවෙසට යාමට ගොස් තිබේ. නිවෙස පසුකර තවත් ඉදිරියට යන විට ඒ ගැන විමසූ විට කිසිවක් කතා නොකර සිටි මේ පුද්ගලයා තවත් ඉදිරියට ගොස් හෙට්ටිමුල්ල රිචන්ට් ස්ටේට් නමැති වෙන්දේසි ඉඩම අසලදී රිය නවතා අතවරයට සැරසෙද්දී ඔහුව තමා තල්ලු කර දැමූ බවත්, බිම වැටුණු ඔහු මීමැස්මොර රෝගියෙකු මෙන් වෙව්ලන්නට වූ නිසා නිවෙසට දිව ගොස් සැමියා සමග පැමිණ, පසුව පොලිසියට ගොස් පැමිණිල්ලක් කළ බවත් දැනගන්නට ඇත.

ඒ අනුව මේ පුද්ගලයා වැටී සිටි තැනට පොලිසිය පැමිණ ඇති අතර, පසුව 1990 ගිලන් රථයද ගෙන්වා ඇතත්, ඒ වන විටත් මිය ගොස් ඇති බව දැනගන්නට ලැබී ඇත. මෙසේ මිය ගොස් ඇත්තේ බේරුවල, මොරගල්ල අංක 110 ලිපිනයේ පදිංචිව සිටි, 63 වියැති කුඩාදුර නිමල් තිලකසිරි ද සිල්වා නමැති අයෙකු බවත් හඳුනා ගෙන ඇත. මේ පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබූ අතර, බේරුවල පොලිස් ස්ථානාධිපතිගේ මෙහෙයවීම යටතේ වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමට නියමිතය.

නියාගම විල්සන්ට් විජේසිංහ
දිවයින

මෙන්න බලන්න තවත් පුවත්