
පලෙයි ඒ 9 මාර්ගයේ දී හිතාමති පුද්ගලයකු කැබ් රථයකින් යටකර ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පලෙයි ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු අත්අඩංගුවට ගත් බව පලෙයි පොලිසිය කියයි.
සිද්ධියෙන් මියගොස් ඇත්තේ මුහමලේ ප්‍රදේශයේ පදිංචි යූ තිරුබරාජ් (28) නමැති පුද්ගලයකු බව පොලිසිය පවසයි.
පෙර පුද්ගලික ආරවුලක් මුල්කරගෙන මොහු තවත් පුද්ගලයන් දෙදෙනකු සමග ඉහත ව්‍යාපාරිකයාගේ නිවසට ගොස් ඔහු සමග බිහින් බස් වී ඔහුට කඩුවකින් පහර දී තුවාල සිදුකර ඇති බව පොලිසිය පවසයි.
ව්‍යාපාරිකයා සිද්ධිය පලෙයි පොලිසියට පැමිණලි කිරීම සදහා රාත්‍රියේ ම ඔහුගේ කැබ් රථයෙන් පොලිසිය වෙත ගමන් කරමින් සිටියදි ඒ 9 මාර්ගයේ ඉන්ද්‍රාපුරම් ප්‍රදේශයේ දී ඉහත සැකකරුවන් තිදෙනා මාර්ගයේ ගමන් කරනු දැක සැකකාර ව්‍යාපාරිකයා ඔවුන් තිදෙනා කැබ් රථයෙන් යටකර නොනවත්වාම කැබ් රථය පලෙයි පොලිසිය වෙත පැමිණ බාර වී ඇති බවද පොලිසිය සදහන් කරයි.
සිද්ධිය සැලවීමත් සමග පොලිසිය තුවාල ලබා සිටි පුද්ගලයා පලෙයි රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසුව එම පුද්ගලයා මියගොස් ඇත.
පැරණි පුවත් – හෝටලේකට ගිහින් කාලා එන්න අපිට අයිතිය තියෙනවා- කොළඹ තරු පන්තියේ සුපිරි හෝටලයක වසන්ත මුදලිගේ චූන් එකේ හිටියද? බුකිය කැළඹූ ඡායාරූපය ගැන, මුදලිගේ පළමුවරට උත්තර දෙයි..
තමන් සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන ඡායාරූපය පිළිබදව අන්තරේ කැදවුම්කරු වන වසන්ත මුදලිගේ අද දින පළමුවරට මාධ්‍ය හමුවේ අදහස් පළ කළා.
ඔහු සඳහන් කළේ, තමන් නොගිය තැනක් ගැන කියමින් ආණ්ඩුවේ පිරිස් මඩ ප්‍රහාර දියත් කරන බවයි.
ඔහු කියූ සම්පූර්ණ කතාව පහතින්..
“ඒකට දෙන්න ඕනි උත්තරේ තමයි සද්දෙට හිනාවෙන එක.. එකක් තමයි, බොරු ප්‍රචාර ගොඩක් කරලා ආණ්ඩුවට ඕනි ආණ්ඩුවට විරුද්ධව කතා කරන පාර්ශවවලට අවලාද නඟන එක තමයි ආණ්ඩුවේ රාජකාරිය. රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න අමතක කරලා. අපි ගියේවත් නැති තැනකට, වෙන ෆොටෝ එකක් අල්ලලා මතයක් හැදුවට අපි පිළිගන් නෑ. අපිට ඒක අදාළත් නෑ. අනිත් එක තමයි, ගියත් ඒක අමුතු දෙයක් නෙවෙයි. අපිට අවශ්‍ය නම් අපි යනවා, අපි ඔය ෆොටෝ එකේ කියන විදිහට ගිහින් නෑ. අපිට ඔය මඩ අදාළ නෑ. අපි ජනතාවගේ පැත්තෙ ඉන්නෙ. ආණ්ඩුවට පුළුවන් නම් ෆොටෝ එකක් අල්ලලා මොකක් හරි ගොබ්බ කතාවක් හදලා ආණ්ඩුව නිහඬ කරවන්න? හිනාවෙන එක ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ..”