හොරණ මලගල පාර පාදුක්ක ගුරුගොඩ සමුර්දි බැංකුව අසල දී ඊයේ පස්වරුවේ මෝටර් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් යතුරු පැදියේ ගමන් ගත් පුද්ගලයන් දෙදෙනා බරපතළ තුවාල ලබා රෝහල් ගත කළ බව හොරණ පොලිසිය කියයි

යතුරු පැදිය සහ මෝටර් රථයේ එකිනෙක ගැටීමත් සමඟම ගිනි ගැනීමට ලක්ව ඇති අතර හොරණ නගර සභාවේ ගිනි නිවන ඒකකයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් මැදිහත්ව ගින්න නිවා දමා ඇත

අනතුරින් යතුරු පැදියේ පසුපස ගමන් ගත් පුද්ගලයා මීටර් පහළොවක් පමණ උඩින් විසිවී ගොස් ප්‍රතිවිරුද්ධ දිශාවේ තිබෙන වෙළඳසැලක වහලය මත පතිත වී ඇතැයි පොලිසිය කියයි

පැදිකරු කම්බි වැටක් මතින් විසිවී ගොස් අසල වත්තක ට වැටී ඇතැයි පොලිසිය කියයි

මෝටර් රථයේ මීවනපලාන සිට ගුරුගොඩ දෙසට පැමිණෙමින් සිටියදී වංගුවක් සහිත ප්‍රදේශයක දී ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි මෝටර් රථය හා මුහුණට මුහුණ ගැටී මෙම අනතුර වී ඇතැයි පොලිසිය කියයි

වහලය මතට පතිත වූ පසු පැදිකරු ප්‍රදේශවාසීන් සහ හොරණ ගිනි නිවීමේ නිලධාරීන් එක්ව දැඩි ආයාසයක් දරා පහතට ගෙන රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇත

යතුරු පැදිය පැදවූ පුද්ගලයාගේ අපරික්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුව බව පොලිසිය කියයි.

පැරණි පුවත් – හෝටලේකට ගිහින් කාලා එන්න අපිට අයිතිය තියෙනවා- කොළඹ තරු පන්තියේ සුපිරි හෝටලයක වසන්ත මුදලිගේ චූන් එකේ හිටියද? බුකිය කැළඹූ ඡායාරූපය ගැන, මුදලිගේ පළමුවරට උත්තර දෙයි..

තමන් සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන ඡායාරූපය පිළිබදව අන්තරේ කැදවුම්කරු වන වසන්ත මුදලිගේ අද දින පළමුවරට මාධ්‍ය හමුවේ අදහස් පළ කළා.

ඔහු සඳහන් කළේ, තමන් නොගිය තැනක් ගැන කියමින් ආණ්ඩුවේ පිරිස් මඩ ප්‍රහාර දියත් කරන බවයි.

ඔහු කියූ සම්පූර්ණ කතාව පහතින්..

“ඒකට දෙන්න ඕනි උත්තරේ තමයි සද්දෙට හිනාවෙන එක.. එකක් තමයි, බොරු ප්‍රචාර ගොඩක් කරලා ආණ්ඩුවට ඕනි ආණ්ඩුවට විරුද්ධව කතා කරන පාර්ශවවලට අවලාද නඟන එක තමයි ආණ්ඩුවේ රාජකාරිය. රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න අමතක කරලා. අපි ගියේවත් නැති තැනකට, වෙන ෆොටෝ එකක් අල්ලලා මතයක් හැදුවට අපි පිළිගන් නෑ. අපිට ඒක අදාළත් නෑ. අනිත් එක තමයි, ගියත් ඒක අමුතු දෙයක් නෙවෙයි. අපිට අවශ්‍ය නම් අපි යනවා, අපි ඔය ෆොටෝ එකේ කියන විදිහට ගිහින් නෑ. අපිට ඔය මඩ අදාළ නෑ. අපි ජනතාවගේ පැත්තෙ ඉන්නෙ. ආණ්ඩුවට පුළුවන් නම් ෆොටෝ එකක් අල්ලලා මොකක් හරි ගොබ්බ කතාවක් හදලා ආණ්ඩුව නිහඬ කරවන්න? හිනාවෙන එක ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ..”

මෙන්න බලන්න තවත් පුවත්