
ඇන්තනී පවුලේ වැඩිමහල් පුතු අකිල ධනුද්දර ගැන ඔබට අමුතුවෙන් හඳුන්වාදෙන්න අවශ්‍ය නැහැ. සිනමාවේ වගේම ටෙලිනාට්‍ය තුළද තමන්ගේ දක්ෂතා පෙන්වූ අකිල ආදරණීය සැමියෙක් වගේම පියෙක්.
අකිල පසුගියදා ඔහුගේ තිස්තුන්වැනි උපන්දිනයද සැමරුවා.
අකිලගේ බිරිඳ ඇමැන්ඩාට මේ ළඟදි දොලදුකක් හැදිලා. ඒ වඩේ කන්න…
අකිල ධනුද්දර පසුගියදා ඇයගේ ඡායාරූපයක් සමාජ ජාලාවල සටහන් කරලා ඒ බව සඳහ්න් කරලා තිබුණා.
ඒමිට ආයිමත් බබෙක් ලැබෙන්නවත් ද?
ඒක දන්නේ ඉතින් එයාලම තමයි…
පැරණි පුවත් -මඩ වගුරේ ඔබලා, ඒක උඩින් ගොයම් පැළ හිටවලා – මහනුවර ගමක් කම්පා කරමින්, අවසන් ගමන් ගිය සුරූපිනියගේ ඝාතකයා ඒගල් සොයාගනී.මෙන්න අන්තිමට සිද්ධ වෙච්ච දේ
අලවතුගොඩ ඇල්ල කඩේ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි විවාහක කාන්තාවක ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන අලවතුගොඩ පොලිසිය සැකපිට යුද හමුදා සෙබළකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙම ඝාතනය 10 දා රාත්‍රියේ සිදුව ඇත.
ධනුෂිකා මධුවන්ති නමැති කාන්තාවගේ මළ සිරුර ඇගේ නිවස ආසන්නයේ පිහිටි කුඹුරක තිබී පෙරේදා (11) පෙරවරුවේ සොයාගෙන තිබේ.
ඝාතනය ලක්වූ කාන්තාවගේ මළ සිරුර කුඹුරේ මඩ තුළ ගිල්වා තිබූ බව පොලීසිය පවසයි. සිද්ධිය වූ දින රාත්‍රියේ තමන් මළ ගෙදරක ගිය බවත් පැය කිහිපයකට පසු යළි නිවස කරා පැමිණි අවස්ථාවේ බිරිඳ නිවසේ නොසිටි බවත් මියගිය කාන්තාවගේ සැමියා පොලිසියට පවසා තිබේ.
බිරිඳ නිවසේ නොමැති බවට සැමියා විසින් කළ පැමිණිල්ලත් සමඟ වහා ක්‍රියාත්මක වූ පොලිසිය ප්‍රදේශවාසීන්ගේ ද සහාය ඇතිව ප්‍රදේශයේ සිදුකළ සෝදිසි කිරීමකදී වෙල්යායේ තිබී මියගිය කාන්තාවගේ මළ සිරුර සොයාගෙන ඇත.
පොලිස් නිල සුනඛයෙකු යොදවා ප්‍රදේශයේ සිදුකළ සෝදිසි කිරීමකදී සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින යුද හමුදා සෙබළාගේ නිවසට නිල සුනඛයා ගොස් ඇත.
වැඩිදුර සිදු කළ ප්‍රශ්න කිරීම්වලින් පසු යුද හමුදා සෙබළා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
මියගිය කාන්තාව හා ඇගේ සැමියා අතර නිතර අඩදබර සිදුව තිබෙන බව බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.
ඝාතනයට ලක්වූ කාන්තාවගේ නිවස දෙසින් 10 දා රාත්‍රී කෑගැසීමක් ඇසුණු බව ප්‍රදේශවාසීහු පවසති.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් හමුදා සෙබළාගේ නිවස හා ඝාතනයට ලක්වූ කාන්තාවගේ නිවස අතර කිලෝමීටරයක පමණ
දුරක් තිබෙන බව පොලීසිය පවසයි. නිල සුනඛයා කිලෝමීටර් තුනක පමණ දුරක් ගෙවා අදාළ නිවසට ගිය බව පොලිසිය පවසයි.
මියගිය කාන්තාවගේ සැමියා වෙත ද පොලිසියේ සැකය එල්ල වී ඇත.
අත්අඩංගුවට ගත් 38 හැවිරිදි යුද හමුදා සෙබළා රාජකාරියේ යෙදී සිටියදී වෙඩි වැදීම හේතුවෙන් සැහැල්ලු රාජකාරි සඳහා යොමු කර සිටින
අයෙකි. ඔහු අවස්ථා ගණනාවකදී මියගිය කාන්තාවට අයුතු යෝජනා සිදු කර තිබෙන බවට තොරතුරු අනාවරණය වී ඇත.
අලවතුගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව ගුණතිලක මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ සිදු කෙරේ.
