
ජැක්සන් ඇන්තනී කියන ප්‍රවීණ කලාකරුවා මේ මොහොතෙත් ඉන්නෙ දැඩි සත්කාරයේ ප්‍රතිකාර ලබමින්.
ඔහුගේ පවුල් පිරිස් වගේම, ඔහුට ආදරේ කරන ප්‍රේක්ෂක පිරිසත් ඔහු නැඟිටලා එනකන් මඟ බලාගෙන ඉන්නවා.
ඒ විදිහට ඔහු දරුණු අනතුරකට ලක්වෙන්නෙ සිංහබාහු චිත්‍රපටයේ රූගත කිරීම්වල යෙදී ආපසු එමින් සිටියදී.
සිංහබාහු චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා තමයි සෝමරත්න දිසානායක.
ජැක්සන් තවමත් අවදි නොවන තැන, ජැක්සන් වෙනුවට ජැක්සන්ගේ දෙටු පුත්‍රයාට චිත්‍රපටයට යොදාගන්න සෝමරත්න දිසානායක අමාරු තීරණයක් ගන්නවා.
ඒ ගැන ඔහු මෑතක ආයෙම මෙහෙම කතාවකුත් කියලා තිබුණා.
“ජැක්සන් සහෝදරයාගේ හදිසි අනතුර සිංහබාහු විතරක් නෙවේ අපේ සකල සිනමාවටත් රටටත් වෙච්ච අනතුරක්. ඔහුගෙ අනතුර නිසා මගේ රූගත කිරීම් මාස හතරක් විතර ප්‍රමාද වුණා. මම බලන් හිටියා ජැක්සන් සුව වෙලා එනකන්. නමුත් ඒක ප්‍රමාද නිසා මට වෙන විකල්පයකට යන්න වුණා. මම ඔහුගේ දෙටු පුතු යොදාගෙන ඒ කටයුතු අවසන් කළා. සජිතත් මේකේ නිරූපණයක් කරනවා. සජිත තමා සිංහබාහු. සිංහ සීවලී දුශේනි. සිනමාවට ඇයව හඳුන්වන්නෙ. යශෝධා ඇතුළු ගොඩක් අය ඉන්නවා. රූගත කරායින් පස්සෙ එක්තරා විදිහකට මතභේදයට ලක්වෙයි.. මොකද මේක හැමෝම දන්න සිංහබාහු කතාව නෙවෙයි. අපි බලමු..”
පැරණි පුවත් -ලොතරැයි ජයග්‍රහණයෙන් පසු නෝනත් මාරු කරපු මහනුවර දෙදරු පියා
ලොතරැයි ජයග්‍රහණයෙන් පසු කරණවෑමියා බිරියගේ නැගණිය සමග හොර රහසේ පලාගිය පුවතක් මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වේ.
වාර්තා වන අන්දමට මහනුවර නගරයේ සිට කිලෝමීටර විස්සක් පමණ දුරින් පිහිටි ගලහ ප්‍රදේශයේ කරණවෑමියකු ලෙස සේවය කරන වයස අවුරුදු හතළිස් පහක පමණ වයසැති දෙදරු පියෙක් සෑම දිනකම විවිධ වර්ගයේ ලොතරැයි පත් මිල දී ගැනීමට හුරුවී සිටියේය.
පසුගිය දිනෙක ඔහු මිල දී ගත් ලොතරැයි පතකට රුපියල් ලක්ෂ දහයක දිනුමක් ලැබුණේ කිසිසේත්ම නොසිතූ අයුරිනි. ලොතරැයි ජයග්‍රහණයත් සමග ඔහුගේ නෑදෑ හිතවත්හු ඔහුගේ නිවෙසට පැමිණ ඔහුට සුබ පැතූහ.
එලෙස ඔහුට සුබ පැතීමට පැමිණි බිරියගේ නැගණිය හා ඇගේ දරු දෙදෙනා දින කිහිපයක් නිවෙසෙහි නතර වූයේ කරණවෑමියාගේ බිරියගේ පෙරැත්තෙනි.
පසුගිය දිනක උදෑසන නැගණියගේ දරුවන් දෙදෙනා නැගිට මව සොයමින් හඬා වැටීම නිසා කරණවෑමියාගේ බිරිය නිවස පුරා නැගණිය සොයා බැලුවත් නැගණිය නොසිටියාය. එබැවින් තම සැමියා හට ඒ බව ප්‍රකාශ කිරීම සඳහා සැමියා සොයා බලද්දී ඔහු ද නිවෙසේ නොසිටියේය. සිදුව ඇති දේ තේරුම් ගැනීමට ඇයට ගතවූයේ නිමේෂයකි.
බිරියගේ නැගණිය කරණවෑමියා සමග හොර රහසේ පලා ගොස් ඇත්තේ තවත් දරු දෙදෙනකුගේ බර ද බිරියට පටවමිනි.
පේරාදෙණිය කුමාර රම්බොඩගෙදර
ලංකාදීප