දුම්රිය අනතුරක් නිසා දිවි හැර ගිය රවිඳු සහන්ගේ මරණය,මේ වන විටත් බුකියේ බොහෝ දෙනෙක් කතාබහ කරන මාතෘකාවක්.

ඒ ගැන අතිශය සංවේදී සටහන් බොහෝමයකුත් සමාජ මාධ්‍ය තුළ හුවමාරු වනවා.

මේ එවැනිම වූ සටහනක්…

“මචං මේ තරම් මිනිස්සු ගොඩාක් Accident එකකට මේ Hospital එකට කවදාවත් ඇවිල්ලා තියා මම දැකලත් නැහැ මෙතැන.එහෙම කිව්වේ කළුබෝවිල රෝහලේ රෝහල් සේවයෙක්.වෙලාව: රෑ 11.30 ට විතර ඇති.හැමෝම කලබලයෙන් එහෙ මෙහේ දුවනවා.ගොඩාක් අය බලන් ඉන්නවා …
එකපාරටම trolley එකක මැශින් ගොඩාක් එක්ක කොළඹ මහා රෝහලට මාරු කරන්න.Accident වෙච්ච කෙනාව ගේනවා මං දැක්කා.ඔහුගේ බිරිදට නම් ක්ලාන්තයක් හැදුනා.

අම්මා තාත්තා යාලුවො අඩනවා.කීප වතාවක්ම එයාව Ambulance එක ඇතුළටත් එළියටත් දානවා ගන්නවා.හැමෝම බලන් ඉන්නවා ගල් ගැහිලා.
“මචං ඌ නම් දරාගෙන ඉන්නේ උගේ හයියට අපි නම් ගන්න දෙයක් නැහැ .එහෙම කිව්වේත් රෝහල් සේවකයෙක්.හැබැයි හිත හොද මනුස්සයෙක්.ජීවිතේ මිනිස්සු හම්බ කරපු මනුස්සයෙක් කියනවත් ඇහුණා.මොකක්ම හරි වෙලා කියලා නම් තේරුණාට ඒත් හරියටම දැන ගත්තේ එතැන ඉදපු මගේ යාලුවෙක්ගෙන්.

train Accident එකක් කියලා තමයි එයා කිව්වේ.එතැන ඉදපු ගොඩාක් අය කළබල වෙලා හිටියේ.ඒත් රෝහල් සේවකයින් හිත හැදුවා උඹලා බය වෙන්න එපා.පුළුවන් Surgery ඔක්කොම අපි කලා.කොළඹ මහා රෝහලින් මේක කලාම අනිවාර්යයෙන්ම කොල්ලා ගොඩ කියලා.ඉතින් ටික වෙලාවකින් Ambulance එකකින් ඔහුව අරන් ගියා.යාලුවො හැමෝම මැලවුනු මුහුණෙන් බලාපොරොත්තු තියන් යන්න ගියා කොළඹ මහා රෝහලට.
මේ වෙනකොට වෙලාව 1.50 ට විතර ඇති.මේ වෙලාවේ රෝහලේ මේ කළබල මං ඇස් දෙකින්ම දැක්කා.මං අහලා තිබුණා හිත හොද මිනිස්සු ඉක්මනින් යන්න යනවා කියලා ඔව් ඒක ඇත්තක් වෙලා තිබුණා. මොකද ඔහු අද ඒ ආදරණිය බිරිද,අම්මා ,තාත්තා ,යාලුවො ,හැමෝම දලා යන්න ගිහිල්ලා කියලා පෝස්ට් දාලා තියෙනවා දැක්කා.

ප්‍රාර්ථනා කරනවා මෙවැනි දෙයක් කිසිම ආත්මයක ඔහුට නෙමෙයි කිසිවෙකුටත් වෙන්න එපා.අල්ල ගන්ත පුංචි බැදීමක් වත් අතහරින්න අපි හරිම ලෝභයි.ඉතින් මේ අම්මයි ,තාත්තායි,බිරිදයි,යාලුවොයි කොහොම දරා ගන්නද? අනේ ඔවුන්ට දරා ගන්නට ශක්තිය ලැබේවා.ඔබට උතුම් නිර්වාන සුවය ප්‍රාර්ථනා කරනවා

(මම පුද්ගලිකව දන්නේ නැහැ ඒත් ඊයේ මගේ ඇස් දෙකෙන්ම දැක්කම ඒක මට නොලියා ඉන්න හිත දුන්නෙත් නැහැ)
පවනි විජේවර්ධන

මෙන්න බලන්න තවත් පුවත්