තමන් සම්බන්ධයෙන් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වන ඡායාරූපය පිළිබදව අන්තරේ කැදවුම්කරු වන වසන්ත මුදලිගේ අද දින පළමුවරට මාධ්‍ය හමුවේ අදහස් පළ කළා.

ඔහු සඳහන් කළේ, තමන් නොගිය තැනක් ගැන කියමින් ආණ්ඩුවේ පිරිස් මඩ ප්‍රහාර දියත් කරන බවයි.

ඔහු කියූ සම්පූර්ණ කතාව පහතින්..

“ඒකට දෙන්න ඕනි උත්තරේ තමයි සද්දෙට හිනාවෙන එක.. එකක් තමයි, බොරු ප්‍රචාර ගොඩක් කරලා ආණ්ඩුවට ඕනි ආණ්ඩුවට විරුද්ධව කතා කරන පාර්ශවවලට අවලාද නඟන එක තමයි ආණ්ඩුවේ රාජකාරිය. රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්න අමතක කරලා. අපි ගියේවත් නැති තැනකට, වෙන ෆොටෝ එකක් අල්ලලා මතයක් හැදුවට අපි පිළිගන් නෑ. අපිට ඒක අදාළත් නෑ. අනිත් එක තමයි, ගියත් ඒක අමුතු දෙයක් නෙවෙයි. අපිට අවශ්‍ය නම් අපි යනවා, අපි ඔය ෆොටෝ එකේ කියන විදිහට ගිහින් නෑ. අපිට ඔය මඩ අදාළ නෑ. අපි ජනතාවගේ පැත්තෙ ඉන්නෙ. ආණ්ඩුවට පුළුවන් නම් ෆොටෝ එකක් අල්ලලා මොකක් හරි ගොබ්බ කතාවක් හදලා ආණ්ඩුව නිහඬ කරවන්න? හිනාවෙන එක ඇරෙන්න වෙන කරන්න දෙයක් නෑ..”

පැරණි පුවත් -රෑට පිටකොටුවෙ පොඩි රූම් එකක නැවතිලා ඉඳලා උදේට ලස්සනට මේකප් කරගෙන ක්ලාස් එකට ආවේ- ත්‍රිකලාගේ Fashion Show එක වෙලාවේ හැමෝම අඬපු රිස්වාන්ගේ කතාව

ත්‍රිකලා ධරණි… ඒ නම කියූ සැණින් ඔබට මතක් වෙන්නේ ඇගේ රෝස පාට රේන්ජ් රෝවර් රථය එහෙමත් නැත්නම් මෑතකදී ඇය මිලට ගත් රෝස පැහැ මෝටර් රථය බව නිසැකයි. ත්‍රිකලා පසුගිය සමයේ ක්ෂේත්‍රයේ විවේචනය ලක්වෙන්න වුණා.

ඒකට හේතු වුණේ ඇගේ නිරූපණ පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් සමඟ ඇය පැවැත්වූ Fashion show එක. මේ නිසා ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් ඇයව ෛතා දරුණු මට්ටමින් විවේචනය කළා.

ත්‍රිකලා නැවතත් ඇගේ නිරූපණ පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් එක්ක Fashion show එකක් පවත්වලා තිබුනා. එහිදී එක්තරා විශේෂ කෙනෙක් ගැන එම පුද්ගලයාගේ ධෛර්‍යය ගැන ත්‍රිකලා හැමෝටම පැවසුවා.

ඔහු නමින් රිස්වාන්. රිස්වාන් ගැන ත්‍රිකලා පැවසුවේ මෙසේයි.

“රිස්වාන් මගේ ළඟට එන්නේ නිරූපනය ඉගෙන ගන්න විතරක් නෙමෙයි එයාට එයාව හොයාගන්න. මට මතකයි පළවෙනි දවසේ සපත්තු දෙකක් දාගෙන ඩෙනිමක් ඇඳගෙන තරුණයෙක් එනවා. ඒත් මම එයාගේ ලොක් විශේෂත්වයක් දකිනවා. මම එයාගෙන් ඇහුව පුතේ ඇත්තටම ඔයාට වෙන්න ඕනේ කවුද කියලා. මේක අපි විවෘතව කතා කරන්න ඕනේ. රිස්වාන් වගේ තව හැංගිලා ඉන්න දරුවො ඉන්නවා නම් එන්න මගේ ළඟට. මම ඔයාට ඔයාව හොයලා දෙන්නම්. මම ඔයාව සමාජයෙන් කොන් වෙන්න දෙන්නේ න. මිනිස්සුන්ට හිනාවෙන්න දෙන්නේ න. මම ඔයාගේ නම බ්‍රෑන්ඩ් එකක් කරනවා. රිස්වාන් කියන්නේ මේ අද මම වෙච්ච ඒ පොරොන්දුව.

මම රිස්වාන්ට කිව්වා පුතේ ගලවන්න ඔය සපත්තු දෙක දාන්න හීල් එකක් කියලා. එයා ඇහුවා මිස් කොහොමද හීල් එකක් ගන්නේ කියලා. මම කිව්වා කඩේකට ගිහින් ගන්න හීල් එකක් නැත්තං මම මගේ එකක් දෙන්නම් ඔයාට කියලා. එයා පළවෙනිවතාවට හීල් එකක් දැම්මා. එයාට ඇවිදගන්න බැහැ. පංතියෙ ළමයි ජෝඩි ජෝඩු ඇවිද්දවනවා රිස්වාන් එක්ක ඇවිදින්න කවුරුත් නැහැ. මම ගියා. මම පංතිය ඉවර වෙනකං රිස්වාන් එක්ක Catwalk කළා. රිස්වාන් අද අඟල් ගාණක හීල් එකක් දාගෙන ලස්සන ගවුමක් ඇඳගෙන මේ වේදිකාවේ ඇවිද්දා. එයාට එයව මේ වේදිකාවේදී මුණගැහිලා තියෙනවා.

මේ දරුවා කොලබ ලමයෙක් නෙමෙයි. අක්කරෙයිපත්තුවේ ඉඳලා මගේ පක්තියට එන්නේ. එහෙ යන්න බස්වත් නැහැ. මෙයා පංතිය තියෙන කලින් දවසේ රෑ ඇවිත් කොටුවට ඇවිත් පුංචි කාමරයක් අරගෙන ටිකක් නිදාගෙන මොනාහරි කාලා මේකප් එක දාගෙන ෆ්‍රෙෂ් පිට එනවා කොලබ ළමයෙක් වගේ. අද ඉඳලා ඔයාට ලස්සන ගමනක් තියෙනවා. මම ඉන්නවා ඔයාට ඕනෙම දෙයකට. මෙතනින් එහාට ඔයා අඬන්න ඕනේ නැහැ.”

මෙන්න බලන්න තවත් පුවත්