අප්‍රේල් මස විසි පස් වනදා පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙන බවත් එළඹෙන නොවැම්බර් මාසයේදී ජනාධිපතිවරණයක් පැවැත්වෙන බවත් දේශීය වෛද්‍ය ඇමති සිසිර ජයකොඩි මහතා පැවසීය.

දේශීය වෛද්‍ය රාජ්‍ය ඇමති සිසිර ජයකොඩි මහතාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක ගමින් ගමට සුවධරණී දීප ව්‍යාප්ත වෛද්‍ය සායන මාලාවේ සමාරම්භක උත්සවය පෑලියගොඩ ජයතිලකාරාම විහාරස්ථානයේදී 18 දා පැවති අවස්ථාවේදී ඇමතිවරයා මේ බව කියා සිටියේය.

එහිදී තවදුරටත් අදහස් පළ කරමින් රාජ්‍ය ඇමැතිවරයා මෙසේද කීය.

මේ වන විට පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂමේ මතය ඉදිරිපත් කරල තියෙනවා. රට පුරා පළාත් පාලන ආයතනවල සභිකයින් අට දහසක් පමණ ඉන්නවා. මේක රටට බරක් නිසා තමයි සීමා නිර්ණය කොමිසමක් පත් කරලා එම සභික ප්‍රමාණය අඩු කරන්න පියවර ගත්තෙ. එහි වාර්තාව ලැබුණු සැනින් ඉදිරි කටයුතු කරන්න සූදානම් .

ඒ කියන්නේ මැතිවරණය කල් දානවා කියන එක නෙමෙයි . අපි කිසිසේත්ම මැතිවරණ කල්දාන්නෙ නෑ. ප්‍රජාතන්ත්‍රවාදී රටක මැතිවරණ කල් දැමීම සුදුසු නැ. අපි හැකි ඉක්මනින් පළාත් පාලන මැතිවරණය පවත්වනවා. හැබැයි ලබන අප්‍රේල් විසිපස් වැනිදා පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන්නේ නැහැ .ලබන නොවැම්බර් මාසයේ දී ජනාධිපතිවරණය පැවැත්වෙන බව නම් කිව හැකියි.

ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න

පැරණි පුවත් – ලොතරැයි ජයග්‍රහණයෙන් පසු නෝනත් මාරු කරපු මහනුවර දෙදරු පියා

ලොතරැයි ජයග්‍රහණයෙන් පසු කරණවෑමියා බිරියගේ නැගණිය සමග හොර රහසේ පලාගිය පුවතක් මහනුවර ප්‍රදේශයෙන් වාර්තා වේ.

වාර්තා වන අන්දමට මහනුවර නගරයේ සිට කිලෝමීටර විස්සක් පමණ දුරින් පිහිටි ගලහ ප්‍රදේශයේ කරණවෑමියකු ලෙස සේවය කරන වයස අවුරුදු හතළිස් පහක පමණ වයසැති දෙදරු පියෙක් සෑම දිනකම විවිධ වර්ගයේ ලොතරැයි පත් මිල දී ගැනීමට හුරුවී සිටියේය.

පසුගිය දිනෙක ඔහු මිල දී ගත් ලොතරැයි පතකට රුපියල් ලක්ෂ දහයක දිනුමක් ලැබුණේ කිසිසේත්ම නොසිතූ අයුරිනි. ලොතරැයි ජයග්‍රහණයත් සමග ඔහුගේ නෑදෑ හිතවත්හු ඔහුගේ නිවෙසට පැමිණ ඔහුට සුබ පැතූහ.

එලෙස ඔහුට සුබ පැතීමට පැමිණි බිරියගේ නැගණිය හා ඇගේ දරු දෙදෙනා දින කිහිපයක් නිවෙසෙහි නතර වූයේ කරණවෑමියාගේ බිරියගේ පෙරැත්තෙනි.

පසුගිය දිනක උදෑසන නැගණියගේ දරුවන් දෙදෙනා නැගිට මව සොයමින් හඬා වැටීම නිසා කරණවෑමියාගේ බිරිය නිවස පුරා නැගණිය සොයා බැලු‍වත් නැගණිය නොසිටියාය. එබැවින් තම සැමියා හට ඒ බව ප්‍රකාශ කිරීම සඳහා සැමියා සොයා බලද්දී ඔහු ද නිවෙසේ නොසිටියේය. සිදුව ඇති දේ තේරුම් ගැනීමට ඇයට ගතවූයේ නිමේෂයකි.

බිරියගේ නැගණිය කරණවෑමියා සමග හොර රහසේ පලා ගොස් ඇත්තේ තවත් දරු දෙදෙනකුගේ බර ද බිරියට පටවමිනි.

මෙන්න බලන්න තවත් පුවත්