ශ්‍රී ලංකා ක්‍රිකට්හි ‘පුහුණු උපදේශකවරයා’ ලෙසින් කටයුතු කරන මහේල ජයවර්ධන ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගිවන සෑම සංචාරයකදීම ජාතික කණ්ඩායම සමඟ සංචාරයට සහභාගි නොවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී සිටියි.

නවසීලන්ත තරග සංචාරය සඳහා සහභාගිව සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ මහේල ජයවර්ධන නොසිටීම සම්බන්ධව පළ වූ ඇතැම් මාධ්‍ය වාර්තා පිළිබඳ කරුණු පැහැදිලි කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ඒ බව කියා සිටී.

එම කරුණු පැහැදිලි කිරීමේ මෙසේද දැක්වේ.

පුහුණු උපදේශකවරයා ලෙස මහේල ජයවර්ධනගේ කාර්යය වී ඇත්තේ රටේ සියලුම ජාතික කණ්ඩායම් භාරව කටයුතු කිරීමත් සහ ඉහළ කාර්යය සාධන මධ්‍යස්ථානයේ ක්‍රීඩකයින් සහ කළමනාකරණ කණ්ඩායම් සඳහා අවශ්‍ය උපාය මාර්ගික සහයෝගය ලබා දීම වේ.

ඒ අනුව මහේල පුහුණුකරුවන් සහ ක්‍රීඩකයින් සංවර්ධනය කරන වැඩසටහන්, දේශීය ක්‍රිකට් ශක්තිමත් කිරීම සහ වයස අවුරුදු 19 න් පහළ, සංවර්ධන සහ ජාතික කණ්ඩායම් සංවර්ධනය කිරීම් කෙරෙහි අවධානය යොමු කරනු ඇත.

ඔහුගේ සහභාගිත්වය අත්‍යවශ්‍ය යැයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හැඟුණහොත් පමණක් මහේලව තරග සංචාරයන් සඳහා සහභාගි කරවාගන්නා බවද ශ්‍රී ලංකා ක්‍රිකට් දැනුම් දී සිටියි.

පැරණි පුවත් – දරුවන්ට කන්න දුන් සල්ලිවලින් විදුහල්පති උපන්දින පාටියක් දාලා

මැදිරිගිරිය ප්‍රදේශයේ පාසලක ප්‍රාථමික දරුවනට උදෑසන ආහාර සඳහා වෙන් කළ මුදල් යොදාගෙන විදුහල්පතිනියගේ සැමියාගේ උපන්දින සාදය වෙනුවෙන් කෑම පිළියෙළ කරගෙන ඇතැයි පාසල් සංවර්ධන සමිතිය චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් කලාප සහ පළාත් අධ්‍යාපන කාර්යාලවලට ද ලිඛිතව දැනුම්වත් කර ඇත.

මෙම ආහාර වැඩසටහන යටතේ ඒක් සිසුවකු සදහා රජය ො දිනකට රුපියල් 100 වැය කරනු ලබන අතර මෙම පාසලේ ප්‍රථමික අංශයේ සිසුන් මේවනවිට 720 වශයෙන් දෛනික ආහාර වේල සදහා රුපියල් 72 000 මුදලක් රජය විසින් වැය කරනු ලබයි.

පසුගිය 2022 වසරේ දෙසැම්බර් මස 05 වන දිනට යෙදුන විදුහල්පතිනියගේ ස්වාමියාගේ උපන්දින සාදයට වෙනුවෙන් ආහාර කොන්ත්‍රාත්තුව ලබා සිටින පුද්ගලයාගෙන් කිරිබත්, කොකිස්, කට්ලට් සහ කඩල යනාදිය පිසවාගෙන ඇති අතර ඒ සඳහා යොදවා ඇත්තේ දරුවන්ගේ කෑම වෙනුවෙන් වෙන් කළ මුදලින් බව ද දැනගන්නට ඇත.

සිද්ධිය වූ දින දරුවන්ට ආහාර ලබා නොදෙන බවත් එදිනට දරුවන්ට කෑමට යමක් නිවෙසින් රැගෙන එන ලෙස ඡංගම දුරකතනය හරහා කෙටි පණිවිඩයක් මගින් දැනුවත් කර ඇත.

නමුත් දරුවන්ට ආහාර ලබාදුන් බව පවසමින් ඒදින නියමිත වවුචර්පත් අත්සන් කොට ඇතැයි ද තතුදත් ආරංචි මාර්ග කියයි.

විදුහල්පතිනියගේ සැමියා ද එම ප්‍රදේශයේ වෙනත් පාසලක විදුහල්පතිවරයකු බව ද දැනගන්නට ඇත.

මෙන්න බලන්න තවත් පුවත්