අපට සිටි ජේෂ්ඨතම ගාන්ධර්වයෙක් වූ සංගීත් නිපුන් මහාචාර්ය සනත් නන්දසිරි සූරීන් අද උදෑසන සිය දිවි සැරිය නිමා කළා.

මෙරට කලා කෙත පෝෂණය කරවීමට ඔහු කළ සේවය අති මහත්.ඔහුගේ වියෝව පිළිබඳව ලියවෙන සංවේදී සටහන් සෑහෙන්න.

මේ ඔහු ගැන මතක අවදි කළ දයාන් විතාරණයන්.”සනත් අයියේ ඔබේ නික්ම යෑම මට දරාගන්න බෑ

අපේ රටේ හිටිය සුවිශේෂී ම, ජේෂ්ඨතම ගාන්ධර්වයෙක් වුණ සම්මානිත මහාචාර්ය සනත් නන්දසිරි ලංකාවේ මහා දැවැන්ත ප්‍රභාමත් චරිතයක් වුණත්, ඔහු සමීපතමයන් සමග හිටියේ ගොඩක් සැහැල්ලු වගේම නිහතමානී අයුරින් බව දන්නේ අපි කිහිපදෙනෙක් විතරයි.
මගේ චිත්‍රාගාරයට පැමිණෙන අවස්ථාවලදි වුණත් චිත්‍රාගාරයේ තියෙන බොරු කොණ්ඩ, තොප්පි වගේ දේවල් දාගෙන සනත් අයියා මා එක්ක ඡායාරූප අරන් තියෙනවා. ඒ ඔහුගේ නිහතමානී සරලකම. විටෙක පොඩි දරුවෙක් තරමට සනත් අයියා හරි සුන්දර චරිතයක්.

මං වෙන අයත් එක්ක පින්තූර ගන්න කොට වුණත් සනත් අයියා ඒ අහළ පහළ හිටියොත් “අපිත් මෙහෙ ඉන්නවා” යනුවෙන් පවසමින් මට කතා කරනවා. හැම තිස්සෙ ම මාව තමන්ගේ පුතෙක් විදිහටත් සනත් අයියා හඳුන්වන්න අමතක කළේ නෑ. ඒක මට ගොඩක් ලොකු ආශිර්වාදයක් වගේම ගෞරවයක්.

මෑතකදී තිබුණ ගොඩක් ප්‍රසංගවලට සනත් අයියා අසනීපයෙන් සිටි නිසා, ඔහුගේ ගීත ගයන්න ආරාධනා ලැබුණේ මට. මල්කාන්ති අක්කා වගේම අනූ වුණත් මට දක්වන්නෙ ගොඩක් ලොකු ආදරයක්. අනූ නිතර කියන්නේ සද්ධන්ත ලෙස වේදිකාවට ඇවිත් මම ගී ගයද්දි ඇයට ඇගේ පියා සිහිවෙන බවයි. නමුත් මේ හැම මතකයක් නිසා ම මට තවමත් සනත් අයියා මියගිය බව අදහන්න අපහසු කරුණක් වෙලා.

ආදරණීය සනත් අයියා කියන්නෙ පොළොවේ පය ගසා සිටි ප්‍රවීණයෙක්. මට හැමදාමත් පියෙක් වගේ ආදරයෙන් සැලකුව සමීපතමයෙක්. ආදරණීය සනත් අයියා, හිත පිරුණු දුකින් වුණත් මේ දුක් පිරුණු සසරෙන් නික්ම යන්නට අපට පෙර ඔබට වාසනාව හිමිවේවායි මම පිංපෙත් පමුණුවමි !!!

මෙන්න බලන්න තවත් පුවත්