
රත්ගම බූස්ස ප්‍රදේශයේ දෙදරු මවකට අතවර කළ දෙදරු පියෙකු ඊයේ (26) අත්අඩංගුවට ගත්බැව් රත්ගම පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ 48 වියේ පසුවන අයෙකි. මොහු මෙම කාන්තාවගේ නිවසට ගොස් වතුර වීදුරුවක් ඉල්ලා ඇත. කාන්තාව වතුර වීදුරුව රැගෙන ඒමට නිවස තුළට ගිය අවස්ථාවේ සැකකරු ඇයගේ පිටුපසින් ගොස් කාන්තාව බදාගෙන ඇත. ඒ සමග කාන්තාව සැකකරුට කම්මුල් පහරක් එල්ලකොට තිබේ. සැකකාර පුද්ගලයා රුපියල් 1000ක මුදලක් නිවස තුළ තබා මේ ගැන කාටවත් නොකියන ලෙස පවසා පිටව ගොස් ඇත.
කාන්තාව විසින් පොලිසියට කරනු ලැබූ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. රත්ගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි ගාල්ල
පැරණි පුවත් – ආදරය කියන්නේ කාලය විසින් නොගැලපිම් ඇවිත් වෙන් වුන පසුවත් ලැබෙන හැම අවස්තාවකම මානසිකව වද දෙන එක, මඩ ගහන එක නෙමෙයි
රූ රැජිනක් වගේම කුඩා කාලයේ ඉදලම නර්තනය හදාරපු ඒ සුරූපිනිය තමයි නර්මදා යාපා කියන්නේ. පොඩි කාලේ ඉදලම ක්ශේෂ්ත්‍රය තුළ වැඩ කටයුතු කල නර්මදා මේ වන විටනම් ඉතා ජනප්‍රිය චරිතයක්. නර්මදාව මේ දිනවල දැක ගන්නට ලැබෙන්නේ නිවේදිකාවක් කියන භූමිකාව හරහා. ඉතින් ඇය හිරු නාලිකාවේ ‘කොපි චැට්’ වැඩසටහන දක්ෂ රංගන ශිල්පියෙක් වගේම නිවේදකයෙක් වන කාවිංග පෙරේරා සමගින් නිවේදනය කරනවා.
නර්මදා කියන්නේ කුඩා කාලයේ ඉදලම චන්න විජේවර්ධනයන් ළග නර්තනය හදාරපු කෙනෙක්. අද වෙන විට නර්මදා සමාජ මාධ්‍ය දැඩි ලෙස කතා බහට ලක් වෙන චරිතයක්. ඒ ඇය තම දරුවන් දෙදෙනත් එක්ක තනිකඩ ජීවිතයක් ගත කරන නිසා. ඉතින් නර්මදා ඇගේ විවාහ ජීවිතය ගැන කිව්වේ මේ වගේ අදහසක්.
” මම විවාහ වුණේ අවුරුදු 22 දි. මට ඉස්කෝලේ යනකාලේ එෆෙයාර්ස් තිබුණෙ නෑ. නමුත් ඕලෙවල් ඉවර වුනාම මම එක්කෙනෙක් එක්ක යාලු වුණා. නමුත් මම විවාහ වුණේ වෙන කෙනෙක්ව. ඉතින් අපි දෙන්නටම විවාහ වෙනකොට කිසිම තේරුමක් නෑ. දෙන්නම් පොඩියි. ඒ නිසා අද මේ වෙලා තියෙන දේට මම එයාටවත් මටවත් බනින්න කැමති නෑ.
මේ මගේ ජීවිතය. එයාට ඕන විදියට එයා ජීවත් වෙනවා. මම විවාහ වුන එක ගැන පසුතැවෙන්නෙ නෑ. මොකද මට ඒ නිසානේ පුතා ලැබුණෙ. මගෙ ජීවිතේම පුතාලා දෙන්නා. මම ජීවිතේ කිසි දෙයක් නිවරදි කරන්න ලැබුණොත් කරන්න යන්නෙ නෑ. විවාහය ගැනත් කිසිම පසු තැවීමක් නෑ. මොකද මම විවාහ වුණ නිසානෙ පුතාලා හම්බවුනේ මට.’’
ආදරය කියන්නේ එකට පවුල් කා ගෙන ඉන්න කන් වෙන ගැනු පිරිමින් ට මම ආදරෙයි කියන එක නෙමෙයි.ආදරය කියන්නේ කාලය විසින් නොගැලපිම් ඇවිත් වෙන් වුන පසුවත් උඔට කෙල වෙයන් කියා කියා එ පිරිමියා ට හෝ ගැහැනියට ලැබෙන හැම අවස්තාවකම මානසිකව වද දෙන එක නෙම්ය් මඩ ගහන එක නෙමයි
අපිට තනි තනිව ගත්තම තියෙන්නේ වෙන වෙනම සමාන්තර ලෝක ! ඔයයි මායි ඉන්නෙ වෙනම සමාන්තර ලෝක දෙකක. ! ඉතින් ඔයාටවත් මටවත් තරඟයක් නෑ.ඔයත් දිනන්න.මාත් දිනන්නම්.ඒකට සුදුසු කාලය ආවම.කිසිම ඔවර්ලැප් එකක් අවශ්‍ය නෑ.එතකන් අපි ඔක්කොම උත්සාහ කරමු