
එදා ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු ‘අමා’ ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වුනු ඇය සුරූපි රංගන ශිල්පිනී ශෙරිල් ඩෙකර්. ශෙරිල් කියන්නේ වැඩිය කලා නිර්මාණවලට සම්බන්ධ වුණේ නැතත් ප්‍රේක්ෂක ආකර්ෂණය ඉතාම ඉහලින් ලබා ගත්ත කෙනෙක්. ඉතින් ශෙරිල් විවාහ වෙලා ඉන්නේ සංගීත ක්ශේෂ්ත්‍රයේ ඉන්න ජනප්‍රිය තරුවක් වන රුවන් හෙට්ටිආරච්චි සමගයි.
ඉතින් ඇය මේ වන විට ආයුර්වේදය පිළිබද ඉගෙන ගනිමින් ඉන්න අතරේ හර්බල් බියුටි ප්‍රඩක්ට් නිෂ්පාදන සිදු කරනවා. ඉතින් ශෙරිල් ඩෙකර් ආදරණීය රංගන ශිල්පිනිය ඇගේ ජීවිතයේ සමහරක් අත්දැකීම් මේ විදියටයි ප්‍රේක්ෂකයින් සමගින් හුවමාරු කරගෙන තිබුණේ.
” ඇත්තටම අපි හිතුවට මිනිස්සු අපිට ආදරෙයි කියලා මිනිස්සු අපිට ආදරේ නෑ. කෙනෙක් හොදට හිටියත් කෑවත් බ්ව්වත් අනිත් මිනිස්සුන්ට වැරදියි. අපි ළගින් ඉන්න නෑදෑයෝ යාලුවෝ ඔක්කොම එකයි. මම ජීවිතෙන් පාඩම් ඉගෙන ගත්තු කෙනෙක්. මිනිස්සු විශ්වාස කරනවා කියන්නේ නයින්ට කිරි පොවනවා වගේ දෙයක් කියලා.
මමයි රුවනුයි හරිම ආදරෙන් ඉන්නේ. නමුත් මිනිස්සු බලාගෙන ඉන්නේ අපි දෙන්නා වෙන් වෙනකම්. ඒක කවදාවත් වෙන්නෙ නෑ. අපි විවාහ වෙලා අවුරුදු 10ක් වෙනවා. එදා ඉදලා අද වනතුරු අපි ඉන්නේ හරිම සතුටින්. මම මගේ රටට ගොඩක් ආදරෙයි. රටේ ඉන්න මිනිස්සු තමයි නරක. මම මේ රට දාලා යන්නෙ නෑ.”
මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී ශෙරිල් ඩෙකර් අදහස් දක්වලා තිබුණේ.
පැරණි පුවත් – මට ළමයි 4 දෙනෙක් හම්බවෙන්න ඉදලා නැති වුණා, දැන් ඉන්නේ 5 වෙනි ළමයා
කාලයක සිට රංගන ක්ශේෂ්ත්‍රය තුළ විවිධ කැපී පෙනෙන චරිත රංගනය කල ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී සේමිණි ඉද්දමල්ගොඩ. ඇය රංගනය කල ‘යස් බොස්” කතා මාලාවේ රෝෂිනී චරිතයට ඇයට තවමත් ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා. ඉතින් මේ වන විට සේමිණී ඉද්දමල්ගොඩ ගැන අමුතුවෙන් කිව යුතු නෑ. ඇය රංගනයෙන් දායක වෙන ‘එයා දැන් බැදලා’ ටෙලිනාට්‍යයේ සුද්දී චරිතයට ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙනවා.
මෙම ටෙලිනාට්‍යයේ චරිත රංගනයට සේමිණීට වැඩිපුර ප්‍රේක්ෂක විරෝධයන් වලටත් මුහුණ දෙන්නට සිදු වෙනවා. ඒ කොහොම වුණත් ඇය රංගන ශිල්පිනියක් වගේම ඇගේ ගෙදරට හොද බිරිදක් වගේම අම්මා කෙනෙක්. ඉතින් ඒ උතුම් මව් පදවිය ගැන සේමිණී මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ.
” මම පොඩි කාලේ ඉදලම අනාගත බලාපොරොත්තුව කිව්වම කියනෙ අම්මා කෙනෙක් වෙන එක කියලා. අවුරුදු 13 දි වගේ මම විවාහයක් ගැන හිතුවා. මම හිතන්නේ විවාහ වෙන්න සුදුසුම වයස අවුරුදු 21 කියලා. මම අපේ අම්මලාට කිව්වා මට ධම්මිකව මුණ ගැහුනම එයාව බදින්න ඕන කියලා. බැන්දගමන් අපි දෙන්නගෙම ආසාව වුනේ දරුවෙක් හදන්න.
ඉතින් මම බැදලා අවුරුදු 6 කින් වගේ තමයි ළමයෙක් හදාගන්න පුලුවන් වුනේ. එතකම් මට ළමයි 4 දෙනෙක් හම්බවෙන්න ඉදලා නැති වුණා. දැන් ඉන්නේ මගේ පස්වෙනි ළමයා. මට එහෙම ළමයි හම්බවෙන්න ඉදලා නැති වෙනකොටත් මගේ හිත වත්තු අහනවා ඇයි ළමයි නැත්තේ කියලා. එහෙම අහන එකනම් අන්තිම කැත වැඩක්. මම ගොඩක් දුක් විදපු කෙනෙක්. දරුවො හම්බවෙන්න ඉදලා මාසෙන් දෙකෙන් නැතිවෙනකොට ඒ දැනෙන දුක දරාගන්න බෑ.”
මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී සේමිණි ඉද්දමල්ගොඩ ඇගේ අදහස් දක්වලා තිබුණේ