
කැතරින් නොහොත් තරින්දි ප්‍රනාන්දු. “රැල්ල වෙරළට ආදරෙයි” බලන හැමෝටම ඇයව අමතක නැතුවැති. ඒ වගේ ම මේ දිනවල අතිසාර්ථකව තිරගත වන ‘ගින්දරි 3’ චිත්‍රපටයෙනුත්, අපිට ඇයව මුණ ගැහෙනවා. පසුගිය දවසක යූටියුබ් නාලිකාවක් හා එක්වෙමින් තරින්දි කියූ කතාවක් තමා මේ.
ගෑනූ ළමයි ලීක් කරගත්ත ඒවා ගැන මහා ඉහළින් කතා කරනවා ඇහිලා ඇති?
මාත් ගැහැනියක්. නමුත් පිරිමියෙක්ට ඔය වගෙ ප්‍රශ්නයක් ඇති වුණොත් ටික කාලයයි. හැබැයි ගැහැනියකට නම් ලොකු කාලයක් යනවා. මම අහන්න කැමතියි ඔය දේවල් කරන අයගෙන් තමන්ගේ අම්මට නංගිට ඔහොම වුණොත් ඒ ලින්ක් එක ඕපන් කරනවද. හිත දෙනවද ඕපන් කරනවා.
ජීවිතේ ආපස්සට යනවා නම කැමතිද තැනක් වෙනස් කරගන්න?
එහෙම එකක් නෑ. මම විශ්වාස කරන්නෙ මේ ප්ලෑන් එක දෙවියන් වහන්සේගේ කියලා. මම මේ ගමන පිටිපස්සට හැරෙන් නැතුව යනවා. මම ආදරේ බැඳගෙන නෑ. නවත්තගන්නවා කියන්නෙ ආත්මාර්ථකාමී.. මම යන මිනිස්සුන්ට යන්න දෙනවා. ඉන්න මිනිස්සු එක්ක සතුටින් ඉන්නවා.
ඔන්න ඇගේ අලුත්ම සේයාරූ පෙළක් අපිට මුහුණු පොතෙන් හමුවුණා.
ඇය සුන්දර මනාලියක් ලෙසින් සැරසුණු මේ ඡායාරූප පෙළේ ඇයව හැඩගන්වා තිබුණේ රූපලාවන්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ විසිනුයි.
හැබැයි ඉතින් මේක ඡායාරූප එකතුවක් විතරයිලූ හොඳේ.
පැරණි පුවත් – නොමිලයේ දෙන බේත් කඩෙන් අර ගත් බව පවසා දුව පියාගේ පින් පඩියට තට්ටු කරලා
දියවැඩියාව ඇතුළු නිදන්ගත රෝග කීපයකින් පෙළෙන සිය පියාට රජයේ රෝහලින් නොමිලයේ ලැබෙන බෙහෙත් ගෙනගොස් දී ඒවා පෞද්ගලික ඔසු සලකින් මිල දී ගත් බව හඟවමින් ඔහුගේ පින් පඩියට තට්ටු කළ දියණියක් පිළිබඳව පුවතකි.
සිද්ධිය මෙසේය.
ඔහු දියවැඩියාව ඇතුළු නිදන්ගත රෝග කීපයකින් පෙළෙන වයෝවෘද්ධ පුද්ගලයෙකි. දරුවන් හත්, අටදෙනෙකු හදා වඩා උස්මහත් කළ ද බොහෝ දෙනකු ඔහු මඟ හැර ගොසිනි. සෙසු පිරිසට ද ඔහුට සලකන්නට තරම් වත්කමක් නොතිබිණි. ඒ නිසාම ඔහුට ජීවත් වන්නට සිදුව තිබුණේ රජයෙන් ලැබෙන සොච්චම් පින් පඩියක ආධාරයෙනි.
ඒ අතරතුර ඔහුට නිදන්ගත රෝග කීපයක්ම වැළඳුණු අතර ගමේ රෝහලේ සායනයට පැමිණ මාසිකව බෙහෙත් ලබා ගන්නට ද සිදුව තිබිණි.කල්යත්ම මාසිකව ලැබෙන බෙහෙත් ටික ගෙනවිත් දීමට ඔහු සිය දියණියට පැවරුවේ මහ මඟ යන්නට තරම් දෙපා වාරු නැති බව ඇයට පවසමිනි.සෑම මසකම රෝහලට පැමිණ සායනයෙන් බෙහෙත් ටික ලබා ගන්නා ඇය ඉන් අනතුරුව තැපැල් කන්තෝරුව වෙත ගොස් සිය පියාගේ පින් පඩිය ද ගන්නට ද පුරුදු වී සිටියාය.
රජයේ රෝහලෙන් ලැබෙන සිය පියාගේ බෙහෙත් මල්ලත් රැගෙන පියා බැහැ දකින ඇය සිය පියාට පවසා ඇත්තේ කිසිදු බෙහෙතක් රෝහලේ නොමැති අතර සියලු බෙහෙත් විශාල මුදලක් ගෙවා නගරයේ ඔසු සලෙන් තමුන්ට මිලදී ගන්නට සිදු වූ බවකි.ඒ සඳහා යම් තරමකට හෝ සහනයක් ලෙස පියාගේ පින් පඩිය තමා වියදමට ගත් බවද ඇය පැවසුවාය.
පසුගිය දිනක ඇයට සායනය වෙත යෑමට නොහැකි වූ අතර එම කාර්යය පැවරුණේ ඔහුගේම ලේලියටය. මේ කිසිත් නොදත් ලේලිය සුපුරුදු ලෙස සායනයට ගොස් රජයේ රෝහලින් නොමිලයේ ලැබෙන බෙහෙත් මල්ල ගෙනැවිත් මොහු අත තැබූයේ ඔහු පුදුමයට පත් කරවමිනි.