
2023 කුයින් ශ්‍රී ලංකා තරගාවලියේ ජාතික පුහුණුකරු වන රුක්මාල් සේනානායක පසුගිය දිනෙක මාධ්‍ය හමුවක් පවත්වා තිබුණා.
සිය රන් ආභරණ අස්ථානගතවීමක් සම්බන්ධයෙන් තරුණියන් දෙදෙනෙක් සහ මවක් කළ චෝදනාවට පිළිතුරු දීම සඳහායි ඔහු මෙම මාධ්‍ය හමුව කැඳවා තිබුණේ.
මේ අතර, රුක්මාල් සේනානායකට එල්ල වූ චෝදනාව සම්බන්ධයෙන් නිරූපණ ක්ෂේත්‍රයේ කැපී පෙනෙන කාර්ය භාරයක් සිදුකරන විශ්ව පෙරේරා ද මෙවැනි සටහනක් සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා.
මම ඔය කිසිම බියුටි පැජන්ට් එකක් සහ මොඩ්ලින් ක්ලාස් එකක් ගැන කතා කරන්නේ නැහැ.
මොකද ඔය බියුටි පැජන්ට්ස් වලටයි මොඩ්ලින් ක්ලාස් වලට යන ලමයි දැනගන්න ඕන ඒ පැජන්ට් වල සහ ඒ ක්ලාස් වල කොලිටි එක.
ඒ වගේම කොලිටි එකයි කොන්ටිටී ඒකයි කියන්නේ දෙකක්ඒ නිසා ඔයා පැජන්ට් වලට සහා ක්ලාස් වලට යන්න කලින් ඒ අයගේ ඉතිහාසය හොයලා බලන්න. දැන් බොරුවට මිඩීයා ගානේ ගිහින් දගලන්න එපා.
හරිම අප්‍රසන්නයි…
ඊ ලගට ඩුබායි පැජන්ට් මාෆීයාව…..
එසේම,
නිරූපණ ශිල්පිනියක් සේම රංගන ශිල්පිනියක් ද වන ඩිස්නි රාජපක්ෂද “කමෙන්ටුවක්” පළ කරමින් රුක්මාල් සේනානායක ගැන මේ විදිහේ දෙයක් කියලා තිබුණා.
Rukmal Senanayake මගෙ සර්.
මම ජයග්‍රයනය කල pageant එකේ නිල පුහුණුකරැ සහ අධ්‍යක්ෂක. සර්ගෙ ලගම හිටිය අය දන්නවා සර් ගැන. සර්ගෙ සල්ලි වියදම් කලත් අපි වෙනුවෙන් කවදාවත් අපෙන් රැපියලක් වත් අරන් නෑ. මට පුහුණු කලාට වත් මගෙන් රුපියලක් වත් ගත්තෙ නෑ. ඒත් මම් දැක්කා පුහුණු කරපු hall එකට hall charges දෙනවා සර්ගෙ අතින්.
මම් ජාත්‍යන්තර තරගය දිනලා එද්දි සර්ට ගෙනාපු තෑග්ග ගත්තෙ නෑ සර් තෑගි එපා කියලා. ඒක car එකේ තිබ්බා සෑහෙන කාලයක්. බැරිම තැන ගෙදරට ගිහින් මම් ගෙදරින් තියලා ආවා ඒක.
එහෙව් ගුරුවරයෙක්ට මේ වෙච්ච අපකීර්තිය මට නම් දරාගන්න අමාරුයි. හරිම වේදනයි. ඒ වගේම කවදාවත් students උන අපි සිහා වැරදි බැල්මක් වත් බලලා නෑ.
මේ වගේ ගුරුවරු දුලබයි. රැක ගන්න ඕන කෙනෙක්ව අපකීර්තියට පත් කිරීම මම දැඩි ලෙස හෙලා දකිනවා.
