මාසික වාර ප්‍රවේශ පත්‍රය ඇතැතිව ලංගම බසයට ගොඩ වූ පාසල් සිසුවකුට එම බස් රථයේ කොන්දොස්තරවරයා කන ප්‍රදේශයට පහරදීම නිසා තුවාල ලබා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි දඹුල්ල පොලිසිය කියයි.

මෙසේ පහරකෑමට ලක්ව රෝහල් ගත කොට ඇත්තේ හබරණ ප්‍රදේශයේ පදිංචි කැකිරාව කොටාගල පිරිවෙනේ අධ්‍යාපනය ලබන 16 හැවිරිදි පාසල් සිසුවකු බව පොලීසිය කියයි.

මෙම පහරදීම් සිදු කොට ඇත්තේ යාපනය ඩිපෝවට අයත් මහනුවර සිට යාපනය බලා ධාවනය වූ ලංගම බස් රථයක කොන්දොස්තර වරයෙක‍ෙ

හබරණ සිට දඹුල්ලට පැමිණ දඹුල්ලෙන් අනුරාධපුර මාර්ගයේ ගමන් කරන බස් රථයට ගොඩ වී ඇත්තේ කැකිරාව කොටාගල පිරිවෙනට ගමන් කිරීමට බව පොලීසිය කියයි.

ඒ සඳහා දඹුල්ල බස් ඩිපෝවෙන් මුදල් ගෙවා මාසික වාර ප්‍රවේශ පත්‍රයක් සිසුවා විසින් ලබා ගෙන ඇතැයි පොලිසිය කියයි .

බස් රථයට ගොඩ නොවන ලෙස කොන්දොස්තරවරයා කෑ ගැසීමත් සමඟ පාසල් සිසුවා මේ දිනවල විභාගය පවතින නිසා ‍ප්‍රමාදයකින් තොරව පාසලට යෑමට අවශ්‍ය බව ඉල්ලා බස් රථයට ගොඩ වීමට සූදානම් වනවාත් සමඟ කොන්දොස්තරවරයා මෙම පාසල් සිසුවා බස් රථයෙන් එළියට ඇද දමා කනට පහරදී ඇතැයි පොලිසිය කියයි.

පැරණි පුවත් – විවාහ වුනාට මම තාම ඉස්කෝලේ ගිහින් ඉවර නැහැ.ඔහු මාව තේරුම් අරගෙන මට සහයෝගය දෙන සැමියෙක්-හිරුෂි පෙරේරා

මේ දිනවල දෙරණ නාළිකාවේ විකාශය වන ඉස්කෝලෙ ටෙලි නාට්‍යයේ අනගිගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී රංගන ශිල්පිනියක් තමයි හිරුෂි පෙරේරා කියලා කියන්නේ. ඒ වගේම ඇය පහුගිය කාලයේ දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය හරහාත් ප්‍රේක්ෂකයින් හමුවට ආවා. ඉතින් ඇය දවසක කලා ක්ෂේත්‍රයේම ඉන්න ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු සමග විවාහ ජීවිතයට එළැඹුණා. ඉතින් ඇයගේ ආදර කතාව වගේම අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තිබුනේ. ඉතින් ඇය කලාවට ඇවිත් කලා ලෝකෙ කෙනෙක් එක්කම විවාහ වුණා කියලයි හිරුෂි කියන්නේ.

ඔහුගේ නම තමයි තීක්ෂණ මනරම්. ඒ වගේම ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයෙක් විදිහට ඔහු ක්ෂේත්‍රයේ කටයුතු කරනවා. හැබැයි ක්ෂේත්‍රයට එන්න කලින් තමයිලු ඇයට තීක්ෂණව හම්බ වුනේ. ඒ ඇය ක්ෂේත්‍රයට එන්න කලින් සංචාරක ක්ෂේත්‍රයේ රැකියාවක් කරද්දී ඔහුත් රැකියාව කළේ සංචාරක ක්ෂේත්‍රයේ නිසා. ඉතින් සංචාරක ක්ෂේත්‍රයේ කටයුතු කරද්දි තමයි ඔවුන් දෙන්නා මුලින්ම හම්බ වෙලා තියෙන්නේ. හැබැයි ඔවුන් දෙන්නා දැන අඳුරගෙන හරියට කතාබහ කළේ කලා ක්ෂේත්‍රයට ආවට පස්සෙ කියලත් ඇය කියනවා. ඉතින් ඒ විදිහට කරපු කතාබහ තමයි විවාහය දක්වා ඇවිත් තියෙන්නෙ.ඒ වගේම මුලින්ම ඇයගේ අදහසක් තිබුණෙත් නැහැලු ක්ෂේත්‍රයේ කෙනෙක් එක්ක විවාහ වෙනවා කියලා.

හැබැයි ඇය තීක්ෂණගෙන් හොඳ ගතිගුණ තියන මනුස්සයෙක්ව දැක්ක නිසා ඇය ඒ ගතිගුණවලට කැමැති වුණා කියලයි හිරුෂි කියන්නේ. ඒත් එක්කම ඇයව තේරුම් අරන් ආදරෙන් බලාගන්න සහකරුවෙක්ව ඇය බලාපොරොත්තු වුණා නිසා ඒ හැමදේම ඔහු ගාව තියෙනවා කියලා ඇයට දැනුණාලු. ඒ වගේම තමයි ඇය කටයුතු කරන රංගන වෘත්තීය උදේ අටට පටන් අරන් හවස පහට ඉවර කරලා එන්න පුළුවන් රැකියාවක් නෙවෙයි නිසා පවුල් ජීවිතයක් ගෙවනවා නම් හැමදේම තේරුම් අරන් සහයෝගයෙන් කටයුතු කරන සහකරුවෙක් වෙන්න ඕන කියලත් ඇය කියනවා.

ඉතින් ඒ දේවලුත් බලලා ක්ෂේත්‍රය ගැනත් හොඳින් දන්න ඇයට ආදරය කරන කෙනෙක්ව සැමියා විදිහට තෝරගත්තා කියලයි ඇය කියන්නේ. ඒ වගේම විවාහ වුණාට ඇය තාම ඉස්කෝලෙ ගිහින් ඉවර නැහැ කියලත් ඇය කියනවා. මොකද ඇය රංගනයෙන් සම්බන්ධ වෙලා ඉන්න ඉස්කෝලේ ටෙලි නාට්‍යය මේ දවස්වල ටී.වී දෙරණ නාළිකාවේ විකාශය වෙන නිසා. ඉතින් ඉස්කෝලේ ටෙලි නාට්‍යය බලන ගොඩක් දෙනෙක් හිතන්නේ ඇය ඇත්තටම ඉස්කෝලෙ යන වයසෙ පුංචි ගෑනු ළමයෙක් කියලාලු. හැබැයි විවාහ වුණා කියලා දැනගත්තට පස්සෙ ගොඩක් දෙනා ඇයට සුබ පතලා තිබුණා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

මෙන්න බලන්න තවත් පුවත්