
මැදිරිගිරිය ප්‍රදේශයේ පාසලක ප්‍රාථමික දරුවනට උදෑසන ආහාර සඳහා වෙන් කළ මුදල් යොදාගෙන විදුහල්පතිනියගේ සැමියාගේ උපන්දින සාදය වෙනුවෙන් කෑම පිළියෙළ කරගෙන ඇතැයි පාසල් සංවර්ධන සමිතිය චෝදනා කරයි.
මේ සම්බන්ධයෙන් කලාප සහ පළාත් අධ්‍යාපන කාර්යාලවලට ද ලිඛිතව දැනුම්වත් කර ඇත.
මෙම ආහාර වැඩසටහන යටතේ ඒක් සිසුවකු සදහා රජය ො දිනකට රුපියල් 100 වැය කරනු ලබන අතර මෙම පාසලේ ප්‍රථමික අංශයේ සිසුන් මේවනවිට 720 වශයෙන් දෛනික ආහාර වේල සදහා රුපියල් 72 000 මුදලක් රජය විසින් වැය කරනු ලබයි.
පසුගිය 2022 වසරේ දෙසැම්බර් මස 05 වන දිනට යෙදුන විදුහල්පතිනියගේ ස්වාමියාගේ උපන්දින සාදයට වෙනුවෙන් ආහාර කොන්ත්‍රාත්තුව ලබා සිටින පුද්ගලයාගෙන් කිරිබත්, කොකිස්, කට්ලට් සහ කඩල යනාදිය පිසවාගෙන ඇති අතර ඒ සඳහා යොදවා ඇත්තේ දරුවන්ගේ කෑම වෙනුවෙන් වෙන් කළ මුදලින් බව ද දැනගන්නට ඇත.
සිද්ධිය වූ දින දරුවන්ට ආහාර ලබා නොදෙන බවත් එදිනට දරුවන්ට කෑමට යමක් නිවෙසින් රැගෙන එන ලෙස ඡංගම දුරකතනය හරහා කෙටි පණිවිඩයක් මගින් දැනුවත් කර ඇත.
නමුත් දරුවන්ට ආහාර ලබාදුන් බව පවසමින් ඒදින නියමිත වවුචර්පත් අත්සන් කොට ඇතැයි ද තතුදත් ආරංචි මාර්ග කියයි.
විදුහල්පතිනියගේ සැමියා ද එම ප්‍රදේශයේ වෙනත් පාසලක විදුහල්පතිවරයකු බව ද දැනගන්නට ඇත.
පැරණි පුවත් -මැරුණ කබැල්ලෑවා මස් වැද්දාට පාඩමක් උගන්වලා
අතරමගදී හමුවූ කැබැල්ලෑවාට පොල්ලකින් පහරදී සතා මිය ගියායැයි සිතා ගෝනියක ඔතා ගැට ගසා කැලෑවේ සඟවා තබා තිබියදී මිතුරකු ඉදිරියේ තමන්ගේ සායම යාමේ ඇබැද්දියක් බස්නාහිර පළාතේ ගමකින් වාර්තා වේ.
ගමේ හන්දියේ බුදුමැදුරක් ඉදිකර එහි තැන්පත් කිරීමට බුදු රුවක් වඩම්මවාගෙන එන පෙරහරට එක්වන ලෙසට එය ඉදිකළ දානපතියා දඩමසට ගිජු ගමේ පුද්ගලයකුට ද ආරාධනා කර තිබුණේ මේ මනුස්සයා කරන පව්වලට තරමක් හෝ අස්වැසිල්ලක් ලබාදෙන අරමුණ ඇතිවය.
ආරාධනාව පිළිගත් මස් වැද්දා ද හිමිදිරි උදයේ තම නිවෙසින් පිටවුණේ පෙරහරට සම්බන්ධවීමටය.
නිවෙසින් පිටවී වැඩි දුරක් එන්නට මත්තෙන් පාර හරහා පැන්නේ විශාල කබල්ලෑවෙකි. ගමනත් අරමුණත් පැත්තකය, අතට අසුවූ පොල්ලක් ගෙන ඈයාට තඩිබෑවේය. ගුලියක්වූ කබල්ලෑවා ගෝනියකට දමා ගැට ගසා කැලයේ සඟවා පෙරහරට ගියේය. පෙරහර අවසන් වූ පසු එතන සිටි තම සගයකුටද සිද්ධිය පවසා කඩයට ගොස් පොලිතින් කවර මිටියක් හා තරාදියක්ද ඉල්ලා ගෙන කැලයට ගියේ මෙයින් යම් මුදලක්ද උපයාගත හැකි යැයි සිතාගෙනය.
කබල්ලෑවා සැඟවූ ස්ථානයට යන විට ඌ නැත. ගෝනිය ඉරාගෙන පැන ගොස්ය. මස්වැද්දාට කිසිවක් හිතාගන්නට බැරිවිය. කෑලි දෙකට වෙන්වූ ගෝනිය පමණක් ඇත, ඔළුවට අතගසාගත් දෙදෙනා හිස් අතින් ආපසු ගියේ