අවුරුදු 12ක වයසේ පසුවෙන පාසල් සිසුවියක්සමග වීරපුර ප්‍රදේශයේ කැලෑවක සිටි තිස් දෙහැවිරිදි පුද්ගලයකු සාලියවැව පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

සැකකරු සමඟ සිටි බාලවයස්කාර මෙම සිසුවිය ද පොලිස් බාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් 32 හැවිරිදි පුද්ගලයා ගිරිබාව ප්‍රදේශයේ පදිංචි අයෙකි.

මෙම සිසුවිය රාජාංගනය ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන බව පොලීසිය සඳහන් කරයි.

වීරපුර ප්‍රදේශයේ පිහිටි කැලෑවට ගිය පුද්ගලයකු බාලවයස්කාර දැරියක් සමග පිරිමි පුද්ගලයකු සිටිනවා දැක ඒ බව සාලියවැව පොලිසියට දැනුම් දී තිබේ.

සාලියවැව පොලීසියේ පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් කැලෑවට ගොස් සෝදිසි කර පිරිමි පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගෙන දැරියද පොලිස් භාරයට ගෙන ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

දැරිය පාසල අවසන් වීමෙන් පසු මෙම පුද්ගලයා සමග කැලෑ වැදී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග වලින් දැනගැනීමට ඇත.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය
ලංකාදීප

පැරණි පුවත් – මට මේ වෙනකොට ආදර සම්බන්ධතා 4ක් තිබිලා තියෙනවා දැන් එකත් එක්ක, දැන්ම එයා ගැන කියන්න බෑ කසාද බදිනකම්

නිරූපන ශිල්පිනියක් විදියට වගේම රංගන ශිල්පිනියක් විදියට ක්ශේෂ්ත්‍රය තුල දකින්න ඉන්න නිහතමානී චරිතයක් තමයි ටීනා ශනෙල් කියන්නේ. ඇය විවිධ මියුසික් වීඩියෝ හරහා සරාගී විදියට ඇයට ආදරය කරන ප්‍රේක්ෂකයාට දැක බලා ගන්න පුලුවන්. ඉතින් ඒ වගේම රංගන ශිල්පිනියක් විදියටත් ටීනා මේ දිනවල පුංචි තිරය හරහා අපේ ආලින්දයට එනවා.

හිරු නාලිකාවේ සති අග විකාශය වෙන ‘සිහින ගෙනෙන කුමාරියේ’ ටෙලිනාට්‍යයේ දැක ගන්න ලැබෙන ටීනාව බාහිරින් කෙනෙක් දැකපු ගමන් ඇය විනිශ්චය කරන්න එපා කියලා තමයි ඇයනම් සදහන් කරන්නේ. ගොඩක් අය ඇයව දකින්නේ ක්ලබ් යන, බොන, ආඩම්බර කෙනෙක් කියලා හිතුවට ටීනා කියන්නේ ඇය හරිම සරල සාමාන්‍ය කෙනෙක් කියලයි.

ඉතින් ටීනා ශනෙල්ට මේ වන විට පෙම්වතෙක් ඉන්නවා. ඔහු ගැන දැන්ම ප්‍රේක්ෂකයන්ට කියන්න ඇය සූදානම් නැහැ. ඒ ගැන ඇය එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

” මට දැන් පෙම්වතෙක් ඉන්නවා. මම කිසිම තැනක ඒක හංගලා නෑ. නමුත් මට ඒ කෙනා ගැන දැන්ම කියන්න බෑ මොකද දැනට අපේ අදහස් ගැලපුනාට ඉදිරියේදී මොනවා වෙයිද දන්නෙ නෑනේ. ඒ නිසා කසාද බැන්දම තමයි කියන්නේ. මට ඉදලා තියෙනවා බටහිර පන්නයේ විදියට ජීවත් වෙන බෝයි කෙනෙක්. එයා ක්ලබ් යන මට බොන්න කියන, බීල කරදර කරන කෙනෙක්. මම හිතන්නේ එහෙම කෙනෙක් මට ආදරේ නෑ කියලයි.

මට දැන් කෙනත් එක ආදර සබදතා 4ක් තිබිලා තියෙනවා. මේකවත් විවාහයෙන් කෙලවර වෙයි. මේ හතර තිබුණේ එකම කාලෙකදි නෙමෙයි. නැත්නම් මිනිස්සු හිතයි හතරම එක ළග තිබ්බද කියලා.’’

මේ විදියටයි ටීනා ශනෙල් අදහස් දක්වලා තිබුණේ. ඉතින් ඇගේ ඉදිරි ජීවිතයට අපිත් සුබ ප්‍රාර්ථනා එක් කරන්නෙමු.

මෙන්න බලන්න තවත් පුවත්