පස්සර – ලුණුගල මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේදී මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළී රිය අනතුරක් සිදුව ඇත.එම අනතුරකින් ගුරුවරයෙක් ජිවිතක්ෂයට පත්ව තිබේ.

අද (20) උදෑසන 7.30ට පමණ එම අනතුර සිදුව ඇතැයි පොලීසිය පවසයි.එසේ මියගොස් ඇත්තේ මඩොල්සිම විද්‍යාලයක සේවය කළ 34 හැවිරිදි ගුරුවරයෙකි.

ගුරුවරයාගේ නිවස එම ස්ථානයේ මහා මාර්ගයට ඉහළින් පිහිටා අතර රැකියාවට යාම සඳහා නිවසට යන මාර්ගයේ සිට මෝටර් රථය මහා මාර්ගයට ගැනීමට යාමේදී අඩි 60ක් පමණ පහළින් පිහිටි මහා මාර්ගයට මෝටර් රථය පෙරළී ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පස්සර පොලීසිය විමර්ශන සිදුකරයි.මීට වසර දෙදකට පෙර පුද්ගලික බස්රථයක් ප්‍රපාතයකට පෙරළී මගින් 14දෙනෙක් ජීවිතක්ෂයට පත්වුයේ ද මෙම අනතුර සිදුව ඇති ස්ථානයේදීමය.

පැරණි පුවත් – ලෝක ක්‍රිකට් වාර්තා පොතේ ඉතාම කෙටි කලකින් වාර්තා රැසක් සටහන් කළ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංග පසුගිය බ්‍රහස්පතින්දා (9) ඔහුගේ ජීවිතයේ වඩාත් වැදගත්ම ඉනිමක් වන ‘විවාහ’ දිවිය ආරම්භ කළේය.

වනිඳු විවාහ දිවියට පිවිසෙන මොහොත වන විටත් ලෝක ක්‍රිකට් පිටියේ වඩාත් ප්‍රචලිත සහ තරගකාරීම ක්‍රිකට් රටාව වන විස්සයි 20 ක්‍රිකට් ක්‍රීඩාවේ ලොව අංක එකේ පන්දු යවන්නාය. වනිඳු ලෝක විස්සයි20 තුන් ඉරියව් ක්‍රීඩක ශ්‍රේණිගත කිරීමේද සිව්වැනි ස්ථානයේ පසුවෙයි.

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කඩවසම් ක්‍රීඩකයින් අතරින් ඉදිරියෙන් සිටින වනිඳුගේ සහකාරිය බවට පත්වූයේ හුරුබුහුටි තරුණියක් වන වින්ද්‍යා පත්මපෙරුමය.

දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක වන වින්ද්‍යා, බොරුල්ල සියලු ශාන්තුවරයන්ගේ විදුහලේ ආදි ශිෂ්‍යාවක වන අතර ඇය ක්‍රිකට් ක්‍රීඩාවට ද දැඩිව ඇළුම් කරන වනිඳුගේ ප්‍රේක්‍ෂිකාවකි.

ක්‍රිකට් තරග නැරඹීමට ඇළුම් කළ වින්ද්‍යා සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම නියෝජනය කළ කඩවසම් යොවුන් ක්‍රීඩක වනිඳු අතර ප්‍රේම කතාවට මේ වන විට වසර 10 කට ආසන්න ඉතිහාසයක් ඇති බවද වින්ද්‍යාගේ සමීපතයෝ පවසති.

ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියේ ද වඩාත් අවධානය දිනාගත් විදේශ ක්‍රීඩකයෙකු වන වනිඳුට, සුරූපී ඉන්දීය තරුණියන්ගෙන් ද විවාහ යෝජනා, එසේත් නැත්නම් ආදර සම්බන්ධතා සඳහා යෝජනා ගලා ආවද වනිඳු ඒවාට ප්‍රතිචාර නොදැක්වීය.

ගාල්ල රිච්මන්ඩ් විදුහලේ ආදි ක්‍රිකට් ක්‍රීඩක වනිඳු සිය ශ්‍රී ලාංකික හුරුබුහුටි ප්‍රේමවන්තිය වූ වින්ද්‍යා සිය ජීවන සහකාරිය බවට පත්කර ගත්තේය.

‘‘වනිඳු ඇයට ගොඩක් ආදරය කරනවා. ඒ දෙන්නා අතර පුදුමාකාර සම්බන්ධයක් තියෙනවා. වින්ද්‍යාත් ඔහුට ගොඩක් ආදරෙයි.” යැයි වනිඳුගේ සමීපතයෙක් ‘දේශය’ට පැවසීය.

ක්‍රිකට් පවුලක සාමාජිකයකු වන වනිඳුගේ වැඩිමහල් සොයුරු චතුරංග ද සිල්වා තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙස ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළේය.

බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේදී පසුගිය ප්‍රහස්පතින්දා පැවැති වනිඳු සහ වින්ද්‍යාගේ වර්ණවත් විවාහ මංගල උත්සවයට ක්‍රිකට් තරු රැසක් පැමිණ සිටියහ.

මෙන්න බලන්න තවත් පුවත්