
රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී කලාකරුවා මේ මොහොතෙත් ඉන්නෙ ජාතික රෝහලේ දැඩි සත්කාරයේ ප්‍රතිකාර ලබමින්.
ඉතින් ඔහු වෙනුවෙන් බොහෝ පිරිස් ආශිර්වාද එකතු කරමිනුයි ඉන්නෙ.
එවන් මොහොතක පසුගිය දවසක ජැක්සන්ගේ ආදරණීය බිරිඳ කුමාරි මුණසිංහ යුටියුබ් හි වැඩසටහනකට එකතු වෙලා හිටියා.
මේ තියෙන්නෙ ඒ වෙලාවේ ඇය කියපු කතාවක්..
“මම සත්ක්‍රියා කරනවා. දුකින් ඉන්න, අඬපු අය වෙනුවෙන් ගොඩක් දේ කරපු කෙනෙක් මම. මට මතක සිද්ධියක් කියන්නම් මම.. පොලියෙස්ටර් ගවුමක් මහලා දීලා තිබ්බා අම්මා. ගවුම් දෙකක්.. මගේ යාලුවෙක් එක දවසක් නෙට් බෝල් කරද්දි එයාගේ ඇඳුම ඉරුනා. මම එයාගේ නම කියන් නෑ. එයා අඬන්න ගත්තා. එයාගේ අම්මා හරි වසයි, බැනුම් අහන්න වෙයි, කියලා. මම අඬන්න එපා කියලා හවස පුස් බයිසිකලෙන් ගිහින් මගේ ගවුම ගිහින් දුන්නා. ඒක මගේ අම්මට ඒක නොකියා පුරා අවුරුද්දක් තනි ගවුම හෝද හෝද ඇන්ඳා මම…”
“මගේ යාලුවෝ හුඟක් දෙනෙක් දන්නවා මම ගැන. එයාලගෙන් ඇහුවොත් ඔවුන් කියයි මම ගැන. ඉතින් මම සත්ක්‍රියා කරන්නෙ. මගේ සැමියාට නරක දෙයක් කවදාවත් වෙන් නෑ. එයා නැති වුණා කියලා තුන් පාරක්ම යූටියුබ් වල දාලා තිබ්බා. ඔහු සුවපත් වෙනවා, හැබැයි කලක් යයි..”
පැරණි පුවත් – රෑට පිටකොටුවෙ පොඩි රූම් එකක නැවතිලා ඉඳලා උදේට ලස්සනට මේකප් කරගෙන ක්ලාස් එකට ආවේ- ත්‍රිකලාගේ Fashion Show එක වෙලාවේ හැමෝම අඬපු රිස්වාන්ගේ කතාව
ත්‍රිකලා ධරණි… ඒ නම කියූ සැණින් ඔබට මතක් වෙන්නේ ඇගේ රෝස පාට රේන්ජ් රෝවර් රථය එහෙමත් නැත්නම් මෑතකදී ඇය මිලට ගත් රෝස පැහැ මෝටර් රථය බව නිසැකයි. ත්‍රිකලා පසුගිය සමයේ ක්ෂේත්රයේ විවේචනය ලක්වෙන්න වුණා.
ඒකට හේතු වුණේ ඇගේ නිරූපණ පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමඟ ඇය පැවැත්වූ Fashion show එක. මේ නිසා ක්ෂේත්රයේ ප්‍රවීණයන් ඇයව ෛතා දරුණු මට්ටමින් විවේචනය කළා.
ත්‍රිකලා නැවතත් ඇගේ නිරූපණ පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් එක්ක Fashion show එකක් පවත්වලා තිබුනා. එහිදී එක්තරා විශේෂ කෙනෙක් ගැන එම පුද්ගලයාගේ ධෛර්යය ගැන ත්‍රිකලා හැමෝටම පැවසුවා.
ඔහු නමින් රිස්වාන්. රිස්වාන් ගැන ත්‍රිකලා පැවසුවේ මෙසේයි.
“රිස්වාන් මගේ ළඟට එන්නේ නිරූපනය ඉගෙන ගන්න විතරක් නෙමෙයි එයාට එයාව හොයාගන්න. මට මතකයි පළවෙනි දවසේ සපත්තු දෙකක් දාගෙන ඩෙනිමක් ඇඳගෙන තරුණයෙක් එනවා. ඒත් මම එයාගේ ලොක් විශේෂත්වයක් දකිනවා. මම එයාගෙන් ඇහුව පුතේ ඇත්තටම ඔයාට වෙන්න ඕනේ කවුද කියලා. මේක අපි විවෘතව කතා කරන්න ඕනේ. රිස්වාන් වගේ තව හැංගිලා ඉන්න දරුවො ඉන්නවා නම් එන්න මගේ ළඟට. මම ඔයාට ඔයාව හොයලා දෙන්නම්. මම ඔයාව සමාජයෙන් කොන් වෙන්න දෙන්නේ න. මිනිස්සුන්ට හිනාවෙන්න දෙන්නේ න. මම ඔයාගේ නම බ්‍රෑන්ඩ් එකක් කරනවා. රිස්වාන් කියන්නේ මේ අද මම වෙච්ච ඒ පොරොන්දුව.
මම රිස්වාන්ට කිව්වා පුතේ ගලවන්න ඔය සපත්තු දෙක දාන්න හීල් එකක් කියලා. එයා ඇහුවා මිස් කොහොමද හීල් එකක් ගන්නේ කියලා. මම කිව්වා කඩේකට ගිහින් ගන්න හීල් එකක් නැත්තං මම මගේ එකක් දෙන්නම් ඔයාට කියලා. එයා පළවෙනිවතාවට හීල් එකක් දැම්මා. එයාට ඇවිදගන්න බැහැ. පංතියෙ ළමයි ජෝඩි ජෝඩු ඇවිද්දවනවා රිස්වාන් එක්ක ඇවිදින්න කවුරුත් නැහැ. මම ගියා. මම පංතිය ඉවර වෙනකං රිස්වාන් එක්ක Catwalk කළා. රිස්වාන් අද අඟල් ගාණක හීල් එකක් දාගෙන ලස්සන ගවුමක් ඇඳගෙන මේ වේදිකාවේ ඇවිද්දා. එයාට එයව මේ වේදිකාවේදී මුණගැහිලා තියෙනවා.
මේ දරුවා කොලබ ලමයෙක් නෙමෙයි. අක්කරෙයිපත්තුවේ ඉඳලා මගේ පක්තියට එන්නේ. එහෙ යන්න බස්වත් නැහැ. මෙයා පංතිය තියෙන කලින් දවසේ රෑ ඇවිත් කොටුවට ඇවිත් පුංචි කාමරයක් අරගෙන ටිකක් නිදාගෙන මොනාහරි කාලා මේකප් එක දාගෙන ෆ්‍රෙෂ් පිට එනවා කොලබ ළමයෙක් වගේ. අද ඉඳලා ඔයාට ලස්සන ගමනක් තියෙනවා. මම ඉන්නවා ඔයාට ඕනෙම දෙයකට. මෙතනින් එහාට ඔයා අඬන්න ඕනේ නැහැ.”