රුක්මල් සේනානායක ඒ පිලිබදව දක්වා තිබුනේ මේ වගේ අදහසක්
මේ ක්ෂේත්‍රයේ Gossip නම් සාමාන්‍ය දෙයක් . තරගයකදී දිනන්න ඕන දක්ශතාවයෙන් මිසක් Gossip ගහගෙන නෙවෙයි . Press එකක් තියන්න ඕන ප්‍රශ්ණයක් නොවුනත් Gossip වලට උත්තර දෙන්න වෙනවා. ක්ෂේත්‍රයේ සමහරු මේ Pageant ගැන දාල තියෙන දේවල් දැක්කම හිනා යනවා. කරන්න පුලුවන් තරම් ජරා වැඩ කරලා මේවගේ දෙයක් Gossip එකක් කරන එක. මඩ ගහන අයගේ පැටිකිරිය ඉස්සරහට අහන්න දෙන්නම් Recording එක්කම. සමහරු Pageant කරපු විදිය සහ Crown ගත්ත විදිය.එහෙම අයට ප්‍රශ්ණ තියෙනවනම් මේ Post එකට Comment එකක් දාන්න. මම Reply කරන්නම්.මේක ගරු අධිකරණයේ විභාග වෙමින් පවතින කටයුත්තක් බැවින් ඒ පිලිබද වැඩිදුර කතා කරන්නේ නෑ.Gossip ගහනවා කියලා මුලින් බයකරන්න හැදුවා සමහරු තමන්ගේ දේවල් කරගන්න. කිසිම වරදක් නොකර Gossip වලට බය වෙනවනම් මමමේ ක්ෂේත්‍රය තෝරගනීද, සමහර අම්මලා Husband ලා දෙන්නෙක් තියාගෙන මේ වගේ ප්‍රශ්නෙකදී එක්කෙනෙක් නීතියෙන් ඉස්සරහට යන්න කියද්දී ඒක කරනවා. අනෙක් කෙනා මාධ්‍යට සම්බන්ද බව අගවමින් ඒ අම්මව රවට්ටනකොට ඒක කරනවා. තමන්ගේ පටු අරමුණු වෙනුවෙන් අහිංසක ළමයින්ව යොදාගන්න එපා.
අන්තිමට කියන්න තියෙන්නේ “හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට ” කියන දේ. Voice Recordings එක්ක අහමු තව දේවල් ඉස්සරහට.Gossip ගහන , හදන අය බලන් ඉන්න ඕන හොදේ. ඔයාලගේ නමුත් සමහර තැන් වල තියෙනවා. Social Media වලින් ගහන Gossip වලට මම වැටුනනම් එහෙම වෙන්න තිබ්බේ මීට අවුරුදු ගානකට කලින්. තව පොඩ්ඩක් Try කරන්න ????
මම රුක්මල් සේනනයක
මට මඩ ගහන්න හදනකොට , මානසිකව වට්ටන්න බලනකොට, මාව වැටෙන විදිය බලන්න ලගම ඉන්න සමහර අය නොඉවසිල්ලෙන් බලන් ඉන්නකොට, Gossip වලින් වට්ටන්න හදනකොට , හිනා වෙලා බලන් ඉන්න මම????
මම අද පොඩි තැනක ඉන්නවානම් ඒකට හේතුව අතීතයේ වින්ද අපහාස , බොරු චෝදනා, කඩාවැටීම් , මානසික පීඩා, ප්‍රතික්ශේප වීම්, හැමදේම තනියෙන් නිහඩව දරාගැනීම නිසා. Gossip වලින් මම වැටෙනවානම් මම වැටෙන්නේ මීට අවුරුදු 10 කට කලින්. ආස අය Try කරන්න බලන්න…
මම මාධ්‍ය සංදර්ශන වලට කැමති කෙනෙක් නෙවෙයි. ඒත් සමහර ඒවට නොගිහින් බෑනේ. මෙච්චර Media තියෙද්දී.