කොග්ගල පොහොර ගබඩාව අසල දුම්රිය හරස් මාරගයේදි ඊයේ (16) දහවල් මෝටර් රථයක් දුම්රියේ හැපිමෙන් මෝටර් රථයේ ගමන් ගත් පිරිමි පුද්ගලයෙක් සහ කාන්තාවක් මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය සඳහන් කරනවා.

මියගොස් ඇති දෙදෙනා අහංගම වැල්හේන්ගොඩ පදිංචිකරුවන් බවත් කාන්තාව මෝටර් රථය පදවන ලද පුද්ගලයාගේ ඥාති කාන්තාවක් බවට හඳුනාගෙන ඇති බවත් පොලිසිය පැවසුවා.මිය ගිය පිරිමි පුද්ගලයා විශ්වවිද්‍යාල සිසුවෙක් බවත් වාර්තා වෙනවා. එක දරු පියෙක් බවත් සදහන් වෙනවා.

මියගිය කාන්තාවට ප්‍රතිකාර ලබා ගැනිම සඳහා ගාල්ලේ පුද්ගලික රෝහලකට පැමිණ ආපසු නිවසට යන අතර මාලු ගැනිම සඳහා දුම්රිය හරස් මාර්ගයෙන් පාර මාරුවෙමින් සිටියදි මහනුවර සිට බෙලිඅත්ත බලා ධාවනයවු සිඝ්‍රගාමි දුම්රියේ මෝටර් රථය හැපි ඇති බව සඳහන්.

දුම්රියේ හැපුන මෝටර් රථය මිටර් 400ක් පමණ ඉදිරියට ඇදි ගොස් කොග්ගල ගුවන් හමුදා කඳවුර අසල හරස් මාරගය අසල නතර වී තිබෙනවා.

දෙදෙනාම මෝටර් රථයේ හිරවි සිටි අතර ප්‍රදේශවාසින් විසින් මෝටර් රථය ඉවත්කර මළ සිරුරු පිටතට ගෙන තිබෙනවා.

පශ්චාත් මරණ පරික්ෂණ සඳහා මළ සිරුරු සවස කරාපිටිය රෝහල වෙත ගෙන යනු ලැබුවා.

පැරණි පුවත් -ඔහු තුන් වතාවක් දාල තිබුන නිසා තුන් වැනි පාර තමයි මම කැමති වුණේ – නුවන්දිකා සේනාරත්න

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ ජනප්‍රිය මෙන්ම සුරූපී සුන්දර ගායන ශිල්පිනියක් තමයි නුවන්දිකා සේනාරත්න කියලා කියන්නේ. ඒ වගේම දෙරණ ඩ්‍රීම් ස්ටාර් රියැලිටි වැඩසටහනේ ජනප්‍රිය තරුවක් වුනු ඇය ඉස්කෝලේ ටෙලි නාට්‍යයේ තේමා ගීතයෙන් ඉතාම ජනප්‍රිය වුණා කිවුවොත් හරියටම හරි. කොහොම නමුත් ඇය ගැන මේ දිනවල වැඩිපුරම කතා බහට ලක්වෙන්නේ ඇයගේ විවාහය නිසයි. ඉතින් ඒ ගැන වගේම ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරන්න පහුගිය දවසක පුවත්පතක් විසින් ඇයව කතා බහට එකතු කරගෙන තිබුණා.

ඉතින් ඇයගේ ආදරණීය සැමියාගේ නම තමයි ජයංග කෞෂල්‍ය. වෘත්තියෙන් ඔහු සොෆ්ට් වෙයාර් ඉංජිනියර් කෙනෙක්. ඒ වගේම අවුරුදු දෙකක ප්‍රේමයකින් පස්සේ මේ ආදරණීය යුවල පසුගියදා විවාහ වුනේ. ඉතින් ඔහු ඇයව මුලින්ම දැකලා තියෙන්නේ ටිවී එකේ සින්දු කියද්දී. ඊට පස්සේ ඔහු ෆේස්බුක් එකෙන් ඇයව කන්ටැක්ට් කරගන්න ට්‍රයි කරලා තියෙනවා. ඒ වගේම ඔහු තුන් වතාවක් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් දාල තිබුන නිසා තුන් වැනි පාර තමයිලු ඇය ඇක්සෙප්ට් කළේ.ඉතින් ඊට පස්සේ ඔහු ඇයගේ ඊමේල් එකේ ඩොමේන් එක අරන් වෙබ් සයිට් එකක් හදලා ඇයට එවලා තියෙනවා.

සාමාන්‍යයෙන් සමහරු ඩොමේන් අරන් ලොකු ගණන්වලට දෙන්න බලාගෙන ඉන්න නිසා ඇය හිතුවාලු ඔහුත් එහෙම කෙනෙක් කියලා. ඉතින් එහෙම තමයිලු මුලින්ම කතාබහ පටන් ගත්තේ. ඒ වගේම ඇයගේ උපන්දිනේට කලින් දවසේ ඔහු ඔහුගේ අයියත් එක්ක ඇයගේ ගෙදර හොයාගෙන ඇවිත් තියෙනවා. කොහොම නමුත් ඇය එදා කොළඹ ප්‍රෝග්‍රෑම් එකක හඉඳලා තියෙන්නේ. ඉතින් ඇය ගෙදර නැති බව දැනගෙන ඇය ඉන්න තැන හොයාගෙන ඔහු කොළඹ ඇවිත් තියෙනවා.

ඒ වගේම එදා තමයි ඇය ඔහුව මුලින්ම දැකලා තියෙන්නේ. ඉතින් එදා ඇයට හිතුණාලු මේ තමයි ඇය හොයපු රූපෙ කියලා. මොකද ඇය බලාපොරොත්තු වුණ රූපය ඔහුට තිබුණු නිසා. ඊට පස්සේ මාස 2ක් විතර කතා කරලා තමයි ඔවුන් වෙලා තියෙන්නේ. ඉතින් දන්නෙම නැතුව ඒක ආදරයක් බවට පත් වුන නිසා අවුරුදු දෙකකට පස්සේ විවාහ වුණා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

මෙන්න බලන්න තවත් පුවත්