
මොළයේ ලේ කැටි ගැසීමක් නිසා මේ වන විට රෝහල්ගතව සිටින සංගීත් විජේසූරිය ගැන මේ වන විටත් සමාජ මාධ්‍ය තුළ විවිධ තොරතුරු හුවමාරු වනවා.
ක්ෂේත්රයේ බොහෝ පිරිසක් සංගීත් වෙනුවෙන් ඉක්මන් සුව ප්‍රාර්ථනා කර තිබුණා.
මේ අතර, ප්‍රසංග වේදිකාවේ නිවේදන ශිල්පියෙක් ලෙස කටයුතු කරන ඩෙන්සිල් නුගේගොඩ සිය සමාජ මාධ්‍ය ගිණුමට සටහනක් එක් කරමින් සඳහන් කර තිබුණේ,සංගීත් ගිලන්ව ටික කලක් ගත වන බවයි.
එම සම්පූර්ණ සටහන පහතින්..
ඔහු ගිලන් වූ වග දනිතත් සති දෙකකට නොවැඩි කාලයක්.අප සුමිතුරු රෑන එය සගවා සිටින්නට තැත් කළේ ඔහුට ඇති ආදරේම වෙන නිසා අනදරයක්.
සුව අතට හැරෙමින් ඉන්න ඔහුට ඔහුව විමසන අයට දෙන්න බැරිවෙයි මනසට අවැසි විවේකයක්.ඒ ගැන සිතා ඔහුව බලන්නට කතාකරන්නට යාමම වෙන නිසා ඔහුට වෙන හිරිහැරයක්.ඒතරම් ආදරේ ඈයන්ට ඔබට කලහැකියි සුව ප්‍රාර්ථනාවක් .එයම සලකා කරන්න පුළුවන්නම් ආගම දහමේ පිහිට සුවය පතා එවන් සෙත් ශාන්තියක්.ඒ නිසාවෙන්ම ඔහු තිර ලෙස සුවය ලබනවා නමුත්.වෙයි ඊට හේතුවක් ලැබෙන්නට ඉක්මන් සුව සහනයක්.
පැරණි පුවත් – පාළු තැනකදී විවාහක තරුණියකට කැත වැඩක් කරන්න ගිය 63ක් වයස සීයාව තල්ලු කරලා බිම වැටිලා වුණු හිතාගනවත් බැරි දේ මෙන්න
බේරුවල පොලිස් වසමට අයත් හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පාළු පෙදෙසකදී කතකට අතවර කිරීමට සැරසුණු අයෙකු එම කාන්තාව විසින් තල්ලු කර දැමීමෙන් පසුව එම ස්ථානයේදීම මියගොස් ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධව බේරුවල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
දැනගන්නට ඇති පරිදි සිද්ධිය මෙසේය. 35 වියැති මෙම කාන්තාව වාද්දුව ප්‍රදේශයේ ඇති සංචාරක හෝටලයක සේවය කරන්නියකි. ඇය පසුගිය 26 වැනිදා රැකියාවේ වැඩ කටයුතු නිම කොට බේරුවලට පැමිණ ඇත්තේ පස්වරු 6.30 ට පමණය. එහිදී මීට පෙරද නිතර මුදල් ගනුදෙනු කරන දන්නා හඳුනන මේ පුද්ගලයාගෙන් රුපියල් 1000 ක් ඉල්ලා ගෙන ඇති අතර, පසුව ඔහුගේ ත්‍රිරෝද රථයටම නැගී නිවෙසට යාමට ගොස් තිබේ. නිවෙස පසුකර තවත් ඉදිරියට යන විට ඒ ගැන විමසූ විට කිසිවක් කතා නොකර සිටි මේ පුද්ගලයා තවත් ඉදිරියට ගොස් හෙට්ටිමුල්ල රිචන්ට් ස්ටේට් නමැති වෙන්දේසි ඉඩම අසලදී රිය නවතා අතවරයට සැරසෙද්දී ඔහුව තමා තල්ලු කර දැමූ බවත්, බිම වැටුණු ඔහු මීමැස්මොර රෝගියෙකු මෙන් වෙව්ලන්නට වූ නිසා නිවෙසට දිව ගොස් සැමියා සමග පැමිණ, පසුව පොලිසියට ගොස් පැමිණිල්ලක් කළ බවත් දැනගන්නට ඇත.
ඒ අනුව මේ පුද්ගලයා වැටී සිටි තැනට පොලිසිය පැමිණ ඇති අතර, පසුව 1990 ගිලන් රථයද ගෙන්වා ඇතත්, ඒ වන විටත් මිය ගොස් ඇති බව දැනගන්නට ලැබී ඇත. මෙසේ මිය ගොස් ඇත්තේ බේරුවල, මොරගල්ල අංක 110 ලිපිනයේ පදිංචිව සිටි, 63 වියැති කුඩාදුර නිමල් තිලකසිරි ද සිල්වා නමැති අයෙකු බවත් හඳුනා ගෙන ඇත. මේ පිළිබඳ මහෙස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව තිබූ අතර, බේරුවල පොලිස් ස්ථානාධිපතිගේ මෙහෙයවීම යටතේ වැඩිදුර පරීක්ෂණ සිදු කිරීමට නියමිතය.
නියාගම විල්සන්ට් විජේසිංහ
දිවයින