
මොරටුවේ දී පුද්ගලයෙකුගේ දෑත් කැපීමට යොදාගත් කඩුව, කොරළවැල්ල වෙරළේ ගල් අතර සඟවා තිබිය දී සොයාගෙන තිබෙනවා.
සැකකරු විසින් එම දෑත් එගොඩඋයන ප්‍රදේශයේ පිහිටි පාළමකින් මුහුදට දමා ඇති බවට සිදුකළ ප්‍රශ්න කිරීම්වල දී අනාවරණ වී ඇති බවයි ගල්කිස්ස අපරාධ විමර්ශන කොට්ඨාසය සඳහන් කළේ.
පසුගිය 21 වැනිදා රාත්‍රියේ සැකකරු විසින් තියුණු ආයුධයකින් පහර දී තිබුණේ 40 හැවිරිදි පුද්ගලයෙකුටයි.
පහරකෑමෙන් දෑත් අහිමි වූ දෙදරු පියෙකු වන එම පුද්ගලයා මේ වනවිටත් පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවනවා.
තුවාලකරු සැකකරුගේ බිරිඳ සමග පැවති බව කියන අනියම් සම්බන්ධයක් මෙම සිද්ධියට මුල් වන්නට ඇතැයි පොලිසිය සැක පහළ කරනවා.
තුවාලකරුගේ වෙන්වූ අත් කොටස් හා සැකකරු සොයා පොලිසිය මෙහෙයුම් දැඩිකර තිබුණා.
තුවාලකරුගේ කපා වෙන්කළ අත් කොටස් තිබුණේ නම් එය බද්ධ කිරීමට හැකියාව තිබූ බව ද පොලිසිය සඳහන් කළා.
පැරණි පුවත් – සීසන් එක පෙන්නුවාම කොන්දොස්තර සිසුවාගේ කන පලලා
මාසික වාර ප්‍රවේශ පත්‍රය ඇතැතිව ලංගම බසයට ගොඩ වූ පාසල් සිසුවකුට එම බස් රථයේ කොන්දොස්තරවරයා කන ප්‍රදේශයට පහරදීම නිසා තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.
මෙසේ පහරකෑමට ලක්ව රෝහල් ගත කොට ඇත්තේ හබරණ ප්‍රදේශයේ පදිංචි කැකිරාව කොටාගල පිරිවෙනේ අධ්‍යාපනය ලබන 16 හැවිරිදි පාසල් සිසුවකු බව පොලීසිය කියයි.
මෙම පහරදීම් සිදු කොට ඇත්තේ යාපනය ඩිපෝවට අයත් මහනුවර සිට යාපනය බලා ධාවනය වූ ලංගම බස් රථයක කොන්දොස්තර වරයෙකෙ
හබරණ සිට දඹුල්ලට පැමිණ දඹුල්ලෙන් අනුරාධපුර මාර්ගයේ ගමන් කරන බස් රථයට ගොඩ වී ඇත්තේ කැකිරාව කොටාගල පිරිවෙනට ගමන් කිරීමට බව පොලීසිය කියයි.
ඒ සඳහා දඹුල්ල බස් ඩිපෝවෙන් මුදල් ගෙවා මාසික වාර ප්‍රවේශ පත්‍රයක් සිසුවා විසින් ලබා ගෙන ඇතැයි පොලිසිය කියයි .
බස් රථයට ගොඩ නොවන ලෙස කොන්දොස්තරවරයා කෑ ගැසීමත් සමඟ පාසල් සිසුවා මේ දිනවල විභාගය පවතින නිසා ප්‍රමාදයකින් තොරව පාසලට යෑමට අවශ්‍ය බව ඉල්ලා බස් රථයට ගොඩ වීමට සූදානම් වනවාත් සමඟ කොන්දොස්තරවරයා මෙම පාසල් සිසුවා බස් රථයෙන් එළියට ඇද දමා කනට පහරදී ඇතැයි පොලිසිය කියයි.