
පෙරදාක සුසුමක් සිත රැඳී..””සායම් කිරිල්ලී..””බෝඩිමේ ගීතය” වැනි අතිශය ජනප්‍රිය ගී රැසක් ගැයූ ගායන ශිල්පී තීක්ෂණ අනුරාධ ව ඔබ හොඳින්ම දැන අඳුනනවා.
එදා තරුණ තරුණියන් වසඟයට ගත්ත තීක්ෂණ අද දරු පැටවුන් දෙන්නෙක්ගේ තාත්තා කෙනෙක්.
ඒ කියන ‘තාත්තාගේ භූමිකාව’ ගැන කියන්න ඔහු යූටියුබ් නාලිකාවක් එක්ක එකතු වෙලා හිටියා.
ඔබ නැති දවසක බිරිඳ වෙන විවාහයකට යනවට ඔබ කැමතිද ?
මම එයාට ඒක තීරණය කරන්න දෙනවා. මම කලින් මැරුණොත් එයා බඳිනවට මම කැමති. ගෑනියෙක් කියන කෙනා තනි වුණොත් පිරිමියෙක්ට එන්නම වෙනවානේ ගෙදරකට. මම නැති වුණොත් එයාට කතා හැදෙන ප්‍රවණාතාවය වැඩී. මම කැමති නෑ මගේ වයිෆ් එහෙම කතා අහනවට.
තීක්ෂණ දෙවැනි පාර විවාහ වෙයිද ?
මට එහෙම අවශ්‍ය නෑ කියලා මම හිතනවා. අපිට හැමදෙයක්ම කරගෙන තියෙන්නෙ. මට ශක්තිමත් පුතාලා දෙන්නෙක් ඉන්නවා. බිරිඳ නැති වුණොත් අමාරුයි. නමුත්.. මට ඒ අඩුව පුරවගන්න වෙන ගෑනියෙක් ඕනේ නෑ.
අනියම් සම්බන්ධතා ගැන තීක්ෂණගේ අදහස?
අනියම් සම්බධතා කියන්නෙ මිනිහෙක්ට ජීවිතේ වරදින්න පුලුවන් තැනක්. ඒ වගෙ දෙයක් ජීවිතේ ට ආවොත් සතුට කියන දේ අපෙන් ඈත් වෙනවා. ඒවා එන්නෙත් ඇරියස් නිසයි.
පැරණි පුවත් – අවුරුදු 12 දැරියක් 32 තරුණයකු සමඟ කැලෑ පැනලා
අවුරුදු 12ක වයසේ පසුවෙන පාසල් සිසුවියක්සමග වීරපුර ප්‍රදේශයේ කැලෑවක සිටි තිස් දෙහැවිරිදි පුද්ගලයකු සාලියවැව පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු සමඟ සිටි බාලවයස්කාර මෙම සිසුවිය ද පොලිස් බාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් 32 හැවිරිදි පුද්ගලයා ගිරිබාව ප්‍රදේශයේ පදිංචි අයෙකි.
මෙම සිසුවිය රාජාංගනය ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන බව පොලීසිය සඳහන් කරයි.
වීරපුර ප්‍රදේශයේ පිහිටි කැලෑවට ගිය පුද්ගලයකු බාලවයස්කාර දැරියක් සමග පිරිමි පුද්ගලයකු සිටිනවා දැක ඒ බව සාලියවැව පොලිසියට දැනුම් දී තිබේ.
සාලියවැව පොලීසියේ පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් කැලෑවට ගොස් සෝදිසි කර පිරිමි පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගෙන දැරියද පොලිස් භාරයට ගෙන ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
දැරිය පාසල අවසන් වීමෙන් පසු මෙම පුද්ගලයා සමග කැලෑ වැදී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග වලින් දැනගැනීමට ඇත.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
ලංකාදීප