මහනුවර, අලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි රූමත් කාන්තාවක ඝාතනය කර සිරුර කුඹුරේ මඬේ ඔබා ඒ මතින් ගොයම් පැළ සිටුවන ලදැයි කියන හමුදා සෙබළා අත්අඩංගුවට ගැනීමට මඟපෑදුණේ ගොයම් පැළ දෙකක් ඉව කිරීමට දීමෙන් පසුව පොලිස් නිල සුනඛ ‘ඒගල්’ දුන් හෝඩුවාවක් මත බව මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසය පවසයි.
රූමත් කාන්තාව සිරුර මත ගොයම් පැළ සිටුවා තිබූ බව පරීක්ෂණවලින් හෙළිවීමෙන් පසුව එම ගොයම් පැළවලින් දෙකක් පොලිස් නිල සුනඛයාට ඉව කිරීමට සලස්වා ඇත ගොයම් පැළ දෙකට ඉව කළ පොලිස් නිල සුනඛයා මඩ ගොහොරු මැදින් කඳු හෙල් තරණය කරමින් කිලෝමීටර් හතරක පමණ දුෂ්කර ගමනක් ගොස් සැකකරුගේ නිවසට ඇතුළු වූ බව පොලිස් නිල සුනඛ කොට්ඨාසය වැඩිදුරටත් කියයි.
මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ පොලිස් කොස්තාපල් බී.ජී. ජයරත්න42320මහතා පොලිස් නිල සුනඛයා මෙහෙය වූයේය. එම කොට්ඨාසයේ උපපොලිස් පරීක්ෂක චන්ද්‍රවංශ පෙරේරා මහතා මෙහිදී අධීක්ෂණ නිලධාරී ලෙස කටයුතු කර ඇත. පොලිස් නිල සුනඛ ‘ඒගල්’ මෙහෙයවූ පොලිස් කොස්තාපල් බී.පී. ප්යරත්න මහතා සැකකරු කොටුකර ගැනීමේ මෙහෙයුම ක්‍රියාත්මක කළ ආකාරය සම්බන්ධයෙන් තොරතුරු හෙළිකරමින් මෙසේ පැවසීය.
“මෙම කාන්තාවගේසිරුර කුඹුරේ මඩ වගුරේ ඔබා ඒ මතින් ගොයම් පැළ සිටුවා තිබෙන බව අලවතුගොඩ පොලිසිය පරීක්ෂණ පවත්වා දැනුම් දී තිබුණා. ඒ අනුව ගොයම් පැළ දෙකකට පොලිස් නිල සුනඛයාට ඉව කිරීමට සැලැස්සුවා. ගොයම් පැළ දෙකට ඉව කළ පොලිස් නිල සුනඛයා මාවත් ඇදගෙන කුඹුරේ මඩ ගොහොරුවේ ඉදිරියටම ගමන් කළා. කුඹුරෙන් ගොඩ වූ පොලිස් නිල සුනඛයා මාවත් ඇදගෙන තේ වතු මැදින් කඳු පල්ලම් බසිමින් ඉතා දුෂ්කර ගමනක නිරතවෙමින් කිලෝමීටර් හතරක පමණ දුරක් ගෙවා නිවස පිහිටි ගෙවත්තට ඇතුළු වුණා. පසුව එම නිවස ඉදිරිපිට සිටි එක් පුද්ගලයකුට ඉව කළ පොලිස් නිල සුනඛයා නිවස වටා එක් වරක් කැරකී නිවස තුළට ඇතුළු වුණා. මාවත් ඇදගෙනම එම නිවසේ කාමරයකට ඇතුළු වී එහි තිබූ ඇඳට ඉව කර ඇඳ ළඟ බිම වාඩි වුණා”.
“අලවතුගොඩ පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් එම නිවසේ සිටි යුද හමුදාවේ සෙබළකු සැකපිට අත්අඩංගුවට ගනු ලැබුවා. එම සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ පොලිස් නිල සුනඛයා දුන් ඉව අනුවයි. පොලිස් නිල සුනඛයා ගෙවත්තට ඇතුළු වූ අවස්ථාවේ ඉව කළේත් මෙම සැකකරුට බව” ද ජයරත්න මහතා වැඩිදුරටත් ද කීය.
මෙම පොලිස් නිල සුනඛ ‘ඒගල්’ මීට පෙර අවස්ථා ගණනාවකදී ද අපරාධමය සිද්ධීන්වලට සම්බන්ධ සැකකරුවන් ගණනාවක් අත්අඩංගුවට ගැනීමට හෝඩුවාවන් සපයා ඇති දක්ෂ පොලිස් නිල සුනඛයකු බව මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසය කියයි.
එම පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාංචන ගොඩකුඹුර, එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ පොලිස් අධිකාරී අනුර දෙල්ගහපිටිය සහ එම කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන කොලුගල යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම මෙහෙයවීම ක්‍රියාත්මක කර ඇත. මෙසේ ඝාතනය කර ඇත්තේ අලවතුගොඩ, විලාන, පල්ලේගම, ඇල්ලේකඩේ ප්‍රදේශයේ පදිංචිව සිටි ධනුකා මධුවන්ති නමැති 26 හැවිරිදි විවාහක කාන්තාවකි.
ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය