
ඉන්ධන මිල අද (29) සිට පහත දැමීමට රජය තීරණය කර තිබේ .
ඒ අනුව ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 60 කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 135 කින්, සුදු ඩීසල් ලීටරය රුපියල් 80 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 45 කින් අඩු කර තිබේ.
මේ අතර භූමිතෙල් රුපියල් 10 කින් අඩු කිරීමට පියවර ගෙන ඇත.මේ අතර ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ අඩු කළ තෙල් මිලට සාපේක්ෂව ඉන්දිය තෙල් සමාගමද ඉන්ධන මිල අඩුකිරීමට පියවර ගෙන
තිබේ
ඒ අනුව නව තෙල් මිල මෙසේය.
ඔක්ටෙන් 92 පෙට්‍රල් ලීටරයක් රුපියල් 340. ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 375. සුදු ඩීසල් ලීටරයක් රුපියල් 325.සුපිරි ඩීසල් ලීටරයක් රුපියල් 465.භූමිතෙල් ලීටරයක් රුපියල් 295.
ඒ අතර රාජකාරියට බාධා කළ තෙල් සේවකයන් නිවාඩු යවයි
ඉන්ධන බෙදාහැරීමේ කටයුතුවලට බාධාවන ලෙස සහ ඉන්ධන බෙදාහැරිමේ රාජකාරි කටයුතුවල සේවයේ යෙදී සිටි සේවකයන්ට බලපෑම් කරමින් එම සේවා අවහිර කිරීමට කටයුතු කළ වෘත්තීය සමිති නායකයන් සහ එයට සහය දුන් සේවකයන් අනිවාර්ය නිවාඩු ගැන්වීම තීරණය කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එම සේවකයන්ට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පරිශ්‍රයන් සහ ලංකා ඛනිජ තෙල් තොග පර්යන්ත සේවා පරිශ්‍රයන් තහනම් කලාප බවට පත්කර ඇති බවත් සෙසු නිලධාරීන් සේවයට වාර්තා කර ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සහ අනෙකුත් සේවාවන් පවත්වාගෙන යාමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටින බවත් එම නිවේදනය වැඩිදුරටත් සඳහන් වේ.
තවද,
ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ වෘත්තිය සමිති ආරම්භ කළ වර්ජනය හේතුවෙන් අද (28) පස්වරුව වන විට රට පුරා ඉන්ධන පිරවුම්හල්වල දිගු පෝලිම් දැකිය හැකිවිය.
කොළඹ සහ අවට ප්‍රදේශවල ඉන්ධන පිරවුම්හල් අසළ ඊයේ රාත්‍රී දිගු පෝලිම් නිර්මාණය වී තිබීම කැපී පෙනුණි.
වර්ජනය අවසන් නොවුණ හොත් ඉන්ධන පිරවුම්හල් ගැටලුකාරී තත්වයකට පත්වන බවත් රාත්‍රී වන විටත් බොහෝ පිරවුම්හල්වල තොග අවසන්ව තිබූ බවත් ඉන්ධන පිරවුම්හල්හිමියන්ගේ සංගමයේ නිලධාරියෙක් පැවසීය.