
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම 3කට එරෙහිව අපරාධමය නඩු පැවරීම සඳහා නීතිපතිවරයා වෙත ඉල්ලීමක් කර තිබේ.
මහ බැංකුව විසින් සිදුකරන ලද විමර්ශනයකට අනුව මෙම තීරණය ගෙන ඇති බව මහ බැංකුව පවසයි.
ඒ අනුව Fast3Cycle International Pvt Ltd, Sport Chain App Sport Chain ZS Society Srilanka සහ Onmax DT යන පිරමීඩ වර්ගයේ තහනම් යෝජනා ක්‍රම 3ට එරෙහිව ලද පැමිණිලි සම්බන්ධයෙන් මෙලෙස මහ බැංකුව විසින් විශේෂ විමර්ශනයක් සිදුකර ඇත.
ඒ අනුව මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ ඉහත ආයතන 3 සහ එහි අධ්‍යක්ෂවරු, ප්‍රවර්ධකවරුන් සහ නිර්මාතෘවරුන් බැංකු පනතේ 83ඇ වගන්තියට පටහැනි ලෙස ක්‍රියාකර ඇත බවට තීරණය කර ඇති බවය.
ඊට අදාළ තීරණය සම්බන්ධයෙන් විශේෂ පුවත්පත් දැන්වීමක් මගින් ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර තිබුණි.
පැරණි පුවත් -මහනුවර ගමක් භීතියට පත් කරමින්, මඩ වගුරකින් මතුවූ සුරූපී මධුවන්තිගේ මරණයේ අභිරහස
නිවසේ තනිවම සිටි 25 හැවිරිදි කාන්තාවක ඝාතනය කර නිවස අසල වෙල් යායක මඩ ගොහොරුවක ඔබා තිබියදී අද 11 ප්‍රදේශවාසින් විසින් සොයා ගනු ලැබ තිබෙනවා.
මහනුවර අලවතුගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් විලාන පල්ලේගම ඇල්ලේකඩේ ප්‍රදේශයේ පදිංචිව සිටි මෙම කාන්තාව විවාහක කාන්තාවක් වන බවත් දරුවන් නොමැති බවත් සැමියා සමඟ නිවසේ තනිව ජීවත්ව ඇති බවත් පොලිසිය සඳහන් කළා.
ඊයේ 10 වනදා රාත්‍රීයේදී සැමියා ගමේ මළ ගෙදරකට ගොස් ඇති අතර මළගෙදර සිට පැමිණ බලද්දී බිරිඳ නිවසේ නොසිටි බව සැමියා පොලීසියට ප්‍රකාශ කර තිබෙනවා.
අද අළුයම සිට මෙම කාන්තාව සොයා ප්‍රදේශ වාසීන් අවට ප්‍රදේශ පීරා ඇති අතර අළුයම් කාලයේදී ඇයගේ මළ සිරුර නිවසේ සිට මීටර් 100ක් පමණ දුරකින් පිහිටි වෙල් යායේ මඩ ගොහොරුවක ඔබා තිබියදී ප්‍රදේශවාසින් විසින් සොයා ගනු ලැබ තිබෙනවා.
ප්‍රදේශවාසින් ප්‍රකාශ කරන්නේ රාත්‍රී 9.30 ට පමණ යටි ගිරියෙන් කෑ ගහන ශබ්දයක් ඇසුන බවත් දොරවල් ඇර බැලූ විට එම ශබ්දය නොඇසී ගිය බවයි.
මෙම සිදුවීම සම්බන්ධයෙන් තරුණියගේ මව මෙසේ කියා තිබුණා.
“දොර අරිනකොට දුව හිටියේ නැහැ. පොඩි දුව පෙන්නුවා සපත්තු දෙකේ පස් කියලා. මං ගිහින් අහල පහල අයට කිව්වා. පොලීසියටත් ගියා. හොයලා බලනකොට එක්කෙනෙක් කිව්වා මෙන්න ඉන්නවා කියලා. මං හිතුවේ ඉන්නවා කියලා. මඩ වගුරක දාලා.”
මෙම මළ සිරුර සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරික්ෂණය අද 11 වනදා සිදු කිරිමට නියමිතව තිබිණා.
මෙසේ මිය ගොස් ඇත්තේ අලවතුගොඩ විලාන පල්ලේගම ඇල්ලේකඩේ ප්‍රදේශයේ පදිංචිව සිටි ධනුකා මධුවන්ති ජයතිලක නැමැති 25 හැවිරිදි විවාහක කාන්තාවක්.
මෙම කෲර ඝාතනය සම්බන්ධයෙන් සැකකරන පුද්ගලයින් දෙදෙනෙකු සම්බන්ධයෙන් පොලීසියේ අවධානය යොමු වී ඇති අතර අලවතුගොඩ පොලිසිය වැඩි දුර පරීක්ෂණ සිදු කරනවා.