බීමතින් රිය පදවන රියදුරන්ට පොලිස් ඇප ලබාදීමේ ක්‍රමය අත් හිටුවීමට පොලිසීය තීරණය කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.
අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම නව තීන්දුව අනුව මෙතෙක් බීමත් රියදුරන්ට පොලිස් ස්ථානාධිපතිවරුන් යටතේ ලබාදුන් ඇප සම්බන්ධයෙන් වන බලය අත්හිටුවා ඇති බවයි.
මෙම නව තීරණයත් සමග අත් අඩංගුවට ගන්නා බීමත් රියදුරන්ට පොලිස් ඇප ලබානොදී සෘජුව අධිකරණයට යොමු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.
මීට පෙර තුන්වන පාර්ශ්වයකට වාහනය නිකුත් කිරීමේ හැකියාවක් පැවතිය ද එය ද අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.
පැරණි පුවත් – කුරුණෑගල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නිල නිවසේ බීමතින් රාජකාරියේ යෙදී සිට කුරුණෑගල මූලස්ථාන පොලිසියට අනුයුක්තව පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනමකට ලක්කර ඇති බව පොලිසිය පවසයි.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා ඉකුත් 23 දින සවස 6.00 ට පමණ රාජකාරි බාර ගෙන ඇති බවත් බීමතින් රාජකාරී කටයුතු කරන බවට කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා වෙත ලද තොරතුරකට අනුව ල ඔහු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි
අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහු බීමතින් සිටි බවද තහවුරු වී ඇත
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර ඔහු වැඩ තහනමට කර ඇති බව පොලිසිය පවසයි.
කුරුණෑගල කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ නිල නිවසේ බීමතින් රාජකාරියේ යෙදී සිට කුරුණෑගල මූලස්ථාන පොලිසියට අනුයුක්තව පොලිස් කොස්තාපල්වරයකුගේ වැඩ තහනමකට ලක්කර ඇති බව පොලිසිය පවසයි.