
පුෂ්පිකා ද සිල්වා කියන නම පසුගිය සමයේ ජාත්‍යන්තරය තුළ පවා දැඩි කතාබහට ලක්වූයේ ඇගේ කිරුළ ප්‍රසිද්ධියේ ගැලවූ සිදුවීමක් මුල් කරගනිමිනුයි.
එදා ඇගේ කිරුළ ගළවන්නට කටයුතු කළේ මිසිස් වර්ල්ඩ් කිරුළට හිමිකම් කියූ කැරොලයින් ජූරි විසින් වීම විශේෂයි.
කෙසේ හෝ වේවා මෙම ආන්දෝලනාත්මක සිදුවීමෙන් අනතුරුව මෙම කිරුළ පුෂ්පිකා සන්තක කරන්නට අදාළ පිරිස් කටයුතු කළා.
අනතුරුව “මිසිස් වර්ල්ඩ්” තරගය සඳහා ද පුෂ්පිකා ඉදිරිපත් වූවා.නමුත් ඇයට එහි දී ජයග්‍රහණයක් ලබාගත හැකි වූයේ නැහැ.
තම ජයග්‍රහණය චන්දිමාල් ජයසිංහ සහ රෝසි සේනානායක විසින් කුමන්ත්‍රණයක යෙදෙමින් අහිමි කළ බවටයි ඇය අනතුරුව චෝදනා කළේ.
කෙසේ වෙතත්, චන්දිමාල් ජයසිංහ මෙම චෝදනා තරයේ ම ප්‍රතික්ෂේප කරමින්, පුෂ්පිකාට ලබා දුන් “මිසිස් ශ්‍රී ලංකා” සන්නාමයද ඇයට අහිමි කරවන්නට කටයුතු කළා.
ඊට එරෙහිව නීතියේ පිහිට පැතූ පුෂ්පිකා පසුව නැවත වතාවක් එම කිරුළට හිමිකම් කියන්නට සමත් වුණා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් නැවත වතාවක් පුෂ්පිකා සිය සමාජ මාධ්‍ය ගිණුමට නවතම සටහනක් එක්කොට තිබෙනවා.
එම සටහනයි මේ…
ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරඟාවලියේ දී මට සිදු වූ අසාධාරණය සම්බන්ධයෙන් ගල්කිස්ස දිසා අධිකරණය විසින් එම තරගාවලියේ ජාතික සංවිධායක චන්දිමාල් ජයසිංහට එරෙහිව නිකුත් කර තිබු අතුරු තහනම් නියෝගයට එරෙහිව ඔහු විසින් බස්නාහිර පළාත් ගල්කිස්ස සිවිල් අභියාචනා අධිකරණයට ඉදිරිපත් කර තිබූ අභියාචනයට අවසර ඉල්ලීමේ ඉල්ලුම් පත්‍රය 2023 මාර්තු මස 10 වන දින බස්නාහිර පළාත් සිවිල් අභියාචනාධිකරණය විසින් අභියාචනයට අවසර නො දී මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභා කරන ලදී.
“…සැබෑ රැජිනක් යනු අනෙක් ගැහැනියගේ කිරුල උදුරන ගැහැනියක් නොව ඇයගේ කිරුළ රහසේ සකසන ගැහැනියකි. සියල්ලටම ඉහළින් ඇති සොබාදහම සහ දෙවියන් වහන්සේගේ ආශිර්වාදය සමඟ මම දිනෙන් දින තව තවත් ශක්තිමත් වෙමි.”
– පුෂ්පිකා ද සිල්වා
පැරණි පුවත් -ගෙදර අය එක්ක තරහා වෙලා ධාවනය වෙමින් තිබූ දුම්රිය නතර කිරීමට ගිය පුද්ගලයා
ධාවනය වෙමින් තිබු උඩරට මැණිකේ දුම්රිය නතර කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු දුම්රියේ ගැටි බරපතළ තුවාල ලබා තිබේ.
අද (18) පස්වරු 1ට පමණ මෙම අනතුර සිදුවී තිබුණේ රොසැල්ල සහ හැටන් දුම්රිය ස්ථාන දෙක අතර, හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදීය.
ඒ අවස්ථාවේදී අදාළ දුම්රිය කොළඹ සිට බදුල්ල දක්වා ධාවනයවෙමින් තිබුණි.
තුවාලකරුව දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇත.
නිවසේදී ඇතිවී තිබූ ආරවුලකින් පසු උරණ වී සිට ඇති එම පුද්ගලයා අධික බීමතින් දුම්රිය මාර්ගයට පැමිණ එලෙස ධාවනයවෙමින් තිබූ දුම්රිය නතර කිරීමට උත්සාහ ගෙන ඇති බව වාර්තා වෙයි.
වයස අවුරුදු 41ක් පමණ වන අදාළ පුද්ගලයා දුම්රියේ ගැටීමෙන් පසු විසිවී ගොස් තිබෙන අතර එහිදී බරපතළ තුවාල සිදුවී ඇත.
පසුව අදාළ පුද්ගලයාව එම දුම්රියෙන්ම හැටන් දුම්රිය ස්ථානය වෙත රැගෙනවිත් රෝහල්ගත කිරීමට කටයුතු කර තිබේ.
තුවාල ලැබු පුද්ගලයා හැටන් දික්ඔය පොඩයිස් වතුයායේ පදිංචිකරුවෙකු බව හැටන් පොලීසිය විසින් කරන ලද මූලික පරීක්ෂණවලදී අනාවරණය වී ඇත