
“මිනිස්සු කසාඳ බඳින්නෙ සතුටින් ඉන්න.ඒ වගේම තමයි කෙල්ලෙක් නම් ආසයි එයා පරිස්සම් කරන් හිටපු දෙයක් එදාට ඒ අයිති කෙනාට අත් දෙකම එකතු කරලා දෙන්න. මමත් එහෙම කෙල්ලෙක්..මටත් තිබුණා ගොඩක් ආසාවල්..”මේ කතාව කියන කෙල්ල ඉන්නෙ දකුණු රටේ.ඇගේ ඒ කතාව අමානුෂිකද ? නැත්තම් දරුණු වැඩිද ?එහෙම නැත්තම් අවුල් සහගතද ?නැත්තම් ඔයාලා කියන විදිහට චාටර්ද ? කියලා ඔයාලම තීරණය කරන්න..
“මම බැන්දේ පෝසත්ම මනුස්සයෙක්ව. එයාගේ නම ලංකාවෙ ගොඩක් අය දන්නවා. ස්පෙශලී එයා ගොඩක් හිට් චරිතයක්. යූටියුබ් ඉන්ටවීව් පවා දීලා තියෙනවා.මම වුණත් ආස කළේ සැපපහසු ජීවිතයක්නේ. බොරුවට කියන්න වුවමනා නෑනේ මම නිකන් ලුණුයි බතුයි කන්න ආසාවෙන් බැන්දේ නෑ. හැම කෙල්ලටම වගේ මටත් හීන තිබ්බා..”
“ඒ නිසාමයි හස්බන් පෝසත් කෙනෙක් කිව්වම මම ඒ ප්‍රපෝසල් එකට දෙපාරක් නොහිතාම කැමති වුණේ.හස්බනුයි මායි මැරි කරන්න කලින් ගොඩක් තැන්වල ඇවිද්දා. ට්‍රිප් එහෙම ගියා. හැබැයි අපි සීමාවෙම හිටියා.එයා කිව්වෙ හැම සීමාවක්ම අවසන් වෙන්නෙ අපේ හනිමූන් දවසේ කියලයි.. ඉතින් ඒ දවසට ආසාවෙන් මම ඇඟිලි ගැන ගැන හිටියා.”
“පස්සෙ දවසක් ආයෙම හස්බන් කිව්වා,ඔයාට ලොකු රහසක් කියන්න තියනවා බබා,ඒක කියන්නෙ හනිමූන් එක දවසේ කියලත් කිව්වා.දැන් මටත් තවත් ඉවසුම් නෑ. කොහොම හරි ඒ දවස ආවා.දන්නවද ඒ රහස මොකද්ද කියලා..”
“එයාට කවදාවත් මා එක්ක සම්බන්ධකමක් පවත්වන්න බැරිලූ. එයා දුර්වලයිලූ. එයාට කරන්න පුළුවන් එකම දේ මගේ ශරීරය බලාගෙන තෘප්තිමත් වෙන්න විතරයි.මට මාර අවුල් ඒක ඇහුවම. ඇත්තමයි වමනෙට ආවා. මම කුනුහරප පවා කිය කිය මගේ හස්බන්ට බැන්නා. අන්තිමට ඩිවෝස් එක පවා ඉල්ලුවා. ඒත් එයා වචනයක් නොකියා ඇඬුවා විතරයි.”
“එයා ඒකට බය වෙලයි හිටියේ. නමුත් මම පස්සෙ එයාට තේරුම් අරන්, අපි ඩොක්ටර්ස්ලාව හම්බෙන්න ගියා.එයාව යොමු කළා ප්‍රතිකාරවලට. පුංචි කාලේ සිද්ධ වෙච්ච අතවරයක් නිසා එයා මානසික විදිහට කඩන් වැටිලයි හිටියේ. ඒක එයාට ලොකුවටම බලපාලා තිබුණා..”
“මම කියන්නෙ හැම කෙනෙක්ගෙම දුර්වලකම් තියෙන්න පුළුවන්. ඒත් මම එදා හස්බන්ව අතෑරියේ නෑ. එයා එක්ක ම හිටියා. අදටත් එයා තමයි මට හොඳම හස්බන්..”
පැරණි පුවත් – ඒ මිනිහා අපේ හනිමුන් එක විනාස කළා. හබී ලයිට් නිව්වා විතරයි මතක.එකපාරම කවුදෝ එකෙක්- මධුසමය දා යුවළක් හපුතලේ හෝටලයක මුහුණ දුන් ඛේදනීය සිදුවීම
“කෙල්ලෙක්ගේ ලස්සනම දවස තමයි ඒක..එදාට කෙල්ලෙක් මඟ බලාගෙන ඉන්නෙ.මාත් එහෙම හීන දැක්ක කෙනෙක්.ඒත් මට ලස්සන හනිමූන් එකක් උරුම වුණේ නෑ..”
මේ කතාව කිව්වෙ කෙල්ලෙක්.එයාට දැන් අවුරුදු 25ක්.ජීවිතේ ලස්සනම දවසක් අවලස්සන වුණු හැටි එයා කියන්නෙ මෙහෙම…
“අපේ වෙඩින් එක ගත්තෙ බණ්ඩාරවෙල.හනිමූන් එක තිබ්බෙ හපුතලේ හොටෙල් එකක්.මේ හොටෙල් එක සෙට් කළේ හබීගෙම යාලුවෙක්.අපි හුඟක් ආසාවෙන් හිටියේ ඒ වෙලාව එනකන්..”
“හොටෙල් එකට ගියත් අමුත්තක් දැණුනේ නෑ.අපි දෙන්නම රූම් එකට ගිහින් ලයිට් නිව්වා.එතකොට ම මොකක් හරි සද්දයක් ඇහුණා.මම වැඩි අවධානයක් නොදී ඇස් පියාගෙනම හිටියා.මෙන්න එකපාරම කවුදෝ එකෙක් අපි අතරින් දිවුවා..”
“මම කෑ ගැහුවා දෙවනත් වෙන්න. හබී පැනලා අරූව අල්ලගත්තා. එයාට මළපැන්න පාර ඒ පොරට ගැහුවා නිල් වෙන්නම. පස්සෙ තමා අපි සිද්ධිය
දැනගත්තෙ. මේ කොල්ලා අපේ හනිමූන් එක හොරෙන් ෂූට් කරන්න තමා ඇවිත් තියෙන්නෙ. එතන පොඩි හිඩැසක් තියෙනවා, සඳලුතලයත් එක්ක.
එතන හැංඟිලා ශේප් එකේ ෂූට් කරන්න හැදුවේ..”
“වැඩේ කියන්නෙ අපේ වාසනාවට මුගේ ෆෝන්එක රිංග් යන්න අරන් මූ ඒකට බයේ පැනලා තියෙන්නෙ. හස්බන් අල්ලගත්තෙ හොඳ වෙලාවට. ඌ මෙතනම වැඩ කරන එකෙක්. හොඳම දේ තමා මේ වැඩේට හස්බන්ගේ යාලුවත් සම්බන්ධයිලූ. පස්සෙ අපි මේ ගැන පොලිසියත් දැනුවත් කළා..”
“මෙයාලා මෙහෙම ෂූට් කරලා ඒ වීඩියෝ ඉන්ටනෙට් දානවලූ. ඒවට මාර ඉල්ලුමක් තියෙනවලූ..”
“මට අදටත් මතක් වෙනකොට ඒ දවස ඇඟ හිරිවැටිලා යනවා..”