
පියුමි හංසමාලි සහ පුෂ්පිකා ද සිල්වා කියන්නේ එකම ක්ෂේත්‍රයක එනම් නිරූපණ ක්ෂේත්‍රයේ කටයුතු කරන සුරූපිනියන් දෙපලක්. විවිධ ආන්දෝලනාත්මක කතාබහට ලක්වෙන මේ සුරූපිනියන් දෙදෙනා ගැනම සමාජ ජාලාවල අය නිතරම කතාබහ වෙනවා.
ඊයේ පුෂ්පිකා ඇයට ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාර මෙන්ම, තවත් වෙනස්ම විදිහේ සටහනක් ඇගේ සමාජ මාධ්‍ය ගිණුමේ ‘ස්ටෝරි’ ලෙස පළ කර තිබුණා. පියුමි හංසමාලිද පසුව ඇගේ සමාජ මාධ්‍යවල ස්ටෝරීස් ලෙස වීඩියෝ පටයක් පළ කරමින් සටහනක් පළ කරලා තිබුනා.
බැලූ බැල්මට මේ සුරූපිනියන් දෙදෙනාම පළ කළ සටහන් වල යම් සහසම්බන්ධයක් ඇති බව නම් පෙනෙනවා.
පසුව පියුමි ඇගේ ඉන්ස්ටර්ග්‍රෑම් ස්‍ටෝරීහී එක්තරා තරුණ කාන්තාවක් වයස්ගත පුරුෂයෙක් එක්ක ඉන්න ඡායාරූපයක් පල කරමින් ද්වේශ සහගත සටහනක් පළ කරලා තිබුනා.
එම සටහනේ Mrs World ලෙස සටහන් කර තිබුණු නිසාත් ඇය මීට පෙර පළ කළ සටහනේ සහ පුෂ්පිකාග්ටේ සටහන්වල සම්බන්ධයක් තිබුණු නිසාත් මෙවර පියුමි හංසමාලි මෙලෙස බැනවදින්නේ පුෂ්පිකා ද සිල්වාට බව නොඅනුමායි..
පහත දැක්වෙන්නේ පියුමි ස්ටෝරීස් ලෙස සටහන් කළ සටහන් පෙලයි…
පැරණි පුවත් – දරුවාගේ පළමු පාසල් දිනයේ දී මවට අත්වූ ඛේදනීය ඉරණම
දරුවෙක් පළමු ශ්‍රේණියට ඇතුළත් වීම දෙමාපියන්ට මහත් සතුටක් ගෙන දෙන කරුණක් වුවත් එවැනි දිනයක සිදුවු ඛේදනීය පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් වාර්තා වුණි.
ඒ සිය දරුවා පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමට ගොස් සිටි මවකට ඇයගේ සැමියා විසින් අමානුෂික ලෙස තියුණු ආයුධයකින් ගෙලට සහ අතකට පහරදීමක් සිදුකර තිබුණි.
පහරදීමෙන් තුවාල ලැබු කාන්තාව කෑගල්ල මහ රෝහලට ඊයේ (28) පෙරවරුවේ ඇතුළත් කර ඇතැයි දේවාලේගම පොලීසිය පවසයි.
ඉඹුල්ගස්දෙණිය, මාඔය වත්ත ලිපිනයේ පදිංචිව සිටින 25 හැවිරිදි එක්දරු මවක් එලෙස තුවාල ලබා තිබුණි.
මීට මාස හතරකට පෙර ආරවුලක් හේතුවෙන් ඇය සැමියා සමග අමනාප වී දරුවා ද සැමියාට භාර දී නිට්ටඹුව ප්‍රදේශයේ සිටින ඥාතියකුගේ නිවසකට ගොස් නතර වී සිට ඇත.
දරුවා බටුවත්ත කනිෂ්ඨ විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමට ඇය මහ ගෙදරට පැමිණ දරුවා එම නිවසට කැඳවාගෙන එන ලෙස සැමියාට දුරකථනයෙන් පවසා තිබුණි.
පසුව සැමියා විසින් දරුවාගේ හා ඔහුගේ පාසල් ඇඳුම් කට්ටලය ද බිරිඳගේ මහ ගෙදරට ගිහින් දී ආපසු නිවසට ගොස් තිබේ.
පසුව පහරකෑමට ලක්වු කාන්තාව දරුවා රැගෙන පාසල වෙත ගොස් දරුවාව භාරදී විද්‍යාලයේ පැවති උත්සවයකට ද සහභාගි වී විදුහල්පති කාර්යාලයට යන අවස්ථාවේ සැමියා පැමිණ මත්ද්‍රව්‍ය පානය කිරීමට මුදල් අවශ්‍ය බැවින් සිය දුරකථනය උකස් තැබීමට ඉල්ලා ඇත.
ඇය ඊට අකමැත්ත ප්‍රකාශ කිරීම නිසා ඉනේ සඟවා ගෙන සිටි පිහියෙන් ගෙල ප්‍රදේශයට සහ අතකට පහරදී තිබේ.
තුවාලකාරියගේ තත්ත්වය බරපතළ නොවන බවත් ශල්‍යකර්මයකට භාජනය කිරීමට නියමිත බවත් රෝහල් පොලීසිය පැවසීය.
සැකකාර සැමියා කාලයක සිට තදින්ම මත්ද්‍රව්‍ය පානය කිරීමට ඇබ්බැහි ව සිටින අයෙකු බවද පොලීසිය පවසයි.