ජීවිතේ කියන්නෙම අවිනිශ්චිත ගමනක්.අපි ආදරේ කරන, අපේ ආත්මයම වුණු මිනිස්සු ක්ෂණයකින් අපෙන් ඈතට යන්න පුළුවන්.

හීන හුඟක් අතරමඟ දාලා, තමන්ට පණ ඇරපු උන්ව අඬවලා එහෙම නොහිතපු මොහොතක යන්නෙ කොහොමද ? දෛවය ඒ තරම් ම නපුරුයිද?
වේදනාකාරියිද ?

ඔහු රවිඳු සහන්.ඔහුට දිවි අහිමි වෙන්නෙ දුම්රිය අනතුරකින්.දුම්රියේ ගැටී මොහොතකින් පසෙකට විසිවී සිදුවූ අනතුර ඔහුගේ ආත්මයම මෙහෙන් අරන් යනවා.ඒ ඔහුට ආදරේ කරපු හැම එකාවම අඬවමින්.

ඈත රටකට ගිහින් හීන හැබෑ කරගන්න සතියක් විතර කල් තියෙද්දි දෛවය ඔහුට මේ සරදම කරනවා. ඔහු ළඟ ඉඳගෙන, ඔහුගේ අයිතිකාරිය ඔහුව ඉල්ලලා අඬනවා‍. ඉතින් ජීවිතේ එහෙමයි…

ආදරේ දෙන්න ආදරෙන් ඉන්න තමන්ගේ ජිවීතේ ඉන්න මිනිස්සුන්ට ආදරණීය මතකයක් වෙන්න…
වචනයෙන් හරි අස්වැසිල්ලක් වෙන්න ජීවිතේ කෙටියි මනුස්සයෙක් විදිහට රැගෙන යාමට ඉතිරි එපමණයි !!

සුබ ගමන් සහෝදරයා

රවිදුගේ ලගින්ම ඇසුරු කල සගයන් ෆේස්බුක් එකේ දුක බෙදාගෙන තිබුනේ මේ ලෙසයි.

පුංචි කාලේ ඉදලම දැක්ක තැන හිනා වෙලා “අයියේ” කියලා කතා කරලා යන මල්ලී…ඇයි මෙච්චර කලින් නොඑන ගමනක් යන්න ගියේ? හීනෙකින් වත් හිතුවෙ නෑ ඔයාට නිවන් සුව ලැබේවා කියලා කියන්න වෙයි කියලා!!මතු උපදින ආත්මෙක මේ වගේ අකල් මරණයක් නම් සිද්ධ වෙන්න එපා….

එක මෙහොතක්, එක තත්පරයක් ඇති අපි මේ ගෙවන මුලු ජීවිතය ම වෙනස් වෙන්න. හමුවෙන හැම ජීවිතයක් ම අපි ලඟ නතර වෙන්නැ කවදාවත් ම.
බෙන්ටා ආයෙ ආත්මෙක අපි කොහෙදි හරි සෙට්වෙමු!එකම ඉස්කෝලෙක එකම පන්තියක ආයෙත් අපි එකට ම.ඉගෙන ගමු!සුභ ගමන් බෙන්ටා උඹට!

හිතාගන්න බැ රවියා..අපිට තවත් සහොදරයේක් වගේ යාලුවේක්. හිටිය .මේවැනි අකල් මරණ කිසිම කෙනෙක් ට සිදු වෙන්න නරකයි. . ඉනන තැනක උබ හොදින් ඉන්න ඔන .නිවන් සුව ලැබේවා.. රවියා

කෝච්චියක් පෙරලන්න හයියක් තිබ්බ එකෙක් උඹ,අද උඹ ඉන්න විදිය මම තාම විශ්වාස කරන්නේ නෑ.මගේ පොඩි නංගිව බඳිනකොට වැඩියෙන්ම සතුටු වුනේ මම.උඹ පට්ට පොරක්, මාර චරිතයක්.ඒක ගැන මේ පොස්ට් වල ලියන්න මට වචන නෑ බන්.මේ පෝස්ට් උඹ දකින්නේ නෑ, ඒත් උඹ ගැන ලියන්නම ඕන දවසක් අද.හෙට ගැන මට හරි බයක් තියෙන්නේ.මිනිස්සුන්ගේ හිත්වල තියෙන ගිනි කොහොම එලියට පිට වෙයිද කියලා ඇත්තටම මම හරි බයෙන් ඉන්නේ.ඉවසන් ඉන්න මමත් හෙට කෑලි කෑලි වලට කැඩිලා යයි කියලා බයයි.උඹ මාත් එක්ක හිටපු විදිය මට කවදාවත් ම අමතක වෙන්නේ නෑ.උඹ නෑ කියලා දැනෙනකොට පපුවට මාර බරයි බන්.පෝස්ට් 1000ක් දැම්මත් උඹ වෙනුවෙන් මට මදි බන්.ඉතින් සුභ ගමන් මස්සිනා.ආදරෙයි උඹට මං පැලෙන්න.

රවියා ආයේ එන්නකෝ ඉස්සර පිනිපායි මායි ඔයයි අපේ ගේ ඉස්සරහ ඉදන් ඔයාගේ කියවිල්ල අහනවා. මට විහිලු කරනවා. මට advice දුන්නා. මට දුර පේන්නෑ කිව්වම ඔයගෙ වචන ලැයිස්තු කියලා මට විහිලු කරා පොට්ටයි කියලා. එහෙම කිව්ව ඔයට කෝච්චිය පෙනුනෙ නැද්ද රවියා.අපි නුවර ගිය දවසේ මටත් මල් වට්ටියක් අරන් දීලා ඒ පිනම ඇති කිව්ව ඔයට නිවන් යන්න. රවියා එන්කෝ.මේ පිංතූරෙ ගන්න මගෙන් phone එක ඉල්ලන් සුරා අයියාට කිව්ව මෙකිගෙ කබල් phone මේ ලස්සන කොල්ලගෙ photo ගහපන් කියලා. Whatsapp chat දැක්කම පිස්සුයි රවියා.

මෙන්න බලන්න තවත් පුවත්