
වනඅලියෙකු පළවා හැරීමේ මෙහෙයුමක යෙදී සිටි වනජීවි නිලධාරියෙකු, වනඅලි පහරදීමකින් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ගලෙන්බිඳුණුවැව, පඩිකාරමඩුව ප්‍රදේශයට ඊයේ (28) රාත්‍රී කාලයේ පැමිණ සිටි වනඅලියෙකු පළවා හැරීමේ මෙහෙයුමකදී එම අනතුර සිදුව ඇත.
එසේ මියගොස් ඇත්තේ, 42 හැවිරිදි කීරියගස්වැව, මෙගොඩවැව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
එම වනජීවි නිලධාරීයා රිටිගල වනජීවි කාර්යාලයේ ප්‍රධානියා වශයෙන් රාජකාරියේ නිරතව සිට ඇති බව පොලීසිය පවසයි.
මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා ගලෙන්බිඳුණුවැව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් ගලෙන්බිඳුණුවැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
පැරණි පුවත් –මම කැමති නෑ මගේ වයිෆ් එහෙම කතා අහනවට. මට ඒ අඩුව පුරවගන්න වෙන ගෑනියෙක් ඕනේ නෑ – තීක්ෂණ අනුරාධ හෙළි කළ ඇත්ත
පෙරදාක සුසුමක් සිත රැඳී..””සායම් කිරිල්ලී..””බෝඩිමේ ගීතය” වැනි අතිශය ජනප්‍රිය ගී රැසක් ගැයූ ගායන ශිල්පී තීක්ෂණ අනුරාධ ව ඔබ හොඳින්ම දැන අඳුනනවා.
එදා තරුණ තරුණියන් වසඟයට ගත්ත තීක්ෂණ අද දරු පැටවුන් දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක්.
ඒ කියන ‘තාත්තාගේ භූමිකාව’ ගැන කියන්න ඔහු යූටියුබ් නාලිකාවක් එක්ක එකතු වෙලා හිටියා.
ඔබ නැති දවසක බිරිඳ වෙන විවාහයකට යනවට ඔබ කැමතිද ?
මම එයාට ඒක තීරණය කරන්න දෙනවා. මම කලින් මැරුණොත් එයා බඳිනවට මම කැමති. ගෑනියෙක් කියන කෙනා තනි වුණොත් පිරිමියෙක්ට එන්නම වෙනවානේ ගෙදරකට. මම නැති වුණොත් එයාට කතා හැදෙන ප්‍රවණාතාවය වැඩී. මම කැමති නෑ මගේ වයිෆ් එහෙම කතා අහනවට.
තීක්ෂණ දෙවැනි පාර විවාහ වෙයිද ?
මට එහෙම අවශ්‍ය නෑ කියලා මම හිතනවා. අපිට හැමදෙයක්ම කරගෙන තියෙන්නෙ. මට ශක්තිමත් පුතාලා දෙන්නෙක් ඉන්නවා. බිරිඳ නැති වුණොත් අමාරුයි. නමුත්.. මට ඒ අඩුව පුරවගන්න වෙන ගෑනියෙක් ඕනේ නෑ.
අනියම් සම්බන්ධතා ගැන තීක්ෂණගේ අදහස?
අනියම් සම්බධතා කියන්නෙ මිනිහෙක්ට ජීවිතේ වරදින්න පුලුවන් තැනක්. ඒ වගෙ දෙයක් ජීවිතේ ට ආවොත් සතුට කියන දේ අපෙන් ඈත් වෙනවා. ඒවා එන්නෙත් ඇරියස් නිසයි.